Thursday, May 30, 2019

ලොස් කබෙයියෙරෝස් (බොහෝ දෙනා දන්නා ලෙස, ලොස් කැබලරෝස්)

සිංහල ගී ගයන සංගීත කණ්ඩායම් ශ්‍රී ලංකාවේ බිහිවන්නේ 60 දශකයේදීය. ඒ අතරින්  පළමු වරට තමන්ගේම වූ සිංහල ගීයක් ගැයුවේ, "ලොස් කබෙයියෙරෝස්" (Los Cabelleros) කණ්ඩායම ද නොඑසේනම් "ලා සිලොනියන්ස්" (La Ceylonians) කණ්ඩායම ද යන්න නිශ්චිතවම සඳහන් කිරීමට නොහැකි බව, මහැදුරු සුනිල් ආරියරත්නයන් තම "ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය" නම් කෘතියේද දක්වා ඇත.

ලෝකය පුරාම පොප් සංගීතය හා රොක් සංගීතය උන්මාදයක් ලෙස පැතිර ගිය 50 - 60 දශක වල අපේ රටේත් එවැනි කණ්ඩායම් බිහිවීමේ ප්‍රවනතාවක් තිබුණි. එසේ බිහිවූ කණ්ඩායම් බොහෝ විට ගායනා කළේ ඉංග්‍රීසි හෝ බටහිර ගීතයි.

60 දශකය ආරම්භයටත් පෙර අපේ රටේ ප්‍රචලිත එවැනි කණ්ඩායම් කිහිපයක් විය. "ජෙට් ලයිනර්ස්" (The Jetliners), සැවේජස් (The Savages), ශ්‍රී ලංකාව තුළ පමණක් නොව විදේශයන්හී ද නමක් දිනා සිටියහ.

එහෙත් සිංහල ගී ගයන කණ්ඩායම් බිහිවන්නේ 60 දශකයේ ආරම්භයේ දීය. ඉන් පුරෝගාමී වූ කණ්ඩායම් දෙක ලෙස "ලොස් කබෙයියෙරෝස්" හා "ලා සිලොනියන්ස්" සඳහන් කළ හැක.

නෙවිල් ප්‍රනාන්දු "ලොස් කබෙයියෙරෝස්" ආරම්භ කරන්නට මත්තෙන්, "ෆර්නෑන්ඩො ට්රියෝ"  (Fernando Trio) නම් කණ්ඩායමක් හදාගෙන සිටියේය. එම කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් වූයේ මෙරිල් ප්‍රනාන්දු (Meril Fernando) සහ බර්නඩින්  ප්‍රනාන්දු යි (Bernadine Fernando).

1961 මැයි මාසයේ නෙවිල් ප්‍රනාන්දු පස් දෙනෙකුගෙන් සමන්විත "ලොස් කබෙයියෙරෝස්" කණ්ඩායම පිහිටුවා ගන්නවා.

බටහිර ගී ගයන අතර ඔවුන් ගැයූ මේ ගී වලට වැඩි ප්‍රසාදයක් තිබුණා.

(අන්තර්ජාලයේ මේ වීඩියෝ ඇති නිසා ඒවාට යොමුව පමණක් ඉදිරිපත් කරනවා. හොඳ තත්වයෙන් සුරැකි ඕඩියෝ ආකාර නොමැති බව කරුණාවෙන් සලකන්න.)
බටහිර පන්නයේ ගී කිහිපයකට ...
Island In The Sun (Cover) - Neville Fernando

 තමන්ගගේම වූ සිංහල ගීයක් ගායනා කරන්නට පෙර වැඩි වශයෙන් ගැයූ සිංහල ගී
මගෙ සුදු මාමේ - සී.ටී. ප්‍රනාන්දු ශිල්පියාගේ
උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ - සී.ඩී. ෆොන්සේකා සහ රසීනා
වැල්ල සිඹින රැල්ල - ධීවරයෝ චිත්‍රපටියේ බෙග් ක්‍රිස්ටි ලෙනාඩ්

වෙනස් ඌරුවකට මේ ගීය ගැයීම තුළින් ජන ප්‍රසාදයක් දිනා ගැනීමට හැකිවීම නිසා සිංහල ගී ගයන්නට සංගීත කණ්ඩායම් පෙළඹුනා වන්නට ඇතැයි හිතනවා.

මේ අතරයි රුක්මනී දේවි "ලොස් කබෙයියෙරෝස්" සමග එකතුවීම සිදුවන්නේ. ඇය සී.ටී. ප්‍රනාන්දු සමගින් ගායනා කර තිබුණු "පුන් සඳ හිනැහෙන්නේ වන මල් පිබිදෙන්නේ" යන ගීය නෙවිල් සමග ගයන්නට යෙදුණේ 1964 වෙළඳ වැඩසටහනකදීය.

සී.ටී. ප්‍රනාන්දුත මේ වන විට තමාගේ ගී "ලොස් කබෙයියෙරෝස්" විසින් ගායනා කිරීම සම්බන්ධයෙන් විරෝධතා ද මතු කොට තිබුණා. අන් අයගේ ගී ප්‍රසිද්ධියේ ගැයීමෙන් යම් ප්‍රශ්න මතුවීමත්, ගුවන් විදුලියෙන් පවා පිළිගැනීමක් නොවීමත් හේතුවෙන් තමන්ගේම ගීයක් ගයන්නට නෙවිල් ප්‍රමුඛ "ලොස් කබෙයියෙරෝස්" අදිටන් කරන්න ඇති. ඒ අනුවයි "මල් බර හිමිදිරියේ" ගීය එළිදකින්නේ.

පෙර සඳහන් කළ "පුන් සඳ හිනැහෙන්නේ වන මල් පිබිදෙන්නේ" ගීය ම අනුව යමින් නෙවිල් නිර්මාණය කළ "මල් බර හිමිදිරියේ" ගීයටත් ඔවුන් ගී ගැයූ ප්‍රජාව හමුවේ ප්‍රසාදය නොඅඩුව ලැබෙනවා.

පුන් සඳ හිනැහෙන්නේ
ගායනය - සී.ටී. ප්‍රනාන්දු සහ රුක්මනී දේවී
පද - විමලදාස පෙරේරා
තනුව - සී.ටී. ප්‍රනාන්දු

මල් බර හිමිදිරියේ
කොයිබද සමනලියේ
යන්නේ හිරු එළියේ
කියන්න සියුමැලියේ

සීතල මඳ පවනේ
මම මල් ගොමු වෙත යන්නේ
මා සොයමින් එන්නේ
මගෙ පෙම්වත හමුවන්නේ

මී මැසි බමරුන් පරදා හැර මම ඔබ වෙතටම දුවමී
ළා හිරු රැස් වැද බබලන ඔබෙ තටු දෙක මම සිප ගනිමී
රන් තරු මුසු මල් කිරුළක් සාදා ඔබේ හිසේ තබමී
රන් විමනක මැද ඔබ වෙනුවෙන් පෙම් රජදහනක් මවමී

මල් බර හිමිදිරියේ
කොයිබද සමනලියේ
යන්නේ හිරු එළියේ
කියන්න සියුමැලියේ

සීතල මඳ පවනේ
මම මල් ගොමු වෙත යන්නේ
මා සොයමින් එන්නේ
මගෙ පෙම්වත හමුවන්නේ

මල් පෙති අග රැඳි පිණි බිඳු එක්කොට ඔබෙ මුව පිරිමදිමී
මල් වල රොන් ගෙන පෙම හා මුසු කොට රස කර එය පොවමී
මල් අතරින් මම හොඳම මලක් ගෙන ඔබ වෙත එය පුදමී
ඒ සැමටම වැඩියෙන් අගනා මගෙ හදවත ඔබට දෙමී

සිරිබර හිමිදිරියේ
ආසිරි පැතිරෙන්නේ
මල් පෙති විසිරෙන්නේ
ගී රස ඉතිරෙන්නේ

කොවුලන් නද දෙන්නේ
සමනොල කැළ ඉගිලෙන්නේ
අප සිත පිනවන්නේ
පෙම් සම්පත ළං වන්නේ

ගායනය - රුක්මනී දේවි සමග ලොස් කබෙයියෙරෝස්
පද - ලොස් කබෙයියෙරෝස්
සංගීත නිර්මානය - නෙවිල් ප්‍රනාන්දු

























මින් පසුව ලොස් කබෙයියෙරෝස් වෙතින් බිහිවූ ගී

මැණිකේ ඔබේ සිනාවේ
දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ
ආදරී ඔබේ කතාවේ ....//

මිහිරේ ඔයා පතා වේ
මේ ගමන මේ දුර ආවේ ....//

පිළිගන්නකෝ දයාවේ
මා ඔබේ සුපෙම් ලතා වේ ...//

මැණිකේ ඔබේ සිනාවේ
දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ
ආදරී ඔබේ කතාවේ

සෙවණැල්ල සේ සංසාරේ
ආවා සොයා යන පාරේ ...//
ජීවේ සුපෙම් සිතාරේ
තනුව මා වෙමී මිහිරේ

ජීවේ සුපෙම් සිතාරේ
තනුව මා වෙමී මිහිරේ

මැණිකේ ඔබේ සිනාවේ
දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ
ආදරී ඔබේ කතාවේ

ප්‍රේමාදරේ කුසලානේ
උතුරා ගියා මධු පානේ ...//
සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ
ආලෝකෙ දේ හඳපානේ

සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ
ආලෝකෙ දේ හඳපානේ

මැණිකේ ඔබේ සිනාවේ
දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ
ආදරී ඔබේ කතාවේ ....//

මිහිරේ ඔයා පතා වේ
මේ ගමන මේ දුර ආවේ ....//

පිළිගන්නකෝ දයාවේ
මා ඔබේ සුපෙම් ලතා වේ ...//

මැණිකේ ඔබේ සිනාවේ 

ගායනය - රුක්මනී දේවි සමග ලොස් කබෙයියෙරෝස්
පද - ලොස් කබෙයියෙරෝස්
තනුව - නෙවිල් ප්‍රනාන්දු




සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ
මලක් මැරී මලක් පිපෙයි ආදරේ
සුදෝ ඔබේ කතා අසා ආදරේ
ලැගුම් ගමී ඔබේ සුපෙම් මන්දිරේ 

සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ
මලක් මැරී මලක් පිපෙයි ආදරේ
සුදෝ ඔබේ කතා අසා ආදරේ (ආ... ආ... ආ..)
ලැගුම් ගමී ඔබේ සුපෙම් මන්දිරේ (ආ... ආ... ආ..)

ආ ලල ලා ලල ලලල ලලල ලා
ලල ලල ලා ලල ලල ලා ලල ලල ලා

ආදරේ කියා ප්‍රීති ගඟ ගලා ගියා
ආදරේ කියා ප්‍රීති ගඟ ගලා ගියා
මා ඔබේ කියා සුහද එන්න මා සොයා
මා ප්‍රියේ
මා උපන්නෙ ඔබ නිසයි ලොවේ

ආදරේ කියා ප්‍රීති ගඟ ගලා ගියා
මා ඔබේ කියා සුහද එන්න මා සොයා
මා ප්‍රියේ
මා උපන්නෙ ඔබ නිසයි ලොවේ

සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ
මලක් මැරී මලක් පිපෙයි ආදරේ
සුදෝ ඔබේ කතා අසා ආදරේ (ආ... ආ... ආ..)
ලැගුම් ගමී ඔබේ සුපෙම් මන්දිරේ (ආ... ආ... ආ..)

ආ ලල ලා ලල ලලල ලලල ලා
ලල ලල ලා ලල ලල ලා ලල ලල ලා

මවයි ඔබේ සිනා පෙම් ලොවක් සුරංගනා
මවයි ඔබේ සිනා පෙම් ලොවක් සුරංගනා
නිවුණු වේදනා මැදින් යළිත් අලුත් වුණා
මා ප්‍රියේ
මා උපන්නෙ ඔබ නිසයි ලොවේ

මවයි ඔබේ සිනා පෙම් ලොවක් සුරංගනා
නිවුණු වේදනා මැදින් යළිත් අලුත් වුණා
මා ප්‍රියේ
මා උපන්නෙ ඔබ නිසයි ලොවේ

සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ
මලක් මැරී මලක් පිපෙයි ආදරේ
සුදෝ ඔබේ කතා අසා ආදරේ (ආ... ආ... ආ..)
ලැගුම් ගමී ඔබේ සුපෙම් මන්දිරේ (ආ... ආ... ආ..)

ආ ලල ලා ලල ලලල ලලල ලා
ලල ලල ලා ලල ලල ලා ලල ලල ලා

ගායනය - රුක්මනී දේවි සමග ලොස් කබෙයියෙරෝස්
පද - ලොස් කබෙයියෙරෝස්
තනුව - නෙවිල් ප්‍රනාන්දු




ගලන ගඟේ දොළ පාරේ සොයන්නම්
මගෙ රන්මලියා
දේදුන්නේ වලාකුළේ බලන්නම්

ගලන ගඟක දොළ පාරක කඩා හැලෙන දිය ඇල්ලක
දේදුන්නක වලාකුළක සොයල බලන්නම්

තුරු වදුලක තණ නිල්ලක පවනෙ සැලෙන ළා දළුවක
සමන් මලක පිණි බිඳුවක එබිල බලන්නම්

වත්ත පහළ කුඹුක් ලිඳේ දිය ගෙනෙන්ට අරුණ උදේ
දෙපා නඟන දෙවට අසල රැකගෙන ඉන්නම්

ගඟ අද්දර ගල්පොත්තක කිරි බැබලෙන හඳපානක
වාඩිවෙලා සුරංගනා කතා කියන්නම්

රන්මලියගෙ හිත බලන්න රන්මලියට තරහ යන්න
බොරු වදනක් දෙකක් කියා බලා සිටින්නම්

බොරු කියලා තරහ වෙලා ඬන විටදි කඳුළු සලා
සුරතේ මැද ඇඟිලි තුඩින් පිසදාලන්නම්

බොරු කියලා තරහ වෙලා ඬන විටදි කඳුළු සලා
සුරතේ මැද ඇඟිලි තුඩින් පිසදාලන්නම් 

හිඹොටු පේර ලොවි මාදං හොඳට ඉදුණු පැණි නාරං
බැද්දෙ ගිහින් දෝත පුරා කඩාල දෙන්නම්

පසළොස්වක පෝයදාට සම්මා සම්බුදු වඳින්න
අරලිය මල් වට්ටි දෙකක් අරගෙන එන්නම්

සිංහල අවුරුද්ද දාට සිහිනිඟ වට දවටගන්න
මල් ඉහිරුණු චීත්තයක් ගෙනල්ල දෙන්නම්
මල් ඉහිරුණු චීත්තයක් ගෙනල්ල දෙන්නම්

නෑදෑයින් එකතුවෙලා
හොඳ නැකතක් සොයා බලා
රන්මලියා මගේ පැලට කැන්දන් යන්නම්

ගායනය - ලොස් කබෙයියෙරෝස්
පද - ලොස් කබෙයියෙරෝස්
තනුව - නෙවිල් ප්‍රනාන්දු



උඩරට කඳුකර සිරි නරඹාලා
විනෝද වෙන්නට ආවේ
මනහර පරිසරයෙන් පිබිදීලා
ගීත ගයන්නටයි සිතුවේ

මනහාරයි මනහාරයි
මුළු පරිසරයම මනහාරයි
සරුසාරයි සරුසාරයි
මුළු කඳුකරයම සරුසාරයි

මල් ගොමු පිස එන මඳ පවනේ
සිහිලස අප ගත සිත පුබුදයි
රෑන ගිරව්
ලිහිණි කොවුල්
මලිති බටිති නද සවන් පිනයි

නිල් කඳුවැටි වලට තුරුලුවී
පුළුන් වලා කඳු සිප සැනසෙයි
මල් වැසි වස්සන රඟදෙන දියඇලි
රිදී කඳන් සේ කඩා හැලේ

මනහාරයි මනහාරයි
මුළු පරිසරයම මනහාරයි
සරුසාරයි සරුසාරයි
මුළු කඳුකරයම සරුසාරයි

නිල් තණ ගොල්ලක විසිරුණු බොල් පිණි
මිණි කැට විසිරුණු ලෙසින් දිලෙයි
තැන තැන විහිදුණු මීදුම් පටලය
සිහින ලෝකයක සිරි ගෙන දෙයි

රොන් රස උරමින් හැසිරෙන බමරුන්
ගුමු නාදෙන් ගීයට එක්වෙයි
සුමදුර ගී හඬ සුළඟට මුසුවී
ගමනක රස තොරතුරු ගෙනයයි

උඩරට කඳුකර සිරි නරඹාලා
විනෝද වෙන්නට ආවේ
මනහර පරිසරයෙන් පිබිදීලා
ගීත ගයන්නටයි සිතුවේ ..//

ගායනය - රුක්මනී දේවි සමග ලොස් කබෙයියෙරෝස්
පද - ලොස් කබෙයියෙරෝස්
නාද සිත්තම - නෙවිල් ප්‍රනාන්දු



හිරු දෙවිඳා කිමිදේ මුහුදේ
සුන්දර සන්ධ්‍යාවේ
හිරු දෙවිඳා කිමිදේ මුහුදේ
අඹරේ අවර කොණේ

රන්වන් පාට වලා දිලිසේ
සුන්දර මේ සන්ධ්‍යාවේ ...//

සීතල ජල ධාරාවෝ
ගී ගයමින් ගංගාවේ
ගලා යන්නේ මිහිරේ
ගලා යන්නේ
ගලා යන්නේ
නෑවී චන්ද්‍රාලෝකේ

සීතල ජල ධාරාවෝ
ගී ගයමින් ගංගාවේ
ගලා යන්නේ මිහිරේ
ගලා යන්නේ
ගලා යන්නේ
නෑවී චන්ද්‍රාලෝකේ

හිරු දෙවිඳා කිමිදේ මුහුදේ
අඹරේ අවර කොණේ
රන්වන් පාට වලා දිලිසේ
සුන්දර මේ සන්ධ්‍යාවේ

කෝකිල ගීතේ රාවේ
ඈත ඇසේ කඳුකරයේ
පාවී යන හැටි පුළුන් වලා
නිසංසලේ නිල් ගුවනේ

කෝකිල ගීතේ රාවේ
ඈත ඇසේ කඳුකරයේ
පාවී යන හැටි පුළුන් වලා
නිසංසලේ නිල් ගුවනේ

අරලිය මල් සුවඳ උරා
එන සීතල සුළඟ හමා 

අරලිය මල් සුවඳ උරා
එන සීතල සුළඟ හමා

රන් තරු බැබලේ
නිල්වන් අහසේ
නෙක් ආරා දහර මවා

හිරු දෙවිඳා කිමිදේ මුහුදේ
අඹරේ අවර කොණේ
රන්වන් පාට වලා දිලිසේ
සුන්දර මේ සන්ධ්‍යාවේ

ගායනය - රුක්මනී දේවි සමග ලොස් කබෙයියෙරෝස්
පද - ලොස් කබෙයියෙරෝස්
නාද සිත්තම - නෙවිල් ප්‍රනාන්දු



ඊළඟ පිටුවට (දෙවන අඩුක්කුව)

2 comments:

Anonymous said...

OBA AMATHIYA HEKI E-MAIL EKA HO DHURAKATHANA ANKAYAK LABAA DHENAWADH // MAMA ROSHAN +96892768297 / +96894234294

ruka said...

Messenger, Viber or Imo
Rukman Naotunna
Tel +94776390956
Email pinthaliyasongdata@gmail.com (blog)
naotunna@gmail.com (Personnel)