Thursday, July 30, 2020

ටිකිරිලියා ටිකිරිලියා

ටිකිරිලියා ටිකිරිලියා මොකද පැරදිලා
අඬලා හැපිලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා

ටිකිරිලියා ටිකිරිලියා මොකද පැරදිලා
අඬලා හැපිලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා
නටමු අපී හා හූ කියා //

උඩු පිලයෝ ගියෝ ගියෝ
තෝර කැලේ ගියෝ ගියෝ
යටි පිලයෝ ගියෝ ගියෝ
හඳුන් කැලේ බලා ගියෝ ....//

නටා දිනා හිනා නඟා අපේ පිලේ මල් හිනා //

හුරේ දමා ඉපිල ගියත් සතුට ඉතිරිලා
දිනලා නටලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා
නටමු අපී හා හූ කියා //

උඹයි මමයි යාළු පණේ
කිරියි පැණියි වාගෙ අනේ ....//

උඹ නැති දාට පණේ
මං ඉඳලා මොටද අනේ

රෝසා රෝසා අපේ පිලයි දිනන්නේ //

මෙදා තමයි පන්දු කෙළියෙ අගේ ඔබට දැනෙන්නේ //

ටිකිරිලියා ටිකිරිලියා මොකද පැරදිලා
අඬලා හැපිලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා
නටමු අපී හා හූ කියා //

ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා පෙරේරා ඇතුළු පිරිස
පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - පී.වී. නන්දසිරි

1968 දී තිරගතවූ "පිනි බිඳු" චිත්‍රපටියේ ගීයකි.
(තැටිගත ගීයක් නැති නිසා මෙහි ඉදිරිපත්කොට ඇත්තේ සිනමා පටයෙන් උකහා ගත් ගීයයි. කඩතොළු ඇත. ශ්‍රවන ගුණය යහපත් නැත.)



Song - Tikiriliya Tikiriliya
Singers - H.R. Jothipala & Sujatha Perera (Sujatha Attanayaka)
Lyricist - Swarna Sri Bandara
Composer - P.V. Nandasiri
Movie - Pini Bindu 1968

No comments: