Showing posts with label විමල්ජිත් දොඹගහවත්ත. Show all posts
Showing posts with label විමල්ජිත් දොඹගහවත්ත. Show all posts

Wednesday, March 13, 2019

උණ පුරුකේ බලු වලිගේ

ආයිෂ් අම්මා ගුණ්ඩූ
ආංහ් හා....

උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ
ආංහ්
උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ
හුඟ දෙනෙක් ඒ වගේ
ටික දෙනෙක් එහෙම නෑ
අපි ඉන්නේ එතනයි
ලබා උපන් හැටියට නේ බබා වැනෙන්නේ
ආයිෂ් අම්මා ගුණ්ඩූ

මෙතනට කොහෙන්ද ආවේ
මෙතනින් කොහේද යන්නේ
හරියට කවදද යන්නේ
ඉන්නේ කී දොහද නොදැන නැටුම් නටන්නේ
ඉන්නේ කී දොහද නොදැන නැටුම් නටන්නේ
විඩක් කැමතියි විඩක් අකමැතියි
කැමතියි අකමැතියි

මිල මුදල් සොයනවා
අඹු දරුවො රකිනවා
පොට්ටනිය බඳිනවා
යනකොට කිසිවක් නෑ හිස් අතින්ම යනවා
යනකොට කිසිවක් නෑ හිස් අතින්ම යනවා
හහ් හහ් හහ් හා හ
ආයිෂ් අම්මා ගුණ්ඩූ

කපටියො මුදුනෙ ඉන්නවා
මෝඩයො බර උහුලනවා
ඒ වගෙ දවස ගෙවනවා
කැරකෙන ලෝකෙක අපි හැල්මෙ දුවනවා
කැරකෙන ලෝකෙක අපි හැල්මෙ දුවනවා

ම්.. දැනුයි මට කල්පනාවට ආවෙ

උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ
අනේ
උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ
හුඟ දෙනෙක් ඒ වගේ
ටික දෙනෙක් එහෙම නෑ
අපි ඉන්නේ එතනයි
ලබා උපන් හැටියට නේ බබා වැනෙන්නේ
ලබා උපන් හැටියට නේ බබා වැනෙන්නේ

ගායනය - ඇන්ටන් ජූඩ් සහ විමල්ජිත් දොඹගහවත්ත
පද - ජෝ අබේවික්‍රම
තනුව හා සංගීතය - තරුපති මුණසිංහ
චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ “සබඳ පබිලිස්” ටෙලි නාට්‍යයේ තේමා ගීයයි.

Sunday, December 15, 2013

උඩැක්කි කෝළම

දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන
මොනර පැටික්කිය වාගෙයි මයුර තාල තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම //

කුඩ බාගෙ හංස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන
පශ්චාත් භාගෙ යාම්තමින් කොට ඇඳුමින් වහගෙන
නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්ට සිත් දෙන
තාන තනම් තම්දෙන තන මේ උඩැක්කි කෝළම //

දඟර වානෙ කම්බි වාගේ අඟර දඟර දාගෙන
මොනර පැටික්කිය වාගෙයි මයුර තාල තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම //

පවුල් අවුල් වෙන්ට පවා පෙර සළකුණු පතුරණ
එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන
අනුරාබර තෑගි බෙදන මුව හසරැලි නංවන
තාන තනම් තම්දෙන තන මේ උඩැක්කි කෝළම //

දඟර වානෙ කම්බි වාගේ අඟර දඟර දාගෙන
මොනර පැටික්කිය වාගෙයි මයුර තාල තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම ///

ගායනය - කුමාර තිරිමාදුර
පද - විමල්ජිත් දොඹගහවත්ත
තනුව - විමල්ජිත් දොඹගහවත්ත


මහරගමදි ම රූගත කළ, ඉහත ගීයේ වීඩියෝව