Showing posts with label පමිත ආර්. ලියනගේ. Show all posts
Showing posts with label පමිත ආර්. ලියනගේ. Show all posts

Wednesday, April 8, 2015

සඳ මලානිකයි

සඳ මලානිකයි
තරු නිදා වැටෙයි
රැය හරිම දිගයි
ඔබ අකාරුණික වී

ඔබ අකාරුණික වී ////

ආ ආ ආ හා ආ… ආ…

නපුරු හීනය දැවටිලා
තනියට කඳුළු නිම්නය උතුරලා ...//
පවසට

මියුරු මතකය හැංගිලා
හිත යට කැකුළු පෙම් හිත වැහැරිලා ...//
අකලට

සඳ මලානිකයි
තරු නිදා වැටෙයි
රැය හරිම දිගයි
ඔබ අකාරුණික වී

ඔබ අකාරුණික වී ////

ආ ආ ආ හා ආ… ආ…

ගායනය – ප්‍රදීපා ධර්මදාස
පද රචනය - පමිත ආර්. ලියනගේ
තනුව හා සංගීතය - රවි අළුත්ගේ

රූමස්සල රුවැත්තියේ

ගිරා නිලට පෙම් බඳිනා
සිහිලැල් පණනල වඩනා
අමයුරු සුව ඔසු රකිනා
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

ගාලු කොටු පවුර නැඟ එන
ලවණ පිරි කඳුළු සුළඟට
හැමදාමත් ළෙන්ගතු වන
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

ගිරා නිලට පෙම් බඳිනා
සිහිලැල් පණනල වඩනා
අමයුරු සුව ඔසු රකිනා
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

ගිං ගඟටත් කිරි එරවන
සිංහරාජ මෑණියන් හට
කවදාවත් වින නොකටින
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

ගිරා නිලට පෙම් බඳිනා
සිහිලැල් පණනල වඩනා
අමයුරු සුව ඔසු රකිනා
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

ගායනය – ප්‍රදීපා ධර්මදාස
පද රචනය - පමිත ආර්. ලියනගේ
තනුව හා සංගීතය - මහින්ද බණ්ඩාර


Roomassala Ruweththiye - Pradeepa Dharmadasa