Showing posts with label සමන්ත හේරත්. Show all posts
Showing posts with label සමන්ත හේරත්. Show all posts

Thursday, May 28, 2020

නාලිනී එන්න


නාලිනී එන්න මල් පිපී දැයි බලන්න
කඳුළක් නැගෙයි නෙතග රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ
සිත් සේ විඳින්න නාලිනී එන්න

දුක් දොම්නසින් ගහණ හැල්මේ ගලා හැලෙන
දිවි ගං දියේ නුඹට සිහිලක් නොවේ
නිල් වන රොදේ නිලන මල් මදහසින් දුලන
මල් වල පැණි උරණ යෞවන වියේ

නාලිනී එන්න මල් පිපී දැයි බලන්න
කඳුළක් නැගෙයි නෙතග රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ
සිත් සේ විඳින්න නාලිනී එන්න

නුඹ දිරි දැරී බැවෙන සිත සියුමැලී නොවන
දුටු දැයි අනේ කවර මිහිරක් ලොවේ
පිය රැව් සලා සකුණ සිය ගවු ගණන් විසුළ
විජිතය පෙමින් වතල සෞමිය මගේ

නාලිනී එන්න මල් පිපී දැයි බලන්න
කඳුළක් නැගෙයි නෙතග රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ
සිත් සේ විඳින්න නාලිනී එන්න

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සමන්ත හේරත්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙම ගීය 1992 දී “අමල් බිසෝ” කැසට් පටයටත් 2001 දී “නෑසෙන ගී රස 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

Wednesday, April 8, 2015

සැබෑ උරුමක්කාරයාණනි

සැබෑ උරුමක්කාරයාණනි
සංසාරගත ප්‍රේමයේ ඔබ
ඔබ සොයා ආවා //

කැදැල්ලේ හුන් කිරිල්ලී මා
චණ්ඩ මාරුතයේ හැපී ගිය
ආලයේ දඩයමට හසුවී
සොවින් ඉකිගසමින්
සිනාසී උනිමි

සැබෑ උරුමක්කාරයාණනි

අතීතේ කදුළැලි විලේ පිපි
එකම සියපත ඔබය හිමි සද
ඔබම අසහන සිසුවියට යළි
ශිල්ප දුන මැනවි
ඇදුරු කුමරිඳුනි

සැබෑ උරුමක්කාරයාණනි
සංසාරගත ප්‍රේමයේ ඔබ
ඔබ සොයා ආවා //

ගායනය – ප්‍රදීපා ධර්මදාස
පද රචනය - මහාචාර්ය සමන්ත හේරත්
තනුව හා සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

Monday, March 30, 2015

සොඳුරිය

සොඳුරිය
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුළැලි පුරවා
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම්
නපුරු ද සොඳුරිය

පෙරුම් පුරා දුකසේ ගළපා ගත්
කවිය ඔබම වී නැළැවුන යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම්
මිහිරි ද සොඳුරිය

සොඳුරිය
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුළැලි පුරවා
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම්
නපුරු ද සොඳුරිය

ලොවට හොරා විලි ලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුණ දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම්
මිහිරි ද සොඳුරිය

සොඳුරිය
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුළැලි පුරවා
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම්
නපුරු ද සොඳුරිය

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - මහාචාර්ය සමන්ත හේරත්
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස