Thursday, May 28, 2020

නාලිනී එන්න


නාලිනී එන්න මල් පිපී දැයි බලන්න
කඳුළක් නැගෙයි නෙතග රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ
සිත් සේ විඳින්න නාලිනී එන්න

දුක් දොම්නසින් ගහණ හැල්මේ ගලා හැලෙන
දිවි ගං දියේ නුඹට සිහිලක් නොවේ
නිල් වන රොදේ නිලන මල් මදහසින් දුලන
මල් වල පැණි උරණ යෞවන වියේ

නාලිනී එන්න මල් පිපී දැයි බලන්න
කඳුළක් නැගෙයි නෙතග රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ
සිත් සේ විඳින්න නාලිනී එන්න

නුඹ දිරි දැරී බැවෙන සිත සියුමැලී නොවන
දුටු දැයි අනේ කවර මිහිරක් ලොවේ
පිය රැව් සලා සකුණ සිය ගවු ගණන් විසුළ
විජිතය පෙමින් වතල සෞමිය මගේ

නාලිනී එන්න මල් පිපී දැයි බලන්න
කඳුළක් නැගෙයි නෙතග රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ
සිත් සේ විඳින්න නාලිනී එන්න

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සමන්ත හේරත්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙම ගීය 1992 දී අමල් බිසෝ කැසට් පටයටත් 2001 දී නෑසෙන ගී රස 2 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

No comments: