Sunday, December 15, 2013

උඩැක්කි කෝළම

දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන
මොනර පැටික්කිය වාගෙයි මයුර තාල තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම //

කුඩ බාගෙ හංස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන
පශ්චාත් භාගෙ යාම්තමින් කොට ඇඳුමින් වහගෙන
නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්ට සිත් දෙන
තාන තනම් තම්දෙන තන මේ උඩැක්කි කෝළම //

දඟර වානෙ කම්බි වාගේ අඟර දඟර දාගෙන
මොනර පැටික්කිය වාගෙයි මයුර තාල තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම //

පවුල් අවුල් වෙන්ට පවා පෙර සළකුණු පතුරණ
එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන
අනුරාබර තෑගි බෙදන මුව හසරැලි නංවන
තාන තනම් තම්දෙන තන මේ උඩැක්කි කෝළම //

දඟර වානෙ කම්බි වාගේ අඟර දඟර දාගෙන
මොනර පැටික්කිය වාගෙයි මයුර තාල තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම ///

ගායනය - කුමාර තිරිමාදුර
පද - විමල්ජිත් දොඹගහවත්ත
තනුව - විමල්ජිත් දොඹගහවත්ත


මහරගමදි ම රූගත කළ, ඉහත ගීයේ වීඩියෝව



No comments: