Thursday, July 30, 2020

ආ මුහුදු වෙරළ දිගේ

ආ මුහුදු වෙරළ දිගේ
වෙළෙන රැල්ල වගේ

ආ මුහුදු වෙරළ දිගේ
වෙළෙන රැල්ල වගේ

ආදරේ ආදරේ
ආදරේ සාගරේ ....//
ඈත අහසේ මායිමේ //

ආ මුහුදු වෙරළ දිගේ
වෙළෙන රැල්ල වගේ

ගීතයක් වී ජීවිතේ
සිහිනයක් සේ සාගරේ ...//

ළං වෙනා ආදරේ
ජීවිතේ මේ සාගරේ ...//

ආ එපිට දියඹ දිගේ
නිසල ඔරුව වගේ ...//

සාගරේ සාගරේ
සාගරේ අපෙ ආදරේ ...//

ඈගෙ ආශා මා වුණා
මාගෙ ආශා ඈ වුණා

සෝකයක් නෑ ජීවිතේ
තේරුමක් නෑ සෝකයේ ...//

සාගරයයි ජීවිතේ
වාසනාවේ සාගරේ ....//

ආ මුහුදු වෙරළ දිගේ
වෙළෙන රැල්ල වගේ ....////

ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා පෙරේරා සහ පිරිස
පද - හෙන්රි ධර්මසේන
තනුව - පී.වී. නන්දසිරි

1968 දී තිරගතවූ "පිනි බිඳු" චිත්‍රපටියේ ගීයකි.



Song - Aa Muhudu Werala Dige
Singers - H.R. Jothipala & Sujatha Perera (Sujatha Attanayaka)
Lyricist - Henry Dharnasena
Composer - P.V. Nandasiri
Movie - Pini Bindu 1968

No comments: