ගජ මුතු හර පරදා සිනා සේ
සුරතුර වැනි සුහදා සිනාසේ
සුර ලොව සුරඟන එබි එබි බලලා
ගජ මුතු හර පරදා සිනාසේ
සුර ලොව සුර පුතු එබි එබි බලලා
සුරතුර වැනි සුහදා සිනාසේ
අද සුර සේනා පෙළහර පානා
දැකලද පෙම් රැළි අපේ මේ
තරු මැද පුරසඳ මග හෙළි කරලා
සුරතුර වැනි සුහදා සිනාසේ
සුර ලොව සුරඟන එබි එබි බලලා
ගජ මුතු හර පරදා සිනාසේ
අසනිය මල් පිපුනා සේ
තරු පායන හැටි ආකාසේ ...//
පයට පහසු ලෙස පාවඩ දාලා
මිහිදුම් සළු දස දේසේ (හා ....//
වෙහෙස නිවාලා සිසිල මවාලා
සැලි සැලි පාවේවී වලාකුල්
විදුලිය
වැදි වැදි
දිලිසෙනු දැකලා
ගජ මුතු හර පරදා සිනාසේ
සුර ලොව සුරඟන එබි එබි බලලා
ගජ මුතු හර පරදා සිනාසේ
සුර ලොව සුර පුතු එබි එබි බලලා
සුරතුර වැනි සුහදා සිනාසේ
ගායනය - ක්ලැරිස් ද සිල්වා සමග මාක් ඇන්ටනී
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
1959 දී තිරගතවූ "පුරුෂ රත්නය" චිත්‍රපටියේ ගීයකි.
