Showing posts with label ප්‍රියන්ත පෙරේරා. Show all posts
Showing posts with label ප්‍රියන්ත පෙරේරා. Show all posts

Tuesday, October 4, 2016

නොසිතූ විලස ඔබ

නොසිතූ විලස ඔබ මා දුටු ඒ දවසේ
පැතු පැතුමක් විලස අප හමුවූ බව දැනුණේ
හිමි නැති ලොවක් මට අද ඔබගේ සෙවණේ
ආපසු හැරෙණු බෑ මට මේ සංසාරේ

අඳුරු මාවතේ
අප හමුවී ලොවට හොරා
පෙම් හසරැලි ගලා යයි හාදු මැදින්
ඒ සුවඳ නුඹේ පෙර නොවු ලෙස තුරුලෙන්
හැර යන්නෙ කෙලෙස ඔබ මා
මේ ලොවට හොරෙන්

නෙතු පෙඟුණා හද සැලුණා ඔබම නිසා
රුව මැවුණා හඬ ඇසුණා ගුවන පුරා
යලි ඔබ හිනැහී මගෙ හදවත පිරුණා
ඔබ හැර වෙන ලොවක් මට නැති බව දැනුණා

නොසිතූ විලස ඔබ මා දුටු ඒ දවසේ
පැතු පැතුමක් විලස අප හමුවූ බව දැනුණේ
හිමි නැති ලොවක් මට අද ඔබගේ සෙවණේ
ආපසු හැරෙණු බෑ මට මේ සංසාරේ

ගායනය - සමිතා එරන්දතී මුදුන්කොටුව
පද - ප්‍රියන්ත පෙරේරා
තනුව - රුවන් වල්පොල



Nosithu Vilasa Oba - Samitha Mudunkotuwa