Showing posts with label කෝන්වැවේ ආරියරත්න. Show all posts
Showing posts with label කෝන්වැවේ ආරියරත්න. Show all posts

Wednesday, May 27, 2015

අවුකන බුදු සිවුරෙ රැලී

අවුකන බුදු සිවුරෙ රැලී
කලා වැවේ දියඹෙ සැලී
යෝධ වැවේ ගලා ඇදී
මෙසිරිසාර කෙතේ අඳී

උදා ඉරට රිදී වනින්
අමා දහම් කිරණ වසී ...//
මෙත් කරුණා සීත නලින්
නැමී කරල් හිමිට වඳී

අවුකන බුදු සිවුරෙ රැලී
කලා වැවේ දියඹෙ සැලී
යෝධ වැවේ ගලා ඇදී
මෙසිරිසාර කෙතේ අඳී

පෝය රෑට මීරි සරින්
බුදු ගුණ ගායනා ඇසේ ...//
හිමි කරුණා දෑස් අගින්
නිවන් අමා මිහිර පෙරේ

අවුකන බුදු සිවුරෙ රැලී
කලා වැවේ දියඹෙ සැලී
යෝධ වැවේ ගලා ඇදී
මෙසිරිසාර කෙතේ අඳී

යෝධ වැවේ ගලා ඇදී
මෙසිරිසාර කෙතේ අඳී ...///

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කෝන්වැවේ ආරියරත්න
තනුව - අශෝක කෝවිලගේ