Friday, January 16, 2026

පුෂ්ප මකරන්දය මාගේ

පුෂ්ප මකරන්දය මාගේ
බෘංග මදිරා රස ඕගේ

බොන්න තව මන්ද ප්‍රමාදේ

වෑහේ රසේ 


බෘංග හිමි හංස විමානේ

පුෂ්ප රන් රේණු ගුලාවේ

බැන්ද කිංකිණි අනුරාගේ

වෑහේ රසේ 


පුෂ්ප මකරන්දය මාගේ 


ම්ම්ම්...ම්ම්  ම්ම්ම් ම්..

ම්ම්ම්...ම්ම්  ම්ම්ම් ම්..


සුවඳ හමන දිගන්තේ

ප්‍රේම මධුර වසන්තේ

මල් පීදුණ කැදැල්ලේ

කෝකිලයකු තුරුල්ලේ 


ම්ම්ම්...ම්ම්  ම්ම්ම් ම්..

ම්ම්ම්...ම්ම්  ම්ම්ම් ම්..


ලියලන ආදර සෙනේ

ලොව සුවදායක කළේ

රන් මිණි මුතු වැල් තියේ

මගෙ හිත ගිය මාළිගේ 


පුෂ්ප මකරන්දය මාගේ

බෘංග මදිරා රස ඕගේ

බොන්න තව මන්ද ප්‍රමාදේ

වෑහේ රසේ 


බෘංග හිමි හංස විමානේ

පුෂ්ප රන් රේණු ගුලාවේ

බැන්ද කිංකිණි අනුරාගේ

වෑහේ රසේ 


පුෂ්ප මකරන්දය මාගේ


ගායනය - සුජාතා අත්තනායක සමග නාරද දිසාසේකර

පද - නිහාල් ඒ. ජයසිංහ

තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න

සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න


1966 දී තිරගතවූ "සිහින හතක්" චිත්‍රපටියේ ගීයකි.

මේ ගීයේ රූප රාම වල රඟපෑවේ සන්ධ්‍යා කුමාරි සමග ටෝනි රණසිංහ




ගීතයේ සිනමා රූප රාමු


No comments: