Showing posts with label දීපිකා ප්‍රියදර්ශනී. Show all posts
Showing posts with label දීපිකා ප්‍රියදර්ශනී. Show all posts

Tuesday, September 17, 2019

හිත වටේට හීන බැඳන්

හිත වටේට හීන බැඳන්
කොහේ දුවනවාද මන්දා මං
හිත අහන්නේම නෑ
කීවට අහන්නේම නෑ ...//

එක තැනක ඉන්න නිස්කාංසුවේ
හිත නොදෙන්නේම ඇයි හිත මගේ ...//
හිතන්නැතිව ඔහේ ඉන්න
මට හිතක් නැතිව ඉන්න තියේනම්

හිත වටේට හීන බැඳන්
කොහේ දුවනවාද මන්දා මං
හිත අහන්නේම නෑ
කීවට අහන්නේම නෑ

මට කඳුළු දෙන්න නිස්කාරණේ
දුක් ගෙනෙන්නේම ඇයි හිත මගේ ...//
දැනෙන්නැතිව ඔහේ ඉන්න
දැනගන්න නැතිව ඉන්න තියේනම්

හිත වටේට හීන බැඳන්
කොහේ දුවනවාද මන්දා මං
හිත අහන්නේම නෑ
කීවට අහන්නේම නෑ ...//

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද - සිසිර දිසානායක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



Hitha Wateta - Deepika Priyadarshani Peiris

Friday, June 5, 2015

මතකද වැලිබත් ඉවුවා

මතකද වැලිබත් ඉවුවා
පුංචි සන්දියේ
වැස්සට ගෙට එන්නට අවසරද නංගියේ

මතකයි වැලිබත් ඉවුවා
එන්ඩ ඇවිත් ඈඳි ගන්ඩ ගෙපිල කණ්ඩියේ


මතකද වැලිබත් ඉවුවා

මුවැත්තියක් දිවියකු මඟ දුටුව වංගියේ
වගේ බයක් නුඹෙ මුහුණේ ඇයිද නංගියේ

අපි දෙන්නා දෙන්නාටම අයිති වංගියේ
වාගෙ නොවෙයි දැන් අපි පති පතිනි පංතියේ


මතකද වැලිබත් ඉවුවා
පුංචි සන්දියේ
වැස්සට ගෙට එන්නට අවසරද නංගියේ

මතකයි වැලිබත් ඉවුවා
එන්ඩ ඇවිත් ඈඳි ගන්ඩ ගෙපිල කණ්ඩියේ


මතකද වැලිබත් ඉවුවා

දොරපළුවට මුවා වෙලා හැංගි හැංගියේ
කියන කතා හුණු නැති විට වගේ නංගියේ

තරහ ගන්ඩ එපා ඔන්න කී සුනංගුවේ
යතුර දෙන්ඩ මේ ගේ දොර දැන් මගේ නොවේ


මතකද වැලිබත් ඉවුවා
පුංචි සන්දියේ
වැස්සට ගෙට එන්නට අවසරද නංගියේ

මතකයි වැලිබත් ඉවුවා
එන්ඩ ඇවිත් ඈඳි ගන්ඩ ගෙපිල කණ්ඩියේ


මතකද වැලිබත් ඉවුවා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ ජානක වික්‍රමසිංහ
පද රචනය - මහින්ද දිසානායක
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිං

 


කුමරි බඹසර

 

කුමරි බඹසර සොය සොයා
සිරියහන් ගැබ රිදවනා
කුමර බඹසර නෑ කතා
ලොවට එය අමතක වෙලා ...//

ධවල පිරුවට ගැන අසා
කුමට තව තව චෝදනා
නුඹම සිසි බඹරෙකු වෙලා
නැතිද බඹසර රොන් උරා

කුමරි බඹසර සොය සොයා
සිරියහන් ගැබ රිදවනා
කුමර බඹසර නෑ කතා
ලොවට එය අමතක වෙලා

පිපෙන පෙති මත තුඩු තියා
ගය ගයා පෙම් බස් මුසා
කුමරි බඹසර සොයන දා
කුමර බඹසර ගිලිහිලා

කුමරි බඹසර සොය සොයා
සිරියහන් ගැබ රිදවනා
කුමර බඹසර නෑ කතා
ලොවට එය අමතක වෙලා

කුමර බඹසර නෑ කතා
ලොවට එය අමතක වෙලා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - පූජ්‍ය කවි කීර්ති හිමි
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

 

බාලොලි ලොලි කියලා

ම් ම් ම්..
ම් ම් ම්..
ම්.. ම් ම් ම් ම්...

බාලොලි ලොලි කියලා
පිදුරු ගොඩේ තියලා
නැළෙව්වා නුඹ විශ්මයෙන් මම
රුදුරු ඒ රෑ යාමේ
මතක පොත පෙරළේ
දිව්‍ය සිත මතුයේ
නුඹේ සිහිනය
මගේ සිහිනය පරාජිත නැහැ පුතේ
පරාජිත නැහැ පුතේ

ආ ආ ආ
ආ ආ ආ
ආ අආ ආ ආ

කුසට නුඹ ආ දා පටන්
අපමණක් නින්දා
මාත් සමඟින් දරා ගත් පුත
මාත් ඉන්නම් නඟිමු මේ හෙල
කඳුළු කුමටද මයෙ පුතේ
බලාපන් ඇස් දෙක මගේ
දිරිය දිළිසෙන අරගනින්
නුඹේ මෙහෙවර නිම කරන් //

ආ ආ ආ
ආ ආ ආ
ආ අආ ආ ආ

නොදැන උන් පුතුනේ
සඳුන් ගස තැලුවේ
සුවඳ ගව් සිය පැතිරෙනා බව
මම දනිමි පුතුනේ
නුඹ මැරී වැටෙතත් බීජයක් ලෙස මැයි
දළු දමා මහ ගසන් වන බව
මම දනිමි පුතුනේ
කඳුළු කුමටද මයෙ පුතේ
බලාපන් ඇස් දෙක මගේ
දිරිය දිළිසෙන අරගනින්
නුඹේ මෙහෙවර නිම කරන් //

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහින්ද නාමල්
තනුව - ඇන්ටන් ජයනන්ද පියනම



Thursday, June 4, 2015

ප්‍රේමයේ ඉඩෝර ඉමට

ප්‍රේමයේ ඉඩෝර ඉමට වැහි වලාකුළක් //
රැගෙන පැමිණි පෙම්වත
ඔබ කවුද
ඔබ කවුද මට කියන්

වසන්තයන් දැක නැති මම ගිම්හානයක්
රම්‍ය වූ සුරම්‍ය වූ ගෙවන ප්‍රේමයක්
මම ප්‍රේම වැස්ස වස්සවනා ගිම්හානයක්

ප්‍රේමයේ ඉඩෝර ඉමට වැහි වලාකුළක් //
රැගෙන පැමිණි පෙම්වත
ඔබ කවුද
ඔබ කවුද මට කියන්

අකුණු සමග හාද නොවී පුරන් වූ කෙතක්
වියළුනු හද අස්වද්දන වැහි වලාකුළක්
ඔබ ඉඩෝරයට හාද වෙච්ච වැහි වලාකුළක්

ප්‍රේමයේ ඉඩෝර ඉමට වැහි වලාකුළක් //
රැගෙන පැමිණි පෙම්වත
ඔබ කවුද
ඔබ කවුද මට කියන්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - ඒ.බී. ලලිත් ද සිල්වා
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


Wednesday, June 3, 2015

මහා මෙරක් ලෙසට


මහා මෙරක් ලෙසට
හිතේ උපන් බරට
හඬා දොඩා ඵල නොලබන හින්දා
උදා ළහිරු විලස
එබී හිඳිමු ලොවට
සිනා මලක් මුව අද්දර රන්දා ...//

විදු නැණයෙන් අබිසෙස් ලබමින්නේ
සඳ මතුපිට පියවර එසවෙන්නේ
අප පමණද එක තැන කැරකෙන්නේ
අප තනිකර ලෝකය දිව යන්නේ

ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා

ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා

අපේ හදට සතුටක් මුසු වේ නම්
අපේ දුකට සුසුමක් මතු වේ නම්
අපේ හිතට දිරියක් ලැබ දේ නම්
එදා අපට පෙරමග සූදානම්

ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා

ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා ......//

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සමග ආනන්ද වීරසිරි
පද රචනය - බණ්ඩාර ඇහැළියගොඩ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

විජය ධර්ම ශ්‍රී ගේ "භාග්‍යා" ටෙලි නාට්‍යයෙන්. රංගනය රමණී බර්තොලමියුස්.

1987 ජූනි 30 වැනි දින රමණි බර්තොලමියුස් මෙලොව හැරගියේ හදිසි අනතුරක් නිසාවෙන් හිසට සිදුවූ බරපතල හානි හේතුවෙන්.

Song - Mahamerak Lesata
Singers - Ananda Weerasiri & Deepika Priyadarshani
Lyricist - Bandara Eheliyagoda
Composer - Rohana Weerasinha
Stage Drama - Bhagya 

රාත්‍රී ඔබ ගෙවී යන්නට කලින්

රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින්
තාරකා මල් ඇහිඳිනා
කින්නරාවිය නිවන්
ඇවිලෙනා සිතැඟි ඈ
සිහිල් සඳ වතුරෙන්
රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින්

ලිය මඬුලු යහනේ
සරා සඳ වැතිරිලා ...//
පුරා මී බිඳු පොපියනා
රත් තඹර විල ස්වර්ණ හංසිය නිදිවරයි

රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින්

දුහුළු මඳ පවනේ
තුරු ලතා මල් සළයි
විහඟ වියවුල් නතර වූ
සුසුම් උණුසුම් රෑ පුරා ඈ ඉකිබිඳී

රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින්
තාරකා මල් ඇහිඳිනා
කින්නරාවිය නිවන්
ඇවිලෙනා සිතැඟි ඈ
සිහිල් සඳ වතුරෙන්
රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Tuesday, June 2, 2015

ස්වාමි මා

ස්වාමි මා
යන්ටෙපා
මා දමා
ස්වාමි මා යන්ටෙපා මා දමා

ඔබ ලෝකයයි හිරු සඳු දිළෙයි
දා ගිය සැණින් ඝණ අඳුරු වෙයි
ඔබ යනවනම් දීපංකරේ
මම එනවමයි ඒ ඇත්තමයි

ස්වාමි මා
යන්ටෙපා
මා දමා
ස්වාමි මා යන්ටෙපා මා දමා

ඇළ දොළ පවා ඇයි ගොළු වෙලා
පවසනු නොයා නවතිනු කියා
ඔබ සුවඳ දුන් නල රළු වෙලා
මට කඳුළු වැල් මාලේ ගොතා

ස්වාමි මා
යන්ටෙපා
මා දමා
ස්වාමි මා යන්ටෙපා මා දමා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - ප්‍රීති රන්දෙණිය
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


මුදු සීත නිල් දියේ උපන්

මුදු සීත නිල් දියේ උපන් නෙළුම් කුමාරියේ
ළංවී ඉන්නවත් වරම් නැතේ නුරාවියේ
මුදු සීත නිල් වනන්තරේ මධු බමර කුමරුනේ
සුපිපෙන්නවත් ඔබේ නමින් දිය රැලි ගලා ඉඩක් නොදේ

මල් මුවරද සැළී සැළී විල් තෙර මඟ සුවඳවේ //
සුපිපෙන්න ළඟ ඉන්න මට දෝ කියන්නේ
විල් දියේ මා තනිවෙලා

මුදු සීත නිල් දියේ උපන් නෙළුම් කුමාරියේ
ළංවී ඉන්නවත් වරම් නැතේ නුරාවියේ
මුදු සීත නිල් වනන්තරේ මධු බමර කුමරුනේ
සුපිපෙන්නවත් ඔබේ නමින් දිය රැළි ගලා ඉඩක් නොදේ

දිය රැල්ලෙන් මතුවෙලා සුපිපෙන්නකො පෙති සළා //
බමරින්දු නොහඬන්න ඈතින් ඉඳින්නම්
ප්‍රාර්ථනාවන් ගොළු වෙලා

මුදු සීත නිල් දියේ උපන් නෙළුම් කුමාරියේ
ළංවී ඉන්නවත් වරම් නැතේ නුරාවියේ
මුදු සීත නිල් වනන්තරේ මධු බමර කුමරුනේ
සුපිපෙන්නවත් ඔබේ නමින් දිය රැළි ගලා ඉඩක් නොදේ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ නාලක අංජන කුමාර
පද රචනය - සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ
තනුව හා සංගීතය - නාලක අංජන කුමාර


Monday, June 1, 2015

මල් නළවන්නට

මල් නළවන්නට (ආ...)
පැන් දෝතක් ගෙන (ආ...)
නලා දිදී එන සුළඟ දිගේ
අම්මේ ඇවිදින්
මා අරගෙන යන්
සිරවෙයි මං පරිගණක ලොවේ

Yai yai ya.. Come on kids...
ගිනි සිළු ගිනි සළු ගිනි මල් සිඹ සිඹ
ගත මිස සිත නැති නළුවක රඟ දෙන
කොතනද
කුමටද
කොතනද කුමටද ගමනක නොම දැන

අඩ නින්දෙන් මා
අඩ නින්දෙන් මා
පාවී යයිද කොහේ

මල් නළවන්නට (ආ...)
පැන් දෝතක් ගෙන (ආ...)
නලා දිදී එන සුළඟ දිගේ
අම්මේ ඇවිදින්
මා අරගෙන යන්
සිරවෙයි මං පරිගණක ලොවේ

තව තව හයියෙන්
නැතිනම් පරදී
ඉක්මන් ඉක්මන්
දුවන්න දුවන්න
මදි මදී
තව මදී
ඉහළට ඉහළට
Hurry up hurry up

අඩ නින්දෙන්න් මා
අඩ නින්දෙන්න් මා
පාවී යයිද කොහේ

මල් නළවන්නට (ආ...)
පැන් දෝතක් ගෙන (ආ...)
නලා දිදී එන සුළඟ දිගේ
අම්මේ ඇවිදින්
මා අරගෙන යන්
සිරවෙයි මං පරිගණක ලොවේ

අම්මේ සිහිලැල්
නුඹේ අඩවියට
මා ගෙන යන්න ඉතින්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - පරාක්‍රම කොඩිතුවක්කු

තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

නුඹ නිදන තරුද ඇහැරවා

නුඹ නිදන තරුද ඇහැරවා
හද විල ම කළඹවා
පැන් කෙණ්ඩියකින් අත පැන් වත්කරවා
මා රැගෙන ගියා
ගී දහසක් සුපිපෙන වසන්ත අරණ කරා

පෙන බිඳු නහවා
විකසිත නෙතු යුග කතා කළා
බැඳි වියන මුතු කුඩ අතර රැඳී
සුර විමනක් සැදුවා

නුඹ නිදන තරුද ඇහැරවා
හද විල ම කළඹවා
පැන් කෙණ්ඩියකින් අත පැන් වත්කරවා
මා රැගෙන ගියා
ගී දහසක් සුපිපෙන වසන්ත අරණ කරා

මුළු වත සරසා
සිත අග මින්දද මුදා සළා
තරු විමනක අසිරිය මෙයයි කියා
මා සතුටින් තැබුවා

නුඹ නිදන තරුද ඇහැරවා
හද විල ම කළඹවා
පැන් කෙණ්ඩියකින් අත පැන් වත්කරවා
මා රැගෙන ගියා
ගී දහසක් සුපිපෙන වසන්ත අරණ කරා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - පද්මකුමාර මෙත්තසේන
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

 

නිල් මහනෙල් බරයි කියා

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද

දුඹුළු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන්ගෙයි ඇවිලුන දුම් නොනඟින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද

තබා දෙතොල ඉඳිකටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වල

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


මට මවක් ලෙසින්

මට මවක් ලෙසින් ආදරේ කළ හැකි නම්
මට පියෙක් වගේ උවටැන් දීමට හැකිනම්
නැඟනියක් වගේ ජීවිතේ දිය හැකි නම්
බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල්
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල්

අනන්ත කරදර දිවි ගමනේ
තරණය කළ යුතුද කී දොහේ...//
පතනා ලොව වුව සිහිනයකී
පලා යාම විසඳුමක් නොවේ
වටහා ගතහොත් දිවිය අපේ
බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල්
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල්

තහනම් සිතිවිලි යුග දිවියේ
දමනය කළ යුතු බව දනිමී ...//
පතනා සැනසුම මිරිඟුවකී
සමාවෙන්න මට වරද මගේ
දුක පවසන්නට කෙනෙකු ඇති
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල්

බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල්
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල් ...//

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ සෝමසිරි මැදගෙදර
පද රචනය - ඩිෂාන් නානායක්කාර
තනුව හා සංගීතය - සෝමසිරි මැදගෙදර


නිමක් නැති පෙමක්

නිමක් නැති පෙමක් ලොව තිබේ නම් පිදුම් ලද
ඒ පෙමට නම තමයි අම්මා
ඒ පෙමට නම තමයි අම්මා

ලොවම එරෙහිව නැඟෙන පැයක හදවත නිවන
මහරු ඔස් පැන් වඩන පෙම්මා
ඒ පෙමට නම තමයි අම්මා

නිමක් නැති පෙමක් ලොව තිබේ නම් පිදුම් ලද
ඒ පෙමට නම තමයි අම්මා
ඒ පෙමට නම තමයි අම්මා

රැයට පුර සඳ ලෙසින
හිරුට සවි බල පුදන
ලොවට දෙන පෙම නොමැත නිම්මා
ඒ පෙමට නම තමයි අම්මා

නිමක් නැති පෙමක් ලොව තිබේ නම් පිදුම් ලද
ඒ පෙමට නම තමයි අම්මා
ඒ පෙමට නම තමයි අම්මා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රවි සිරිවර්ධන
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

 

Sunday, May 31, 2015

කොන්ත නෝනගෙ කොණ්ඩේ

කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ හැට්ටේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි

තමුන්ගෙ ඇහේ පරාලය නොපෙනෙයි
අනුන්ගෙ ඇස් වල ඇති රොඩ්ඩ හොයනවා

දඹ රත්තරන් වලින් බෙල්ලක් නැති එකීට
දඹ රත්තරන් වලින් බෙල්ලක් නැති එකීට තැල්ල බඳිනවා
තැල්ල බඳිනවා

කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ හැට්ටේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි

රස මසවුළු මුළුතැන් ගෙයි පිසුණත්
අල්ලපු ගෙයි ලුණු පොල් කට්ට ‍බලනවා

ගෙරි මස් බුදින ගමන් ගව සම්පත ගැන බණ
ගව සම්පත ගැන බණ පොතක් ලියනවා
පොතක් ලියනවා

කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ හැට්ටේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

 

සිරකාරිය කළ මැනවී

සිරකාරිය කළ මැනවී
ඔබේ ප්‍රේමයේ සිපිරි ගෙයි සදාකාලයට මා
සිරකාරිය කළ මැනවී

ඔබේ ඇසින් ගලනා එළියෙන් මට විලංගු ලා
ඔ‍බේ මුවින් නැගනා ස්වරයෙන් දොර අගුලු දමා
ඔබේ මානයේ රඳවා
ලොවින් වෙන්ව තබා
සිරකාරිය කළ මැනවී
සිරකාරිය කළ මැනවී

ඔබේ වතින් හමනා සුවඳින් මට ඔවදන් දී
ඔබේ පහස මවනා මිහිරෙන් මට දඬුවම් දී
ඔබේ මානයේ රඳවා
ලොවින් වෙන්ව තබා
සිරකාරිය කළ මැනවී
සිරකාරිය කළ මැනවී

සිරකාරිය කළ මැනවී
ඔබේ ප්‍රේමයේ සිපිරි ගෙයි සදාකාලයට මා
සිරකාරිය කළ මැනවී

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

 

ඔබ නැති රැය දිගුවේ

ඔබ නැති රැය දිගුවේ
හිමියණි ඔබ නැති රැය නොගෙවේ
ඔබ නැති රැය දිගුවේ

සීතල පාළුව ළයට තුරුළුව නිදි සුව දෑසට දුර වී
ළඟ නැති ඔබ වෙත සෙනෙහස දැඩිවේ
සැක බිය මුසු සිත සෙළවේ
ඔබ නැති රැය දිගුවේ

ඔබ පියවර හඬ සවනත දැවටෙයි
පියවී එන නෙතු කැළඹේ
ඔබ පෙර මඟ වෙත පා යුග එසවේ
අසරණ වන සිත මැලැවේ
ඔබ නැති රැය දිගුවේ

හිමියණි ඔබ නැති රැය නොගෙවේ
ඔබ නැති රැය දිගුවේ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

 

ඔබ කවුද

ඔබ කවුද
හඳුනන්නට හැකිවේද
ඔබ කවුද
හැඳිනූවත් ඔබමයි ද ...//

කැඩපතට එබී හිනැහී වැළපී
ඔබ දකිනට වෙහෙසෙනවාද
ලෝකයට සැදී අළුතින් සැරසී
වෙනකෙකු ලෙස සැඟවෙනවාද

ඔබ කවුද
හඳුනන්නට හැකිවේද
ඔබ කවුද
හැඳිනූවත් ඔබමයි ද

ඔබ ඔබම තමයි
දන්නෙත් ඔබමයි
මේ විමසුම ඔබගෙන්මයි
ඔබ කවුද

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

 

මල් මාවතේ

මල් මාවතේ
තරු සැඳෑව මිලාන වෙලා
ඔබ මා සොයා ඇයි ආවේ
පාළු මේ රාත්‍රි‍යේ ...//

සිත නිවූ සුව දැහැනේ
ඔබ නිසාමයි රැඳුනේ
අපගේ ම දෑසේ
වෙළුණේ ද සිහිනේ
ඔබ ද මිඳුනේ
මා ද මිඳුනේ
සසර බැඳුමෙන් අපේ

මල් මාවතේ
තරු සැඳෑව මිලාන වෙලා
ඔබ මා සොයා ඇයි ආවේ
පාළු මේ රාත්‍රි‍යේ

රෑ පුරා තුන් යාමේ
ඔය නෙතේ මා රැඳුනේ
නොකියාම රහසේ
ඔබ ඈත ඇදුනේ
පැතූ පැතුමන්
සෙවූ සැණසුම්
සුළඟෙ මං පා කළා

මල් මාවතේ
තරු සැඳෑව මිලාන වෙලා
ඔබ මා සොයා ඇයි ආවේ
පාළු මේ රාත්‍රි‍යේ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

මධු සාද සිනා ගලනා

මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිඳෙනා
රැයේ.....
හිරු පායා
නිවා....
සඳ තරු නිවා ....//

පිපෙන හැඟුම් දෑසේ ඇවිළී
ලොවම සැළී සිහිනෙන් පිබිදී ...//
සරා ගිනි නැඟේ
සිසිලසේ

මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිඳෙනා
රැයේ.....
හිරු පායා
නිවා....
සඳ තරු නිවා

පෑළ වියේ හිරු මියෙන පැයේ
සිහින බිඳී පිබිදී අඳුරේ
හඬා ඉකි බිඳී
යෞවනේ

මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිඳෙනා
රැයේ.....
හිරු පායා
නිවා....
සඳ තරු නිවා

රැයේ.....
හිරු පායා
නිවා....
සඳ තරු නිවා ...//

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීතය - සුරේෂ් මාලියද්දේ