Showing posts with label හෙන්රි ජයසේන. Show all posts
Showing posts with label හෙන්රි ජයසේන. Show all posts

Wednesday, January 17, 2018

අන්දකාරෙන් දුරාතීතේ

අන්දකාරෙන් දුරාතීතේ
අන්දකාරෙට අනාගතයේ
රැගෙනයාමට කතා පුවතක්
අන්දකාරේ සිට කියන්නේ

බොහෝ දේ සිදුවූ අතීතේ
වැළලිලා ඇත අන්දකාරේ
පොළෝ පස් යට උනුන් කඳුලැලි
ලෙයත් දහදිය එකට මුසුවී

පොළෝ තලයෙන් වැසුනු බිජුවට
නැගී එන සේ දිනෙක පසුකල
අතීතේ සැඟවුණු කඳුළු බිඳු
ලෙයත් දහදිය මඳ සිනා රැළි


අන්දකාරෙන් දුරාතීතේ
නැගී යළි එක්වේය අප හා
අපේ කඳුළැලි ලෙයත් දහදිය
සමග මුසුවී ලෝ දහම සේ

අන්දකාරෙන් දහස් වසරෙක
මෝහයෙන් තව දහස් වසරෙක
මානයෙන් යළි පන්සියක් කල්
වසා සැඟවූමුත් කුවේණිය

අදත් ඇය අප දෙස බලන්නී
හෙටත් යළි අප දෙස බලන්නී
දුරාතීතේ අන්දකාරය
මැදින් සිට එබිකම් කරන්නී

සදා ඇය අප හා සිටින්නී
දොරින් දොර සැම තැන වෙසෙන්නී
එදා හෙළු කඳුළුත් රුහිරු බිඳු
සදා අප වෙනුවෙන් හෙළන්නී

සදාකාලෙම ලොව පහළ වූ
සදාකාලෙම ලොව පහළ වන
කුවේනියමයි එකම ගැහැණිය
එදා උපනත් අද උපන්නත්

ඇයයි දුක් පීඩා විඳින්නේ
ඇයයි වද හිංසා දරන්නේ
ඇයයි අවමානය ලබන්නේ
ඇයයි යකිනිය නම් ලබන්නේ

ගායනය - හෙන්රි ජයසේන සහ විජේරත්න වරකාගොඩ
පද - හෙන්රි ජයසේන
සංගීතය - එච්.එච්. බණ්ඩාර
හෙන්රි ජයසේනයන්ගේ කුවේණී වේදිකා නාට්‍යයෙනි.