Showing posts with label චාර්ල්ස් ඩයස්. Show all posts
Showing posts with label චාර්ල්ස් ඩයස්. Show all posts

Thursday, May 21, 2020

සුපිපුණ සුගන්ධ යුත්


සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා

සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා
සිඹිමින් නෙළමින් //
නෙළමින් මම යමි යමි උද්‍යානයේ //
උදයේ රම්යා නෙළමින්නේ
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා //

බිඟු රාශී 
හැම කාලේ 

ඇත කෝපේ කුමරිය හා

මල් නෙළන්නෙමී මං ගොතන්ට මාලා
රජ දුවනීයන්ටා ....//
මෙවාරේ නෙළන්ට කුසුමන් යාමී

මෙවාරේ නෙළන්ට කුසුමන් යාමී
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා

සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා
සිඹිමින් නෙළමින් //
නෙළමින් මම යමි යමි උද්‍යානයේ //
උදයේ රම්යා නෙළමින්නේ
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා //

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - නීතිඥ චාර්ල්ස් ඩයස් ("ඇලඩින්" නෘත්‍යයේ ගීයකි.)


නීතිඥ චාර්ල්ස් ඩයස් අමරතුංගයන්ගේ "ඇලඩින් සහ පුදුම පහන" (1914) නෘත්‍යයේ එන ගීයක් වන මෙය සුනිල් එදිරිසිංහ විසින් "සඳකඩපහණ" කැසට් පටය සඳහා ගායනා කළේය. 2001 වසරේදී නැවත මෙම ගීය "නෑසෙන ගී රස 2" සංගත තැටිය හා කැසට් පටයටත් ඇතුළත් විය. 

Monday, September 2, 2019

ආරණ්‍යේ ඉන්නා

ආරණ්‍යේ ඉන්නා මෙ රම්‍යා කතේ
ශ්‍රියා කාන්තාව සේ පෙනේ

ශ්‍රියා කාන්තාව සේ පෙනේ //
ආරණ්‍යේ ඉන්නා මෙ රම්‍යා කතේ
ශ්‍රියා කාන්තාව සේ පෙනේ

සදමින 'ශෝකමාලා වෘක්ෂේ මෙ ඉන්නා
කවුදෝ තී රම්‍යා කතේ ...//

චණ්ඩාල ගෝත්‍රේ චණ්ඩාල කන්‍යා //
ප්‍රේමිට හර්දේ පුදම්
රතී සරී ප්‍රේමිට හර්දේ පුදම්

ආරණ්‍යේ ඉන්නා මෙ රම්‍යා කතේ
ශ්‍රියා කාන්තාව සේ පෙනේ ...//

ගායනය - බන්දුල විජේවීර
පද - නීතිඥ චාල්ස් ඩයස්
තනුව - ව්ශ්වනාත් ලව්ජි
නීතිඥ චාල්ස් ඩයස්ගේ "සිවම්මා ධනපාල" නෘත්‍ය යෙහි ගීයකි.




Aaranne Inna - Bandula Wijeweera (Siwamma Dhanapala)

නීතිඥ චාල්ස් ඩයස් ශූරින්ගේ "සිවම්මා ධනපාල" නෘත්‍ය යෙහි එන මේ ගීය බොහෝ ශිල්පීන් විසින් ගයා තිබේ. ඒ ඒ ගායන ශිල්පීන් ගීය ගයද්දී පද උසුරුවන අන්දමේ යම් වෙනස්කම් දක්නට තිබේ.

වික්ටර් රත්නායනයන් මෙලෙස ගයා තියෙනවා.

වික්ටර් රත්නායකයන්ගේ ගායනයට අනුව පද වැල පහත ආකාරයෙනි.

ආරණ්‍යේ ඉන්නා මේ රම්‍යා කතේ
ශ්‍රියා කාන්තාව සේමා පෙනේ

ශ්‍රියා කාන්තාව සේමා පෙනේ //
ආරණ්‍යේ ඉන්නා මේ රම්‍යා කතේ
ශ්‍රියා කාන්තාව සේමා පෙනේ

සාදමින 'ශෝකමාලා වෘක්ෂේ මෙ ඉන්නා
කවුදෝ තී රම්‍යා කතේ

සදමින් 'ශෝකමාලා වෘක්ෂේ මෙ ඉන්නා
කවුදෝ තී රම්‍යා කතේ

චණ්ඩාල ගෝත්‍රේ චණ්ඩාල කන්‍යා //
ප්‍රේමිට හර්දේ පුදම්
රතී සරී ප්‍රේමිට හර්දේ පුදම්

ආරණ්‍යේ ඉන්නා මේ රම්‍යා කතේ
ශ්‍රියා කාන්තාව සේමා පෙනේ ...//

ශ්‍රියා කාන්තාව සේමා පෙනේ
ශ්‍රියා කාන්තාව සේමා පෙනේ

ආරණ්‍යේ ඉන්නා මේ රම්‍යා කතේ
ශ්‍රියා කාන්තාව සේමා පෙනේ ...//


මේ ගීයම ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගායන ශූරින් ගැයුවා පහත අයුරින්

Monday, November 13, 2017

මිතුරින්ද රාජ මාලිගා

මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ ...//
කොයිබ වෙන්නේ දෝ දැන් දැන්
පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ

පේන පේන දැඩි ද්වාර පෙනේයා
මුරකාවල රැඳි සෙබලු පෙනේයා ...//
නොම පෙනේ රජුගෙ ශාලා

අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා ..//

මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ ....//

මාලිග මාලිග ආන් පෙනේයා
මුරගේ වාසල වහලා ...//

අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා ..//

මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ  ...//
කොයිබ වෙන්නේ දෝ දැන් දැන්
පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ
කොයිබ වෙන්නේ දෝ///

ගායනය - කෝලිත භානු දිසානායක

චාර්ල්ස් ඩයස් කලා ශූරින්ගේ විදුර නාටකයෙනි.

Tuesday, December 27, 2016

පෙම්බර දේවී මගේ

පෙම්බර දේවී මගේ පණ හා සරී /////

මා හද බෝ වියේ
සෝකෙන් මා ළය සෝ වියේ
නොලැබේදෝ සොඳුරු දේවි භීතෙන් මා ළය සෝ වියේ //
පෙම්බර දේවී මගේ පණ හා සරී //

ප්‍රාණෙ සරි ස්වාමි නිසා සෝක බොහෝ වීය හදේ //
මා නිසා ස්වාමි අනේ වින්දා දැඩී දුක් රාශී
ප්‍රීති රාශි වෙයි හද ඒ දැක්මෙන් දැන් ඔබ ස්වාමී //
දේශ වාසි සෑම දෙනා සිටියෙ බොහෝ සෝකෙ ගිලී
ප්‍රේම ස්වාමි ආව නිසා යන්ට ගියේ සෝක නිවී //

දැක්මෙනි මා ප්‍රියේ
හර්දේ පිනා ගියේ ..//
කිසි කාලේ දමාල අම්ම යන්ටෙපා ප්‍රියේ //

පෙම්බර දේවී මගේ පණ හා සරී //////

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය - චාර්ල්ස් ඩයස්
චාර්ල්ස් ඩයස් ශූරීන්ගේ පද්මාවතී නාටකයෙනි.  (1914)
(චාල්ස් ඩයස් අමරතුංග)