Wednesday, May 27, 2020

ගඟට කපන ඉනි



ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

මලේ සුවඳ නැතිවෙයි පෙති හැළුණාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම
ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුණාම
දුන් දේ සුවඳ පවතී ලොව හැමදාම

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණ‍ෙට යෑම

කන බොන කෑම තනියම වළඳන්න එපා
අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
අනුවණ කමෙන් පව් සිදු කර ගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා ////

ගායනය - සුනිල් එදිරිසිංහ 
පද - ඇරැව්වල නන්දිමිත්‍ර  (ජනවහරින් ගෙන පැදියට සැකසුවේ ඇරැව්වල නන්දිමිත්‍ර කවියාය)
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි ගීයකි. 198 දී "නිම් තෙරක්" කැසට් පටයට ඇතුළත් විය.

No comments: