Showing posts with label නෙවිල් ප්‍රනාන්දු. Show all posts
Showing posts with label නෙවිල් ප්‍රනාන්දු. Show all posts

Thursday, August 1, 2019

මාස්ටර් සර්



පණම් අටෙන් මට වැඩි කර දුන්න
හැකි වුණත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟෙ නේ
නිම වෙන්නට කල් ගතවෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වෙවිදෝ

මට මතක් වෙනව සුද්දා තැළූ පෙළූ හැටී
අපි කතා කළේ පණ ගැහි ගැහි දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟෙ නේ
නිම වෙන්නට කල් ගතවෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වෙවිදෝ
එදා දවස උදා වෙවිදෝ
එදා දවස උදා වෙවිදෝ

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - කරුණාරත්න අබේසේකර
තනුව - නිමල් මෙන්ඩිස්
1975 දී තිරගතවූ කළු දිය දහර චිත්‍රපටියේ ගීයකි.
මෙම ගීය ම නෙවිල් ප්‍රනාන්දු විසින් ගයන අවස්ථාවක් ද 
චිත්‍රපටියේ ඇතුළත්ය.

මේ ගීය චිත්‍රපටි නිෂ්පාදනයට ටික කලකට ඉහතදී නිමල් මෙණ්ඩිස් විසින් ලියන ලද ගීයකි. නිමල් මෙණ්ඩිස් එය රචනා කර තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. සිංහල ගීය රචනා කළේ කරුණාරත්න අබේසේකරයන්ය.

ඒ සියලු ගී මෙසේ පෙළ ගසමි.

1. නීලා වික්‍රමසිංහ ගයන ගීය (චිත්‍රපටියේ මුල් ගීය නොවේ)



2. නෙවිල් ප්‍රනාන්දු චිත්‍රපටියේ ගැයූ ගීය

3. නිමල් මෙණ්ඩිස් විසින් ඉංග්‍රීසි බසින් ලියා ගැයූ ගීය

ඉංග්‍රීසි ගීයේ පද

There's a long long way for us to go
Before this tug of war and never end
When that day will be I don't know
Master Sir when can I call you friend

The ten Cents more you have promised to pay me
Will buy my child an extra bowl of rice
But Master Sir I have my Dignity
Master Sir treat me kind and nice

There's a long long way for us to go
Before this tug of war and never end
When that day will be I don't know
Master Sir when can I call you friend

Once again a servant came and told me
That's soon one day my life will reach it's fine
But Master Sir I have my Dignity
I ask you now to hang me no more lies

There's a long long way for us to go
Before this tug of war and never end
When that day will be I don't know
Master Sir when can I call you friend

Master Sir when can I call you friend


මේ ගීයේ අතීත කතාව මෙසේයි.

නිමල් මෙණ්ඩිස් ටික කාලයක් එංගලන්තයේ හිටියෙ. ඔහු අත මිට හොයා ගත්තෙ සමාජ ශාලාවක පියානෝ වාදනය කරල. රෑ අන්තිම බස් එකේ නවාතැනට යන්න පුරුදු වෙලා සිටි ඔහුට එක් දිනක් බස් එක මඟහැරුණා.
පයින්ම නවාතැනට එන අතරතුර ඔහුට සිදුවුණා අනපේක්ෂිත සිදුවීකට මුහුණ දෙන්න. එංගලන්තයේ එවකට වර්ණ භේද වාදය තදින් තිබුණා. නිමල් ගෙ කළු හමයි ඔහුට එදා අවාසනාව ගෙනාවෙ. ඔහු කල්ලියක පහර දීම් වලට ලක්වුණා. මේ සිදුවීම ඔහු තුළ දැඩි කම්පනයක් ඇති කළා. ඔහු එංගලන්තය දාලා ආයෙම ලංකාවට ආවා.
ඒ ඇවිත් නෝටන්බ්‍රිජ් ආශ්‍රිතව වත්තක් මිලට ගෙන ඒ වත්ත කරගෙන හිටියා. වත්තෙ කම්කරුවන්ගෙ ජීවිත ඔහුගෙ හැඟීම් සලිත කළා. අර පෙරදා එංගලන්තයේ ඔහු අත්දුටු වර්ණ භේදවාදය තුළ පීඩිත ජනයා වින්ද කම්කටොලු ඔහුගෙ මතකයේ නිතර හොල්මන් කළා.
මේ සියල්ලෙහි ඵලයක් ලෙස තමයි ඔහු වෙතින් ප්‍රස්තුථ ගීය ලියැවෙන්නෙ.

පස්සෙ කාලෙක මණික් සන්දරසාගර "කළු දිය දහර" චිත්‍රපටියට නිමල් සංගීත අධ්‍යක්ෂක ලෙස තෝරා ගන්නවා. ඔහු ලියා ගයා තිබූ "මාස්ටර් සර්" ගීය කරුණාරත්න අබේසේකරයන් ලවා සිංහලෙන් රචනා කරගෙන "පණම් අටෙන්" යන ගීය සිනමා කෘතියට ඇතුළත් කර ගන්නවා.

Saturday, June 8, 2019

ලොස් කබෙයියෙරෝස් (බොහෝ දෙනා දන්නා ලෙස, ලොස් කැබලරෝස්) තෙවන අඩුක්කුව

තෙවන අඩුක්කුව ....

ලොස් කබෙයියෙරෝස් නිම් වළල්ල සිනමා කෘතිය දක්වා ආ ගමන ගැන මා කතා කළා. එයින් පස්සෙ මොකද වුණේ?

1964 දි, එතෙක් අනුන්ගෙ ගීත ගයමින් සිටි ලොස් කබෙයියෙරෝස් වෙත ඒ ගීත වල අයිතිකරුවන් වෙතින් විරෝධතා එල්ල වීම නිසා, ඔවුන් තමන්ගේ ගීයක් නිර්මානය කරන්නට පෙළඹුණු බවත්, ඒ අනුව "මල් බර හිමිදිරියේ" ගීය නිර්මාණය වූ බවත් මීට ඉහත දී සඳහන් කළා.

මේ කාලයේම නොයෙල් රණසිංහ ප්‍රමුඛ ලා සිලෝනියන්ස් කණ්ඩාමටත් පෙර සඳහන් කළ උවමනාවම, එනම් තමන්ගේ වන සිංහල ගී නිර්මානය කර ගායනා කිරීමේ ඕනෑකම තිබුණා. එහි පළමු ඵලය වුණෙ, "එක්සත් වී බේද නසා" නම් ගීය. තවමත් නිශ්චිතව ප්‍රකාෂ කළ නොහැක්කේ පළමුවන සිංහල කණ්ඩායම් ගීතය ලා සිලෝනියන්ස් නිර්මානය කළ මේ ගීය ද නොඑසේ නම් ලොස් කබෙයියෙරෝස්ලාගේ "මල් බර හිමිදිරියේ" ගීයද යන්නයි.

එ් අතර 1960 න් පසුව කණ්ඩායම් රැසක් එක පෙළට බිහිවෙන්න ගත්තා. ඒ ඒ කණ්ඩායම් වල කැපී පෙනුණු කාරණා මත මේ කණ්ඩායම් රසිකයන්ගෙ හිත් වල ලැගුම් ගත්තා. කොහොමවුණත් හතු පිපෙන්නා වාගෙ බිහිවුණ සංගීත කණ්ඩායම් රැසක් නිසා, අර කලින් එකකට දෙකකට ඒකරාශී වෙලා තිබුණ ජන ප්‍රසාදය බෙදී යන්න පටන් ගත්තා.

1970 දී නිම් වළල්ල චිත්‍රපටිය තිරගතවුණා. එම චත්‍රපටියට මූලික පියවර තැබුණේ 1967 දී බව මා මීට ඉහත පවසා සිටියා. ඉතින් "නිම් වළල්ල" සිනමා කෘතියට "ලොස් කබෙයියෙරෝස්" එකතුවුණෙ 1968 හෝ 1969 වෙන්න ඕනෑ. ඉන් පසුව ලොස් කබෙයියෙරෝස් මොනවද කළේ?

තිස්ස අබේසේකරයන් "කලාමැදිරියෝ" නමින් සිනමා කෘතියක වැඩ ආරම්භ කරල තිබුණා. එහෙත් කුමක් හෝ හේතුවක් නිසා එම චිත්‍රපටියේ නිෂ්පාදන කටයුතු නැවතුණා. සංගීත කණ්ඩායමක් වටා ගෙතුණු කතාවකින් යුත් එම චිත්‍රපටියේ සංගීතය අධ්‍යක්ෂණය පැවරුණේ නෙවිල් ප්‍රනාන්දු වෙත. චිත්‍රපටියට ගීත තුනක් පටිගත කළ බව වාර්තා වෙතත්, වැඩිමනත් තොරතුරු නැහැ.

සොයාගෙන යද්දි මට එක් ගීයක් හමුවුණා ටිකක් විශේෂ වූ. ලොස් කබෙයියෙරෝස් කණ්ඩායම ගැයූ බොහොමයක් ගී ඔවුන්ම ලියා ඔවුන්ම සංගීත නිර්මාණය කරන ලද ඒවා. මං මේ කියන ගීයේ පද රචනය ප්‍රශස්ථ මට්ටමක තියෙන එකක්. එය කවර හෝ ප්‍රවීනයකු විසින් රචනා කළ එකක් බව හොඳින්ම ඒත්තු යනවා. රහස් දූත නම් වූ චිත්‍රපටියකටත් ලොස් කබෙයියෙරෝස් සංගීතය අධ්‍යක්ෂණය කළා නෙ. එහි වූයේ රුක්මනී දේවි ගැයූ ගීයක්. මම මේ කියන ගීය අර තිස්ස අබේසේකරයන් ට කර ගන්න බැරුව අතහැර දමනු ලැබූ චිත්‍රපටියේ ගීයක් බව තහවුරු වුණා.

අතීතයේ උණු අළු පල්ලේ
මතක මැදින් ගිනි පුපුරු නැගේ
දහසක් රැහැනින් හද මිදුවත් මා
නොමැකෙන පියගැට පෙළක් පෙනේ

විය සිදුරින් පෑදී පෙනෙනා
අහසේ සඳ පිලුනුයි
සාර කපක් ගෙවුණත් ආයේ
පායන සඳ පිලුනුයි

පස් ඉඳුරන් දාහේ දැවෙනා
දැහැනේ රස නොරැඳෙයි
මාර ළඳුන් රැඟුවත් ආයේ
මා හද නම් නොපිපෙයි

අතීතයේ උණු අළු පල්ලේ
මතක මැදින් ගිනි පුපුරු නැගේ
දහසක් රැහැනින් හද මිදුවත් මා
නොමැකෙන පියගැටෙ පෙළක් පෙනේ ////.

ගායනය - නෙවිල් ප්‍රනාන්දු
පද - ?
තනුව - නෙවිල් ප්‍රනාන්දු
නිෂ්පාදන කටයුතු සම්පූර්ණ නොවීම හේතුවෙන් ප්‍රදර්ශනය කිරීමට නොහැකිවූ  "කලාමැදිරියෝ" චිත්‍රපටියේ ගීයකි.


නෙවිල් මංගල සාද වැනි තැන්වල ගායනයට ඉදිරිපත් වීමට නොකැමැත්තක් පෙන්වූ අයෙක්. ලොස් කබෙයියෙරෝස් කණ්ඩායමේ අනෙක් සාමාජිකයින් ගේ විශේෂ හැකියාවන් ගැන සඳහනකුත් නෑ. නෙවිල් ගේ පෞද්ගලික ජීවිතය ගැනත් විවිධ වූ කතා පැවතුණා. ඉතින් නෙවිල් යම් ජීවිත අරගලයක සිටියා නම්, එය ප්‍රබලවම ලොස් කබෙයියෙරෝස් කණ්ඩායමට බලපෑවා විය යුතුයි.

නෙවිල් කළු දිය දහර චිත්‍රපටියට ගායනා කළ පණම් අටෙන් මට වැඩි කර දුන්න (මාස්ටර් සර්) ගීය, ඔහු නමින් සනිටුහන් වන අවසන් සංගීත දායකත්වය. "කළු දිය දහර" තිරගතවුණේ 1975 නොවැම්බර් 28 වැනිදා. ඒ වන විටත් නෙවිල් ප්‍රනාන්දු දිවි ගමන නිමා කොට හමාරයි. නෙවිල් මියගියේ 1975 අප්‍රේල් 23 වැනිදා. ලියුකේමියා රෝගයෙන් ඔහු මිය යන විට ඔහු පසුවුණේ 38 වන වියේ. ඉතා කෙටි ආයුසක් වින්දත්, ඒ කෙටි කාලයේ ඔහු සංගීත රසකාමී හදවත් වල දිගු සටහනක් තබා තිබුණා.


සමුදුරු දේවී
ඔබ ලහි ලහියේ කොහෙද දුවන්නේ

සමුදුරු දේවී
ඔබ ලහි ලහියේ කොහෙද දුවන්නේ
නැද්ද ළඳේ ගතට ඔබේ විඩා දැනෙන්නේ
රහසක් ඇත පවසන්නට පොඩියක් ඉන්නේ
නැත්තෙ ඇයිද නැතිවද ඔබෙ හිත ඉඩදෙන්නේ ......//

සාගර කුමරියගේ රඟ දෙන ළැම පෙදෙසේ
ගැටී හමයි සිසිල් සුළං මා සිත සැනසේ ....//

සිත තුළ රස හැඟුමන් ඔබ හට පවසන සේ
හද පොරකයි දුව එන්නට ඔබ පසුපස්සේ //

සමුදුරු දේවී
ඔබ ලහි ලහියේ කොහෙද දුවන්නේ
නැද්ද ළඳේ ගතට ඔබේ විඩා දැනෙන්නේ
රහසක් ඇත පවසන්නට පොඩියක් ඉන්නේ
නැත්තෙ ඇයිද නැතිවද ඔබෙ හිත ඉඩදෙන්නේ
නැත්තෙ ඇයිද නැතිවද ඔබෙ හිත ඉඩදෙන්නේ

ජීවිතයක ඇති පාළුව නැති කරගන්න
එනවද සොඳුරියෙ මොහොතක් මා සනසන්න ....//

අද දින නොම හැකිනම් රස බස් මුමුණන්න
යළි ඔබ හෙට පැමිණෙනවද මා මෙහි ඉන්න //

සමුදුරු දේවී
ඔබ ලහි ලහියේ කොහෙද දුවන්නේ
නැද්ද ළඳේ ගතට ඔබේ විඩා දැනෙන්නේ
රහසක් ඇත පවසන්නට පොඩියක් ඉන්නේ
නැත්තෙ ඇයිද නැතිවද ඔබෙ හිත ඉඩදෙන්නේ
නැත්තෙ ඇයිද නැතිවද ඔබෙ හිත ඉඩදෙන්නේ

සමුදුරු දේවී ඕ හෝ....ප

ගායනය - ලොස් කබෙයියෙරෝස්
පද හා තනුව - ලොස් කබෙයියෙරෝස්




ඕලු නෙළුම් කෙකටිය පිපිලා (ලස්සනයි)
මාළු රෑන මල් විලෙ පිරිලා (පියකරුයි)
ඈත අහසෙ හිරු දෙවි නැඟි (මෑත දසත හිරු රැස් කඳ)
විහිද විහිද නටන විලාසේ (සුන්දරයි)

ඕලු නෙළුම් කෙකටිය පිපිලා (ලස්සනයි මනහරයි )
මාළු රෑන මල් විලෙ පිරිලා (සිත්කළුයි පියකරුයි)
ඈත අහසෙ හිරු දෙවි නැඟි මෑත දසත හිරු රැස් කඳ
විහිද විහිද නටන විලාසේ (සුන්දරයි)

රැල්ල නගී අහස උසට සුනිල් ජලාසේ
රැල්ල නගී අහස උසට සුනිල් ජලාසේ
එන්න බලා ඔරුව අපේ පැදෙන විලාසේ
එන්න බලා ඔරුව අපේ පැදෙන විලාසේ

එගොඩ ගොඩේ ඉවුර බලාලා
පදිමු පදිමු රැල්ල කපාලා

එගොඩ ගොඩේ ඉවුර බලාලා
පදිමු පදිමු රැල්ල කපාලා

සඳුන් කඳෙන් ඔරුව සදාලා (හරි හැඩයි)
නෙළුම් මලෙන් එය සරසාලා
සිහින් සිනිඳු රුවල් නඟා
සිසිල් සුළං හමන දිහා
පදිමු පදිමු රැල්ල කපාලා

සඳුන් කඳෙන් ඔරුව සදාලා (නෙත් පිනයි)
නෙළුම් මලෙන් එය සරසාලා
සිහින් සිනිඳු රුවල් නඟා
සිසිල් සුළං හමන දිහා
පදිමු පදිමු රැල්ල කපාලා

රැල්ල නගී අහස උසට සුනිල් ජලාසේ
රැල්ල නගී අහස උසට සුනිල් ජලාසේ
එන්න බලා ඔරුව අපේ පැදෙන විලාසේ
එන්න බලා ඔරුව අපේ පැදෙන විලාසේ

එගොඩ ගොඩේ ඉවුර බලාලා
පදිමු පදිමු රැල්ල කපාලා

එගොඩ ගොඩේ ඉවුර බලාලා
පදිමු පදිමු රැල්ල කපාලා

පදිමු පදිමු රැල්ල කපාලා
පදිමු පදිමු රැල්ල කපාලා
පදිමු පදිමු රැල්ල කපාලා
පදිමු පදිමු රැල්ල කපාලා (ආ.. ආආ.. ආ..

ගායනය - ලොස් කබෙයියෙරෝස්
පද හා තනුව - ලොස් කබෙයියෙරෝස්
(මේ ගීයේ පද රචනය ශ්‍රවනය වන ආකාරයෙනි. මට එහි බොහෝ තැන් වල ප්‍රශ්නාර්ථ ඇත. එම තැන් නිල් වර්ණයෙන් උපුටා දක්වා ඇත. එක්ඇ තැනක ඇසෙන්නේ මාළු රෑන මල් වල පිරිලා ලෙසයි. ???)



හිරු දෙවිඳා කිමිදේ මුහුදේ
සුන්දර සන්ධ්‍යාවේ
හිරු දෙවිඳා කිමිදේ මුහුදේ
අඹරේ අවර කොණේ

රන්වන් පාට වලා දිලිසේ
සුන්දර මේ සන්ධ්‍යාවේ ...//

සීතල ජල ධාරාවෝ
ගී ගයමින් ගංගාවේ
ගලා යන්නේ මිහිරේ
ගලා යන්නේ
ගලා යන්නේ
නෑවී චන්ද්‍රාලෝකේ

සීතල ජල ධාරාවෝ
ගී ගයමින් ගංගාවේ
ගලා යන්නේ මිහිරේ
ගලා යන්නේ
ගලා යන්නේ
නෑවී චන්ද්‍රාලෝකේ

හිරු දෙවිඳා කිමිදේ මුහුදේ
අඹරේ අවර කොණේ
රන්වන් පාට වලා දිලිසේ
සුන්දර මේ සන්ධ්‍යාවේ

කෝකිල ගීතේ රාවේ
ඈත ඇසේ කඳුකරයේ
පාවී යන හැටි පුළුන් වලා
නිසංසලේ නිල් ගුවනේ .....//

අරලිය මල් සුවඳ උරා
එන සීතල සුළඟ හමා ....//

රන් තරු බැබලේ
නිල්වන් අහසේ
නෙක් ආරා දහර මවා

හිරු දෙවිඳා කිමිදේ මුහුදේ
අඹරේ අවර කොණේ
රන්වන් පාට වලා දිලිසේ
සුන්දර මේ සන්ධ්‍යාවේ

ගායනය - රුක්මනී දේවි සමග ලොස් කබෙයියෙරෝස්
පද - ලොස් කබෙයියෙරෝස්
නාද සිත්තම - නෙවිල් ප්‍රනාන්දු



කලින් පිටුවට (දෙවන අඩුක්කුව)

Sunday, June 2, 2019

ලොස් කබෙයියෙරෝස් (බොහෝ දෙනා දන්නා ලෙස, ලොස් කැබලරෝස්) දෙවන අඩුක්කුව

ලොස් කබෙයියෙරෝස් (බොහෝ දෙනා දන්නා ලෙස, ලොස් කැබලරෝස්) 2 වන අඩුක්කුව

ආ මඟ ......

පෙර හමුවේදී සඳහන් කළා, ලොස් කබෙයියෙරෝස් ඉපදුණු හැටි.
නෙවිල්ගෙ සිත්හී, "ෆර්නෑන්ඩො ට්‍රියෝ"  (Fernando Trio) අතහැර වෙනත් කණ්ඩායමක් හදන්න ඕනෑය කියන වස්තු බීජය උපදින්නෙ 1960 දි. ඒත් මේ නව කණ්ඩායමේ උපත සිදුවුණේ 1961 මැයි මාසයේ.

කණ්ඩායමට ඇතුළත් වුණා.....

නෙවිල් ප්‍රනාන්දු, හැරල්ඩ් පෙරේරා, ඇනස්ලි පෙරේරා, එමිල් ප්‍රනාන්දු හා
ලෙස්ටර් ප්‍රනාන්දු යන අය.

කණ්ඩායමේ නම, ස්පාඤ්ඤ නමක්. ඒ නම "Los Cabelleros".
Los - The යන අරුත (පුරුෂ ලිංග බහු වචන අව්‍ය පදයකි)
Cabelleros - අශ්වාරෝහක යන අරුත

එවිට,
Los Cabelleros - අශ්වාරෝහකයෝ

ඉංග්‍රීසි අකුරු දිහා බලලා උච්චාරණය කළොත්, "ලොස් කැබලරෝස්" විදිහට තමයි කියවෙන්නෙ. ඒත් ll (එල් අකුරු දෙකක් එකට) ආ කල, ස්පාඤ්ඤ බසට අනුව එය "අයි" හඬ ලෙසයි කියැවෙන්නෙ. එනම් සැබෑ උච්චාරණය "ලොස් කබෙයියෙරෝස්". තවමත් බොහෝ දෙනා කියන්නෙ "ලොස් කැබලරෝස්" කියල.

දිගු දුර දුම්රිය වල මගීන්ට ආහාරපාන ලබා දෙන සේවයක් තියෙනවානෙ. ඒකට වෙන් කෙරුණු මැදිරියේ සඳහන් වෙන්නෙ "Buffet" කියල. පැරණි ප්‍රංශ බසින් ආ වචනයක්. ඕකත් මෙලෝ හසරක් නැතුව කියනව "බෆට්" එක කියල. නෑ ඒක "බුෆේ".
අපි මෙහෙම පටලවා ගත්ත තැන් අනන්තයි.
අපට හොඳ පොහොසත් බසක් තියෙනව. සමහර දේ එනම් අපේ සංස්කෘතියට බාහිරෙන් ආව දේවලදි, ඒ ආව තැන අනුව විදෙස් වචනයකින් කියන්න අපි පුරුදු වෙනව. School - ස්කූල් - ඉස්කෝලෙ වෙලා තියෙනව. අපට ඒ අරුත සිංහල වචනයකින් කියන්න පුළුවන් නම් වෙනත් වචන අවශ්‍යද ? පාසල කියල වචනයක් තියෙනවානෙ.
කොහොමවුනත් පිටින් ගන්නා දෙයක් භාවිතා කරන විට, එහි අරුත දැන වැහැරීම කළ යුතුයි.

නෙවිල් තම කණ්ඩායමට නම තිබ්බෙ "Los Cabelleros" කියල. ඒක ඔහුගෙ කැමැත්ත. ඔහු ස්පාඤ්ඤ සංගීතයට බොහෝ කැමති, ඒ ඇසුරු කළ ස්පාඤ්ඤ ගී ගැයූ කෙනෙක්. කණ්ඩායම පිහිටුවලා ඔවුන් ස්පාඤ්ඤ ගී ගැයුවා. ඒ නිසා "Los Cabelleros" නම ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. එය උසුරුවපු ආකාරයයි වැරදි.

හැබැයි බොහෝ කාලයක්, තවමත්, කියන්නෙ ලොස් කැබලරෝස් කියල. නෙවිල් පවා මේ වැරැද්ද හදන්න උත්සුක වුණේ නෑ කියල, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවා කියනවා. මේ ගැන දිග යාං හෑල්ලක් ලියන්න හිතුවෙ නෑ. යමක් ගෙන හැර දක්වන්න උවමනාවක් තිබ්බ නිසා මේ ටික ලියවුණා.

(චීනෙවත් නැති තරම් චයිනීස් ආපනශාලා අපේ රටේ තියෙනව නෙ?
ඒ වයෙ තියෙනව "ෆ්‍රයිඩ් රයිස්". මෙලෝ වගේ වගක් නැති පිරිසක් මෙතනට ඇවිල්ල ඉල්ලනව මට "රයිස්" එකක් දෙන්න කියල. දැන් මේක සමාජ ගතවෙලා "ෆ්‍රයිඩ් රයිස්" රයිස් වෙලා. අවධානයටයි..... කිව්වෙ.)

ඉතින් හරි පීල්ලට වැටෙමුකෝ.
ආරම්භයේදි "Los Cabelleros" කණ්ඩායම ගායනා කළේ ස්පාඤ්ඤ, ඉංග්‍රීසි හා වෙනත් බටහිර ගීත.

සාද හා  හෝටල වල එයාලා, බටහිර පන්නයට නැඹුරු සිංහල ගී කිහිපයක්, මුල් ගීයට ටිකක් වෙනස් ඌරුවකට ගැයුවා. මේ වෙනස ඔවුන් ගී ගැයූ සමාජ තලය විසින් වැළඳ ගත්තා. නැත්නම් නැගල ගියා. හැබැයි ප්‍රබුද්ධ යැයි පිළිගත් තැන ඊට පිළිගැනීමක් ලැබුණෙ නැහැ. සිංහල ගී ගයන්න ආරාධනා ලැබුනට මේ කණ්ඩායම් ගැයුවේ අනුන්ගේ ගීත.
ඉතින්, නෙවිල්ටත් හිතිල තිබුණා ඔවුන්ගේම සිංහල ගීයක් කියන්න. (ලා සිලෝනියන්ස් නායක නොයෙල් රණසිංහට ත් මේ ඕනෑකම ඒ විදියටම තිබුණා.)
මේ විදියට "මල් බර හිමිදිරියේ ගීය" එළි දැක්කා කියල මීට කලින් සටහන් කළා. ඊට පස්සෙ ගැයූ ගී කිහිපයකුත් ඉදිරිපත් කළා.

දැන් දෙවන අඩුක්කුවට .....

නෙවිල් ප්‍රනාන්දු සතු කුසලතාවන් බොහෝ විට ඇගයීමට ලක්වුණා. ඒ අනුව මෙතෙක්  ලොස් කබෙයියෙරෝස් ආ මඟ ට මල් වැටෙන්න පටන් ගත්තා. අද එතැන් සිට ......

සංගීතය විෂයක් ලෙස ද හදාරා අන් අයට ද ගුරුහරුකම් දෙන සුජාතා අත්තනායක වැනි ප්‍රවීනයන් ද නෙවිල් ගේ කෞශල්‍යතා අගයමින් ඔහු ලවා තනු නිර්මානය කර ගැනීමට ද පෙළඹී සිටියහ.
(උදාහරණයක්)

මේ සුජාතා එලෙස නිර්මානය කර ගනු ලැබූ ගීයක්.

මංගල කසී සළූ
මාලා
දෑතේ රන් වළලූ .....//
හැඳ පැළඳ මා
සියා ඔබගේ
අතිනත ගත් දිනයේ
අතිනත ගත් දිනයේ

ජීවනගීය ලොවේ මියුරූ
සවනට නොදී සැලේ

ජීවනගීය ලොවේ මියුරූ
සවනට නොදී සැලේ

සියොතුන්ගේ ගීතේ මා ඇසුවා //

මංගල කසී සළූ
මාලා
දෑතේ රන් වළලූ
හැඳ පැළඳ මා
සියා ඔබගේ
අතිනත ගත් දිනයේ
අතිනත ගත් දිනයේ

මල්සර මිණි බුබුලූ දිලිසේ
සිහිනෙන් නොදුටු රැයේ

මල්සර මිණි බුබුලූ දිලිසේ
සිහිනෙන් නොදුටු රැයේ

මල්සර මිණි බුබුලූ දිලිසේ
සිහිනෙන් නොදුටු රැයේ

නීල තරු පොකුරූ මා දුටුවා //

මංගල කසී සළූ
මාලා
දෑතේ රන් වළලූ
හැඳ පැළඳ මා
සියා ඔබගේ
අතිනත ගත් දිනයේ ඒ ඒ......

අතිනත ගත් දිනයේ ඒ ඒ...... ////.

ගායනය - සුජාතා අත්තනායක
පද - සුනිල් ආර්. ගමගේ
තනුව - නෙවිල් ප්‍රනාන්දු


ලොස් කබෙයියෙරෝස් ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය ....

ලොස් කබෙයියෙරෝස් 1964 න් ඇරඹූ සිංහල ගී ගායනය, වසර දෙකක් වැනි කෙටි කාලයකදී බොහෝ දෙනා අතර මහත් ජනප්‍රියත්වයක් අත්කර ගත්තා පමණක් නොව, ප්‍රවීනයන්ගේ ද සිත් ඇද බැඳගත් බවට ඉහත ගීතය මනාවූ නිදසුනකි.

ලොස් කබෙයියෙරෝස් කණ්ඩායම ඒ වන විට ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් තුළ යම් ලකුණක් හදාගෙන තිබුණි. එය මනාව වටහා ගත්, ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා වේදියා නෙවිල් ඇතුළු පිරිසට තම සිනමා කෘතියට එක්ව ගීයක් ඉදිරිපත් කරන්නට ඇරයුම් කරයි. 
අමරදේවයන් ද, ලොස් කබෙයියෙරෝස් ලකුණ, නෙවිල් ඇතුළු කණ්ඩායමේ ගමන් මඟ හා ඔවුන් ගේ ඇඟේ ඇති සංගීතය හොඳින් කියවා අධ්‍යනය කර තිබූ බව, මේ ගීතයේ තනුවෙන් ද, නාද සංකලනයෙන් හා යොදා ගෙන ඇති සංගීත භාණ්ඩ ආදියෙන් ද මනාව පසක් වේ.

ඉදින් නෙවිල් ද, අමරදේවයන්ගේ මේ ගී නිර්මානයට මහත් අභිරුචියකින් එක්වූවාට සැකයක් නැත. "දෙලොවක් අතර" චිත්‍රපටියට ලොස් කබෙයියෙරෝස් කණ්ඩායම "ගයන ගැයුම් නටන නැටුම්" ගායනය ඉදිරිපත් කරමින් පෙනී සිටියේය. එය ඔවුන්ගේ ප්‍රථම සිනමා සම්ප්‍රාප්තියයි.

ගයන ගැයුම්
නටන නැටුම්
ඉවත හෙළයි
සෝක සුසුම් .....//

නිදන ලොවෙන් දවස උදාවී
සිහින මැදින් සතුට සිනාසේ
නුරා දෙතොල් පුරා එයින්
සුරා බඳුන් පුරා දෙමින්

ගයන ගැයුම්
නටන නැටුම්
ඉවත හළෙයි
සෝක සුසුම්

හිරු ඇහැරී බලන වෙලාවේ
පෙණ බුබුලේ සතුට නිමාවේ
හෙට උදයේ
හිරු එළියේ
සිහින ලොවේ
සැපත නිවේ

ගයන ගැයුම්
නටන නැටුම්
ඉවත හෙළයි
සෝක සුසුම්

ගයන ගැයුම් (ආ....
නටන නැටුම් (ආ....
ඉවත හළෙයි (ආ....
සෝක සුසුම්

මන්ද රැඳෙනු තවත්
මෙන්න උදය ඇවිත්
නින්ද නොලබන අන්ධ අඳුරෙන්
කැන්දු විදුලිය මෙන්

ගයන ගැයුම්
නටන නැටුම්
ඉවත හළෙයි
සෝක සුසුම් .....///.

ගායනය - ලොස් කබෙයියෙරෝස්
පද - මහගම සේකර
තනුව හා නාද සිත්තම - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
1966 වසරේදී තිරගතවූ "දෙලොවක් අතර" සිනමා කෘතියට නිර්මානය වූ ගීයකි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ ගීය කෙරහි අතිශය පැහැදුණු බව සැක හැර ම කිව හැක්කේ, එතුමන්ගේ ඊළඟ සිනමා කෘතිය වූ "රන්සළු" සඳහාද ගීයක් ඉදිරිපත් කිරීමටද නෙවිල් ට කළ ආරාධනය නිසාය.


බඳුන් පිරී ඉතිරෙන මී
ලඳුන ළවන් පුරා
නැගෙන ගීතේ ‍රැඟුම කෙරේ
අවර බිඟුන් නුරා

සැන්දෑ වලා පෙළින් මිදී
පහන් සිලේ ‍රැඳී

පාන මියුරු ලීලා

පාන මියුරු ලීලා
මැවේ ‍රැඟුම් අපේ

ගීත නළු කලා පෙරපර යා නොදී බැඳී //
සිතුම් පැතුම් මැදුම් මඟෙහී
‍රැඳී රසින් වැඩී

නෑර සිතු නොලා තම සතු ආර සුරකිමී //
දිගන්තයන් සෙයින් වෙන්වී සදා පෙමින් රැඳී

බඳුන් පිරී ඉතිරෙන මී
ලඳුන ළවන් පුරා
නැගෙන ගීතේ ‍රැඟුම කෙරේ
අවර බිඟුන් නුරා

ගායනය - නෙවිල් ප්‍රනාන්දු
පද රචනය - බී.ටී. මෙන්ඩිස්
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

1967 දී තිරගත වූ "රන්සළු" සිනමා සිත්තමට  නෙවිල් ප්‍රනාන්දු මේ ගීය ගැයුවේ, ලොස් කබෙයියෙරෝස් ලෙස නොව ඒකල ගායනයක් ලෙසිනි.

එය හොඳ තත්වයකින් සංරක්ෂණය වී නොමැත.


පසු කලෙක පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන්, නිරෝෂා විරාජිනී හා සමග මේ ගීය ගැයූ අයුරු



1969 තිරගතවූ "පැංචා", ද්‍රවිඪ චිත්‍රපටියක් ඇසුරෙන් නිෂ්පාදිත වාණිජ චිත්‍රපටියක්. එම චිත්‍රපටියේද ලොස් කබෙයියෙරෝස් කණ්ඩායම ගීයක් ගයන දර්ශනයකට පෙනී සිටියා.

ලස්සණ ලෝකෙට පා ඔසවාලා
හණමිටි හැරමිටි පැත්තක දාලා
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා

මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා

බොළඳ සිතුම් ඉවතට යයි
වෙළඳ පැතුම් අහකට වෙයි ...//
හදවතේ පහන් සිළුවේ
ඔබ නැළවෙයි ඔබ නැළවෙයි සදංගනී
හදවතේ පහන් සිළුවේ
ඔබ නැළවෙයි ඔබ නැළවෙයි සදංගනී

ලස්සණ ලෝකෙට පා ඔසවාලා
හණමිටි හැරමිටි පැත්තක දාලා
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා

මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා

සිලිටි දෙතොල් හිතට නැඟෙයි
දිගටි දෙනෙත් පියා සලයි .....//
හදවතේ යහන් මළුවේ
ඔබ සැතපෙයි ඔබ සැතපෙයි සදංගනී
හදවතේ යහන් මළුවේ
ඔබ සැතපෙයි ඔබ සැතපෙයි සදංගනී

සිලිටි දෙතොල් (ආ...
හිතට නැඟෙයි (හිතට නැඟෙයි හිතට නැඟෙයි
දිගටි දෙනෙත්  (ආ...
පියා සලයි (පියා සලයි පියා සලයි  
හදවතේ යහන් මළුවේ
ඔබ සැතපෙයි ඔබ සැතපෙයි සදංගනී
හදවතේ යහන් මළුවේ
ඔබ සැතපෙයි ඔබ සැතපෙයි සදංගනී

ලස්සණ ලෝකෙට පා ඔසවාලා
හණමිටි හැරමිටි පැත්තක දාලා
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා

මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා

මිදි උයනේ ඉමු චුට්ටක් වේලා ...

හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා ....

ගායනය - ලොස් කබෙයියෙරෝස්
පද - ඔගස්ටස් විනයාගරත්නම්
තනුව - නෙවිල් ප්‍රනාන්දු

1969 දී තිරගතවූ "පැංචා" චිත්‍රපටියේ ගීයකි. මේ ගීය පමණක්, චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කළ ටී.එෆ්. ලතීෆ් ගෙන් බැහැරව නෙවිල් විසින් නිර්මානය කරන්නට යෙදුණි.

1970 දී තිරගතවූ "නිම්වළල්ල" චිත්‍රපටිය සඳහා මූලික පියවර තැබුණේ රංජිත් ලාල් ඇතුළු මිතුරු කැළ ආනන්දයේ උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටින අවධියේමයි (1967 දී). එහි එක් ගීයක් සී.ටී. ප්‍රනාන්දු විසින් ගායනා විය. ඒ "නිසයුරු මුතුළැල්" නම් ගීයයි. ඊට අමතරව තවත් ගීයක් සඳහා රංජිත් ලාල් ඇතුළු මිතුරු සමාගමයේ තෝරා ගැනීම වූයේ   නෙවිල් ප්‍රමුඛ ලොස්කබෙයියෙරෝස් කණ්ඩායමයි. නෙවිල් හමුවී මේ කාර්යයට ඔහුව එකතු කර ගනිද්දිත් රංජිත් ලාල් ගීතය ලියා ඒ සඳහා සංගීත නිර්මානය ද නිමවා තිබුණේය. රංජිත් ලාල් එය නිමවා තිබුණේ ලොස් කබෙයියෙරෝස් ලකුණ ට අනුගත වෙමිනි. ("නිම්වළල්ලේ" අතීත කතාව ඉතා සුන්දර එකකි. ඒ කතාවට මෙන්න මේ යොමුවෙන් පිවිසෙන්න පුළුවන්)

හොඳ හඬ තත්වයක නොතිබුනත්, අහන්න "නිම් වළල්ල" චිත්‍රපටියට ගැයූ මේ ගීයත්.

අනන්ථ වූ තරු පිපෙන රැයේ
සරා සඳේ සොමි කැන් පාවී
නැවුම් මලක රොන සොයා ඇදේ
රිදී වලා සළු තුළින් පෙරී ....//

හද සන්තානය හිවුඩු පිපේ
සිහින් සිනා වැසි බිඳු අතරේ

හද සන්තානය හිවුඩු පිපේ
සිහින් සිනා වැසි බිඳු අතරේ

පිපාසිතවු සිතුවිලි අතරේ
එවන් සිනා වැසි බිඳු විසිරේ //

දෑස රන් බඳුන් එකිනෙක ගැටෙමින්
මියුරු පැතුම් මී ඉතිරේ ඉන් ...//

දෑස රන් බඳුන් එකිනෙක ගැටෙමින්
මියුරු පැතුම් මී ඉතිරේ ඉන්

යොවුන් මලේ රොන්සුණු සිඹිමින්
සිහින තුළින් නව ලොවක් මැවේ

යොවුන් මලේ රොන්සුණු සිඹිමින්
සිහින තුළින් නව ලොවක් මැවේ

xxxx xx xx xxxx xxxx
xxxx xx xx xxxx xxxx

සිහින ලොවට බඹරිඳුන් ඇදේ ///.

ගායනය - ලොස් කබෙයියෙරෝස්
පද - රංජිත් ලාල්
තනුව හා සංගීතය - රංජිත් ලාල්

කලින් පිටුවට (මුල් පිටුව)
ඊළඟ පිටුවට (තෙවන අඩුක්කුව)