Showing posts with label ස්වර්ණ ශ්‍රී බණ්ඩාර. Show all posts
Showing posts with label ස්වර්ණ ශ්‍රී බණ්ඩාර. Show all posts

Thursday, July 30, 2020

ටිකිරිලියා ටිකිරිලියා

ටිකිරිලියා ටිකිරිලියා මොකද පැරදිලා
අඬලා හැපිලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා

ටිකිරිලියා ටිකිරිලියා මොකද පැරදිලා
අඬලා හැපිලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා
නටමු අපී හා හූ කියා //

උඩු පිලයෝ ගියෝ ගියෝ
තෝර කැලේ ගියෝ ගියෝ
යටි පිලයෝ ගියෝ ගියෝ
හඳුන් කැලේ බලා ගියෝ ....//

නටා දිනා හිනා නඟා අපේ පිලේ මල් හිනා //

හුරේ දමා ඉපිල ගියත් සතුට ඉතිරිලා
දිනලා නටලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා
නටමු අපී හා හූ කියා //

උඹයි මමයි යාළු පණේ
කිරියි පැණියි වාගෙ අනේ ....//

උඹ නැති දාට පණේ
මං ඉඳලා මොටද අනේ

රෝසා රෝසා අපේ පිලයි දිනන්නේ //

මෙදා තමයි පන්දු කෙළියෙ අගේ ඔබට දැනෙන්නේ //

ටිකිරිලියා ටිකිරිලියා මොකද පැරදිලා
අඬලා හැපිලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා
නටමු අපී හා හූ කියා //

ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා පෙරේරා ඇතුළු පිරිස
පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - පී.වී. නන්දසිරි

1968 දී තිරගතවූ "පිනි බිඳු" චිත්‍රපටියේ ගීයකි.
(තැටිගත ගීයක් නැති නිසා මෙහි ඉදිරිපත්කොට ඇත්තේ සිනමා පටයෙන් උකහා ගත් ගීයයි. කඩතොළු ඇත. ශ්‍රවන ගුණය යහපත් නැත.)



Song - Tikiriliya Tikiriliya
Singers - H.R. Jothipala & Sujatha Perera (Sujatha Attanayaka)
Lyricist - Swarna Sri Bandara
Composer - P.V. Nandasiri
Movie - Pini Bindu 1968

Monday, June 8, 2020

දොවන තරම් බුරුලු පුරා


දොවන තරම් බුරුලු පුරා කිරි ගෙන දෙඤ්ඤං
කියන දුරක් බර පටවං කුර ගාටන්නම්
පරඬැල් කොළ උලා කකා බඩ පුරවඤ්ඤං
මසට නොදෙන්නට ඔය පිටි පතුළ ඉඹින්නම්

පුරු ඇඳගත් නළල වටේ පබළු වැල බැඳන්
කර ගැහිච්ච බෙල්ල වටේ ගෙජ්ජි වැල බැඳන්
උඹයි මමයි හාද වෙලා ගියපු සුබ ගමන්
හිතට එනව මසට නොදෙන් පතුළ ඉඹින්නම්

දොවන තරම් බුරුලු පුරා කිරි ගෙන දෙඤ්ඤං
කියන දුරක් බර පටවං කුර ගාටන්නම්
පරඬැල් කොළ උලා කකා බඩ පුරවඤ්ඤං
මසට නොදෙන්නට ඔය පිටි පතුළ ඉඹින්නම්

මං අඬද්දි බඩගින්නට උඹත් හැඬු හැඬුම්
අපෙ අම්මගෙ කන වැටිලා උඹට දුන් කිරෙන්
සංසාරෙන් එතෙර වෙලා උන්දැ ගිය ගමන්
උඹත් යමං පින් සිදුවෙයි මසට නොදෙන් මං

දොවන තරම් බුරුලු පුරා කිරි ගෙන දෙඤ්ඤං
කියන දුරක් බර පටවං කුර ගාටන්නම්
පරඬැල් කොළ උලා කකා බඩ පුරවඤ්ඤං
මසට නොදෙන්නට ඔය පිටි පතුළ ඉඹින්නම් //

ගායනය - නිර්මලා රණතුංග සමග සුනිල් එදිරිසිංහ
පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - එච්.එම්. ජයවර්ධන

Thursday, December 29, 2016

ප්‍රභාවතී

මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

සිනා සිසී දෝතින් යහන තැනූ ලියේ
මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ
මටම නොවයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නාඬන් කුමාරියේ

මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුණු ලියේ
මල් සුවඳකට බැඳි වරලස ඉණුව ලියේ
පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ
කරපු පවට නාඬන් දේවතාවියේ

මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - විශාරද ගුණදාස කපුගේ

Tuesday, September 13, 2016

ඔබ රූ සිරියෙන්

ඔබ රූ සිරියෙන් මන් මත් වී මම
නොකළෙමි අනුවණකම්
මුළාවුණී ඔබ
මුළා නොවෙමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක ..//
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් මන් මත් වී මම
නොකළෙමි අනුවණකම්
මුළාවුණී ඔබ
මුළා නොවෙමි මම
මනමේ කුමාරියේ

හැඩි දැඩි අප හට හුරුවූ වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන් ...//
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් මන් මත් වී මම
නොකළෙමි අනුවණකම්
මුළාවුණී ඔබ
මුළා නොවෙමි මම
මනමේ කුමාරියේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

Monday, April 27, 2015

ආශා දෑසින් දකිනා සිහිනේ

ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා

ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුළ තෙරපෙනවා ..//

ආ මඟ දෑලේ පිපි මල් කර වී
නෑ ඵල හට ගන්නේ

සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳ
උන්මය රිදවන්නේ ..//

තණ්හා දෑතින් පැතුමේ වරපට
ගිලිහී බිම වැටිලා
දෛවයෙ ගොනු ඇද ජීවන ගැල ගෙන
ආ මඟ දිග යනවා

ඈත අතීතයෙ සිහින මැදින් යළි
ජීවනයට යනවා ...//

ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා

ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුළ තෙරපෙනවා ..//

ගායනය - දේවානන්ද වෛද්‍යසේකර
පද රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - දේවානන්ද වෛද්‍යසේකර
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව

1965 දී තිරගතවූ "සාමා" චිත්‍රපටියේ ගීයකි. මෙම චිත්‍රපටියේ පසුබිම් සංගීතය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගේ වුව ගීයේ තනුව දේවානන්ද වෛද්‍යසේකර‍ ගේය.

Saturday, April 4, 2015

දෑතේ එල්ලී

දෑතේ එල්ලී
මියුරු කතා කී
සුරතල් දෝණියනි
කාලයෙ රිය සක
මහළු මගෙන් ඔබ ඈතට ගෙන යන්නේ ...//

බොළඳ මියුරු බස් සවන් නිවාලූ
කැකුළු සිනා රස සිත සනහාලූ ...//
අතීත සිහිනය බොඳවී දියවී
ඈතට පාවෙන්නේ//

දෑතේ එල්ලී
මියුරු කතා කී
සුරතල් දෝණියනි
කාලයෙ රිය සක
මහළු මගෙන් ඔබ ඈතට ගෙන යන්නේ

පරපුර වදන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළවූ සිත පිනවූ...//
මතක වළාවෙන් නොපෙනෙන ඈතට
වැලිබත පාවෙන්නේ //

දෑතේ එල්ලී
මියුරු කතා කී
සුරතල් දෝණියනි
කාලයෙ රිය සක
මහළු මගෙන් ඔබ ඈතට ගෙන යන්නේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව