Showing posts with label සුනිල් යෝගේන්ද්‍ර. Show all posts
Showing posts with label සුනිල් යෝගේන්ද්‍ර. Show all posts

Tuesday, January 31, 2017

විල් තෙරේදි හමුවෙලා

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ සිතුම් සඳක් වෙලා
අන්න පායලා

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ පැතුම් මලක් වෙලා
ඉන්නවා බලා

නීල නුවන් හමුවුණු දා
සිතක හැඟුම් පීදුනා
මගේ ලොවේ කඳුළු සිඳී
අප දෙදෙනා ළංවුණා

මට ආදරේ මුලින් එදා
ජීවිතේට තේරුණා ...//

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ සිතුම් සඳක් වෙලා
අන්න පායලා

සුවඳ කුසුම් පිපුණ මගේ
හද ඔබ හට පුදකළා
බලා ඉමී නිසංසලේ
යළි එනතුරු මඟ පගා

මගෙ ජීවිතේ ඔබයි සදා
ආදරේට තේරුණා ...//

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ සිතුම් සඳක් වෙලා
අන්න පායලා

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ පැතුම් මලක් වෙලා
ඉන්නවා බලා

හෝහෝ හො හෝහෝ හො හෝහෝ හොහෝ
හාහාහ හාහාහ හා...

හාහාහ හාහාහ හාහ හා...
හාහාහ හාහාහ හා...

ගායනය - ලතා වල්පොල සහ ක්‍රිස්ටෝපර් ලියනගේ
පද - සුනිල් යෝගේන්ද්‍ර
සංගීතය - නීල් වර්ණකුලසූරිය (සන් ෆ්ලවර්ස්)
2003 දී තිරගතවූ සුන්දරයි ආදරේ චිත්‍රපටියේ ගීයකි.

මන්දහාස බඳුනේ


මන්දහාස බඳුනේ
රිදී සිනා වෑහේ
නිරන්තරේ නිරන්තරේ වාගේ
රැන්දු රැන්දු ලවනේ
බිංදු බිංදු මිහිරේ
අමා සුවේ මගේ සිතුම් යාවේ

සන්තාපේ
සංවේගේ
දුර පාවී
ඇදුනාවේ

ඔබ හා මා
යයි පාවී
සැනසීමේ
ගංගාවේ

මල් යායේ සංගීතේ මල් ළංවෙලා
රොන් සිහිනේ අප දෙන්නා අත්වැල් වෙලා
සන්තානේ උන්මාද සිතුවම් මවා
අනුරාගේ ආරාධනා එයි ගලා
මා දෑසේ ඔබෙ දෑස ළංවේ සදා //

මන්දහාස බඳුනේ
රිදී සිනා වෑහේ
නිරන්තරේ නිරන්තරේ වාගේ
රැන්දු රැන්දු ලවනේ
බිංදු බිංදු මිහිරේ
අමා සුවේ මගේ සිතුම් යාවේ

සන්තාපේ
සංවේගේ
දුර පාවී
ඇදුනාවේ

ඔබ හා මා
යයි පාවී
සැනසීමේ
ගංගාවේ

සැන්දෑවේ දේදුන්න වාගේ ඔයා
පායන්න නැග එන්න ඉන්නම් බලා
කඳු යායේ මුදු සීත පවනක් වෙලා
ගිම්හානේ ළඟ ඉන්න මට ළංවෙලා
සුබ සිහින එළිවෙන්න ඉඩදී සදා //

මන්දහාස බඳුනේ
රිදී සිනා වෑහේ
නිරන්තරේ නිරන්තරේ වාගේ
රැන්දු රැන්දු ලවනේ
බිංදු බිංදු මිහිරේ
අමා සුවේ මගේ සිතුම් යාවේ

සන්තාපේ
සංවේගේ
දුර පාවී
ඇදුනාවේ

ඔබ හා මා
යයි පාවී
සැනසීමේ
ගංගාවේ

සන්තාපේ
සංවේගේ
දුර පාවී
ඇදුනාවේ

ඔබ හා මා
යයි පාවී
සැනසීමේ
ගංගාවේ

ලා ලා ලා
ලල ලා ලා
හ්ම් ම් ම්
ආ හා හා

ඒ හේ හේ
ඒ හේ හේ
හ්ම් ම් ම්
ආ හා හා

ගායනය - සංජීවනී වීරසිංහ සහ රන්ජන් රාමනායක
පද - සුනිල් යෝගේන් ද්‍ර
සංගීතය - නිල් වර්ණකුලසූරිය (සන් ෆ්ලවර්ස්)
2003 දී තිරගතවූ සුන්දරයි ආදරේ චිත්‍රපටියේ ගීයකි.

කොණ්ඩෙ කඩාගෙන


කොණ්ඩෙ කඩාගෙන
පවුඩර් නාගෙන
මොඩ් ගමනින් යන්නේ
ටයි මයි දාගෙන
ඩෙනිමක් ගහගෙන
ලව් එක මේ එන්නේ ...//

සොපියා ලොරෙන් වගේ
මස්කට් දොදොල් වගේ ...//

ඒ කාලේ මං කළ පව් හින්දයි
මගෙ පස්සෙන් එන්නේ ..//

පැණි බේරෙන කොමඩු ගෙඩිය ඩාලිං රෝසා
හැම් බේකන්මද ඔයාට කන්නට ආසා
What you like my summer sweety කැකිරි පලුව tell
I'll give you mango pickle පිට්ටු කෝලිකුට්‍ටු දෙල්
අයියෝ මගේ එන්සි නෝනේ
හින්දා මේ දුවලා උඹ පස්සේ
ඇදුනාවු වලි මාගේ අම්මෝ
දන්නේ ඒ උඩ ඉන්නා ඈයෝ

You are my crasy
චුට්ටක් jelousy ....//

ඉඳල හිටල ගෝරි දාලා යන්න නම් එපා
ගියොතින් එන්න නම් එපා

අපිට ජාති දාන කොල්ලො ඉන්නවා
ඒගොල්ලො අපිව රවටගන්න හදනවා
අපිට ජාති දාන කොල්ලො ඉන්නවා
ඒගොල්ලො අපිව රවටගන්න හදනවා
එන යන නේක කොල්ලො
එන යන හැම ......................
හිත් පිත් වහගෙන එනවා
අපි නෑ බයවෙන්නේ
අපි නෑ හිත දෙන්නේ
ඒගොල්ලො අප්සෙට් වෙනවා

පැලවෙන බොරු කිය කිය
අපිටම කණු තිය තිය
කෙල්ලන්ට බයිල කියනවා
බැරි තැන දුක කිය කිය
කවි සින්දු පොත් ලිය ලිය
අමුතුම මරිසි දානවා

උන්ට ඇහෙනවා ද කියන්න වෙනවා
ඔයගොල්ලො කෙල්ලො රවටගන්න හදනවා

ස්ත්‍රියද පිරිමියද වැඩිය සෝබන
මට ආසයි ඒක හොයන්න
ඔයාද මමද අවලස්සණ
කවුරු ළඟද හොඳ ගතිගුණ
මට ආසයි ඒක හොයන්න

ඕකත් මොන කතාවක්ද අහන්න
වහගෙන උනත් බැරිය කියන්න
ගෑණු තමයි හරි ලස්සණ
පිරිමි තමයි අවලස්සණ
හරිද පණේ මේ අහගන්න

ආ..
ඕකට ඇයි වලි පොලියට ලබන්නේ (ඒකනේ)
අපි මොකටද හිතට හොරා කරන්නේ
අද හවසට පාටි දාමු
සොමියට සොමි බයිල කියමු
එන්න පණේ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)

අනේ එන්න පණේ යන්න යමු අපී
එන්න පණේ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
අද හවසට පාටි දාමු
සොමියට සොමි බයිල කියමු
එන්න පණේ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)

එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
සොමියට සොමි බයිල කියමු
අද හවසට පාටි දාමු
එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)

එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
අද හවසට පාටි දාමු (හහ් හා)
හැමදාමත් පිස්සු දාමු (හහ් හා)
එන්න ඩලෝ යන්න යමු අපී

ගායනය - සන්ෆ්ලවර්ස්
පද - සුනිල් යෝගේන්ද්‍ර
සංගීතය - සන්ෆ්ලවර්ස්
සුන්දරයි ආදරේ චිත්‍රපටියට යොදා ගත් සාද ගීයකි.