Showing posts with label ක්‍රිස්ටෝපර් ලියනගේ. Show all posts
Showing posts with label ක්‍රිස්ටෝපර් ලියනගේ. Show all posts

Tuesday, January 31, 2017

විල් තෙරේදි හමුවෙලා

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ සිතුම් සඳක් වෙලා
අන්න පායලා

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ පැතුම් මලක් වෙලා
ඉන්නවා බලා

නීල නුවන් හමුවුණු දා
සිතක හැඟුම් පීදුනා
මගේ ලොවේ කඳුළු සිඳී
අප දෙදෙනා ළංවුණා

මට ආදරේ මුලින් එදා
ජීවිතේට තේරුණා ...//

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ සිතුම් සඳක් වෙලා
අන්න පායලා

සුවඳ කුසුම් පිපුණ මගේ
හද ඔබ හට පුදකළා
බලා ඉමී නිසංසලේ
යළි එනතුරු මඟ පගා

මගෙ ජීවිතේ ඔබයි සදා
ආදරේට තේරුණා ...//

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ සිතුම් සඳක් වෙලා
අන්න පායලා

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ පැතුම් මලක් වෙලා
ඉන්නවා බලා

හෝහෝ හො හෝහෝ හො හෝහෝ හොහෝ
හාහාහ හාහාහ හා...

හාහාහ හාහාහ හාහ හා...
හාහාහ හාහාහ හා...

ගායනය - ලතා වල්පොල සහ ක්‍රිස්ටෝපර් ලියනගේ
පද - සුනිල් යෝගේන්ද්‍ර
සංගීතය - නීල් වර්ණකුලසූරිය (සන් ෆ්ලවර්ස්)
2003 දී තිරගතවූ සුන්දරයි ආදරේ චිත්‍රපටියේ ගීයකි.