Tuesday, September 17, 2019

හිත වටේට හීන බැඳන්

හිත වටේට හීන බැඳන්
කොහේ දුවනවාද මන්දා මං
හිත අහන්නේම නෑ
කීවට අහන්නේම නෑ ...//

එක තැනක ඉන්න නිස්කාංසුවේ
හිත නොදෙන්නේම ඇයි හිත මගේ ...//
හිතන්නැතිව ඔහේ ඉන්න
මට හිතක් නැතිව ඉන්න තියේනම්

හිත වටේට හීන බැඳන්
කොහේ දුවනවාද මන්දා මං
හිත අහන්නේම නෑ
කීවට අහන්නේම නෑ

මට කඳුළු දෙන්න නිස්කාරණේ
දුක් ගෙනෙන්නේම ඇයි හිත මගේ ...//
දැනෙන්නැතිව ඔහේ ඉන්න
දැනගන්න නැතිව ඉන්න තියේනම්

හිත වටේට හීන බැඳන්
කොහේ දුවනවාද මන්දා මං
හිත අහන්නේම නෑ
කීවට අහන්නේම නෑ ...//

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද - සිසිර දිසානායක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



Hitha Wateta - Deepika Priyadarshani Peiris

No comments: