Wednesday, May 27, 2020

ගුරුළු වෙස් දරා


ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා
මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා ....//

රෑ යාමේ සොර දෙටුවෝ මේ දහවල
වෙසතුරු සේ දන් දුන්නා නම්
මද්දහනේ මල් කොවුලෝ රෑ පානේ
කපුටන් සේ හඬ තැලුවා නම්
කුමට නොදුටු ඇසින් සිටිනු යාළුවේ
අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ

ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා
මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා

ලද ඉසුරෙන් මොණරුන් සේ විළිබිය සිඳ
මහ සබ මැද රඟ දුන්නා නම්
බිව් මව් කිරි අමතක වී නැගි ඉණිමග
පා පහරින් බිම දැමුවා නම්
කුමට නිහඬ මුවින් සිටිනු යාළුවේ
අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ

ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා
මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - වසන්ත කුමාර කොබවක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1989 දී නිම් තෙරක් කැසට් පටයටත් 2001 දී නෑසෙන ගී රස 2 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: