Showing posts with label මල්කාන්ති නන්දසිරි. Show all posts
Showing posts with label මල්කාන්ති නන්දසිරි. Show all posts

Tuesday, August 13, 2019

සුමන සමන් දෙවි




සුමන සමන් දෙවි
විමන කෙරෙන් එන
ගිමන නිවන අටියේ

දිනිඳු උදෑසන මුනිපා නමදින (සුමන සමන් දෙවි විමන කෙරෙන් එන....
සමනල කඳු වැටියේ (ඒ... ඒ...
පාමුළ පිහිටි මනා
සමනල ගම සොබනා


රිදී නයින් ලෙස ඇදී ඇදී යයි
සීතල දිය දහරා

ලතා තුරුල්ලෙහි
පිපෙන තැනින් තැන

මල් ලස්සන තෝරා (ආ ආ...
මඳ සුළඟෙහි හමනා
ඵල බර තුරු හැළෙනා
සුමන සමන් දෙවි
විමන කෙරෙන් එන
ගිමන නිවන අටියේ

දිනිඳු උදෑසන මුනිපා නමදින (සුමන සමන් දෙවි විමන කෙරෙන් එන....
සමනල කඳු වැටියේ (ඒ... ඒ...
පාමුළ පිහිටි මනා
සමනල ගම සොබනා

 

ගිරවුන් තුඩු ගා කිරි රහ සොයනා
පීදෙන රන් ගොයමේ

රැඟුමේ පලවේ බත උපදවනා
ගොවි දෑතෙහි මහිමේ (ඒ... ඒ...
ගෙවිලිය මන බඳිනා
බුදු මැදුරට ඇදෙනා


බුදු මැදුරට ඇදෙනා
බුදු මැදුරට ඇදෙනා

බුදු මැදුරට ඇදෙනා
බුදු මැදුරට ඇදෙනා

බුදු මැදුරට ඇදෙනා

ගායනය - සනත් නන්දසිරි සමග මල්කාන්ති නන්දසිරි සහ නාලිනී රණසිංහ
පද - ධර්මසිරි ගමගේ
තනුව - ප්‍රේමසිරි කේමදාස
1971 දී තිරගතවූ සමනල කුමරියෝ චිත්‍රපටියේ ගීයකි.


Sumana Saman Devi - Sanath Nandasiri with Malkanthi Nandasiri & Nalini Ranasinha

Sunday, November 11, 2018

අරුනළු ඉහිරුණු



අරුනළු ඉහිරුණු මල් කැකුළක්
දෙනෙතට මුසුවුණු සුබ දසුනක් ...//
දෝතට ගන්නට වෙයි හැඟුමක්
මල් සැම පරවෙයි නොසිතනු මැන අහිතක්

මේ මල් කැකුළේ නව මුදු සුවඳක්
මා හද පිරිමැද පවසයි රහසක් ...//
විකසිත වෙයි සිතිවිලි දහසක්
සුවඳත් වියැකෙයි
නොහිතනු මැන ඇල්මක්

අරුනළු ඉහිරුණු මල් කැකුළක්
දෙනෙතට මුසුවුණු සුබ දසුනක් ...//
දෝතට ගන්නට වෙයි හැඟුමක්
මල් සැම පරවෙයි නොසිතනු මැන අහිතක්

මේ බිඟු අරණේ ඇත මල් සහසක්
මා නෙතු කළඹා නැත ඉන් කිසිවක් ...//
ඔබ පුබුදයි නිකලැල් පැතුමක්
සිතු දේ නොම වෙයි
එය වේ ලෝ දහමක්

අරුනළු ඉහිරුණු මල් කැකුළක්
දෙනෙතට මුසුවුණු සුබ දසුනක් ...//
දෝතට ගන්නට වෙයි හැඟුමක්
මල් සැම පරවෙයි නොසිතනු මැන අහිතක්

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

Tuesday, December 27, 2016

මේ සිනහව රැඳෙයි කියා

මේ සිනහව රැඳෙයි කියා
තුන් කල් වෙහෙස දරා
තෙළි තුඩ නිම කළ ඔබෙ රූ
මා රුව ඇඳුණු මෙසේ
සිතිවිලි මැවෙනු කෙසේ
මේ සිරවුණු කරදහියේ ...//

දෑසේ පිපුණු සෙනෙහේ කැකුළූ
මට ඇඳුණා නොදැනිම සිතිලා
පාළුව දැනුණූ මොහොතේ ඇඳුණු
සේයාවයි ඔබෙ රුව මැවිලා

මා සිරවේවී
වල්මත් වේවී ..//
බිත්ති පුරා සිතුවම් වීලා

මේ සිනහව රැඳෙයි කියා
තුන් කල් වෙහෙස දරා
තෙළි තුඩ නිම කළ ඔබෙ රූ
මා රුව ඇඳුණු මෙසේ
සිතිවිලි මැවෙනු කෙසේ
මේ සිරවුණු කරදහියේ

මා ළඟ ඉන්නයි මෝනාලිසා සේ
සංසාරේ තනිකම පළවා
මා සැනසෙන්නයි ඔබෙ රුව ඇන්දේ
කඩදහියක සිතුවම් ගලපා

බෑ මට හැමදා
ඉන්නට රැඳිලා ..//
හැම නෙතටම දසුනක් වීලා

මේ සිනහව රැඳෙයි කියා
තුන් කල් වෙහෙස දරා
තෙළි තුඩ නිම කළ ඔබෙ රූ
මා රුව ඇඳුණු මෙසේ
සිතිවිලි මැවෙනු කෙසේ
මේ සිරවුණු කරදහියේ ...//

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

ඔබේ ඇස් බැමි

ඔබේ ඇස් බැමි සිහිල් සෙවණේ
අමල නෙත් පොකුණේ
පිපී සැලෙනා නීල උත්පල
ඔබ නමිනි පිපුණේ
අමල නෙත් පොකුණේ

සියුම් සත්සර හඬට සැතපෙන
පැතුම් පිබිදෙනවා
එවන් මොහොතක යොවුන් ගී තනු
දෙතොල් සිප එනවා ...//
දෙතොල් සිප එනවා

ඔබේ ඇස් බැමි සිහිල් සෙවණේ
අමල නෙත් පොකුණේ
පිපී සැලෙනා නීල උත්පල
ඔබ නමිනි පිපුණේ
අමල නෙත් පොකුණේ

සඳැල්ලට එන සඳ කැළුම් ලෙස
මවෙත එනු මැනවී
විසල් ලොව මැද සසල නොවනෙමී
අතරමග තනිවී ...//
අතරමග තනිවී

ඔබේ ඇස් බැමි සිහිල් සෙවණේ
අමල නෙත් පොකුණේ
පිපී සැලෙනා නීල උත්පල
ඔබ නමිනි පිපුණේ
අමල නෙත් පොකුණේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

පෙම්බර දේවී මගේ

පෙම්බර දේවී මගේ පණ හා සරී /////

මා හද බෝ වියේ
සෝකෙන් මා ළය සෝ වියේ
නොලැබේදෝ සොඳුරු දේවි භීතෙන් මා ළය සෝ වියේ //
පෙම්බර දේවී මගේ පණ හා සරී //

ප්‍රාණෙ සරි ස්වාමි නිසා සෝක බොහෝ වීය හදේ //
මා නිසා ස්වාමි අනේ වින්දා දැඩී දුක් රාශී
ප්‍රීති රාශි වෙයි හද ඒ දැක්මෙන් දැන් ඔබ ස්වාමී //
දේශ වාසි සෑම දෙනා සිටියෙ බොහෝ සෝකෙ ගිලී
ප්‍රේම ස්වාමි ආව නිසා යන්ට ගියේ සෝක නිවී //

දැක්මෙනි මා ප්‍රියේ
හර්දේ පිනා ගියේ ..//
කිසි කාලේ දමාල අම්ම යන්ටෙපා ප්‍රියේ //

පෙම්බර දේවී මගේ පණ හා සරී //////

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය - චාර්ල්ස් ඩයස්
චාර්ල්ස් ඩයස් ශූරීන්ගේ පද්මාවතී නාටකයෙනි.  (1914)
(චාල්ස් ඩයස් අමරතුංග)

සීත රෑ වසන්තේ


ආ... ආ ආ.. ආ ආ ආ ....//

සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ
ප්‍රේම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ ...//
නොසැලී කියන්
ගීතේ ඔබේ
මා නිසා නොවේදෝ

නීල සාගරේ පාර පෙන්වනා
තාරකාව වී
රෑට පායමී
රෑට පායමී

සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ
ප්‍රේම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ
නොසැලී කියන්
ගීතේ ඔබේ
මා නිසා නොවේදෝ

ජීවිතේ අපේ
වේදනා නිවී
මේ භවේ පුරා
වාසනා ගෙණේ
වාසනා ගෙණේ

සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ
ප්‍රේම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ ...//
නොසැලී කියන්
ගීතේ ඔබේ
මා නිසා නොවේදෝ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

හිච්චි නඟේ

හිච්චි නඟේ
හිච්චි නඟේ ...

හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා
ළපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා

හිච්චි නඟේ
හිච්චි නඟේ ...

කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ
ගං පියසේ මං හිටියේ විලංගුවේ ..//
රෑ යාමේ හමුවී මට දෙවොල් පොළේ
ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ

හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා
ළපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා
හිච්චි නඟේ
හිච්චි නඟේ ...

දුරස් වෙලා හිටියත් ඔබ කොළොම්පුරේ
හද සුවඳයි රැඳුණේ ළඟ නිරන්තරේ ...//
හරස් වෙලා හැම දෙනාම කිමද නඟේ
ඔබෙයි මගෙයි ආදර ලොව පලුදු කළේ

හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා
ළපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා

හිච්චි නඟේ
හිච්චි නඟේ .....///

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය - සුනිල් ගුණවර්ධන
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

දෙපා වඳිමි

දෙපා වඳිමි උදය හවා
වඩවා බැති පෙම්මා
මෙතේ බුදුන් බුදු වන දා
නිවන් දකින් අම්මා ...//
නිවන් දකින් අම්මා
නිවන් දකින් අම්මා

සතර වරම් දෙවි තෙද කඳ
සතර අතින් නිති වැඩ හිඳ ..//
සසර සරණ තුරු රැක දෙන්
මගෙ පෙම්බර අම්මා
මගෙ පෙම්බර අම්මා
මගෙ පෙම්බර අම්මා

දෙපා වඳිමි උදය හවා
වඩවා බැති පෙම්මා
මෙතේ බුදුන් බුදු වන දා
නිවන් දකින් අම්මා
නිවන් දකින් අම්මා
නිවන් දකින් අම්මා

සත් සතියේ අනුහසයෙන්
දම්සක් බුදු බණ බලයෙන් ...//
නිදුක් නිරෝගී වේවා
නෙත් දෙක වැනි අම්මා
නෙත් දෙක වැනි අම්මා
නෙත් දෙක වැනි අම්මා

දෙපා වඳිමි උදය හවා
වඩවා බැති පෙම්මා
මෙතේ බුදුන් බුදු වන දා
නිවන් දකින් අම්මා
නිවන් දකින් අම්මා
නිවන් දකින් අම්මා

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

බමරු නොදුටු මලක්

රහසක් ..
පොඩි රහසක් ..
කවුරුත් නොදන්ව රහසක් ..

බමරු නොදුටු මලක් පිපිල ගෙයි මැද සාලේ
ඈත ඇදේ දෑස අන්ධ
මී මැසි මාලේ
බමරු නොදුටු මලක් පිපිල ගෙයි මැද සාලේ

මල් කැකුළක් මල්වරවී දොරට වඩින සඳ
සුවඳ දැනේ හතරවටේ ගව් ගණනක් දුර ...//
මන්මත් වී රෑන් සැදී තරුණ බමර කැළ
බමරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුළ

බමරු නොදුටු මලක් පිපිල ගෙයි මැද සාලේ
ඈත ඇදේ දෑස අන්ධ
මී මැසි මාලේ
බමරු නොදුටු මලක් පිපිල ගෙයි මැද සාලේ

සුරංගනා කතා තවත් නොකියණු මැන මට
කොයිද නඟෝ නුඹ පවසන බඹරු නොදුටු මල ..//
මන්මත් වී රෑන් සැදී තරුණ බමර කැළ
බමරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුළ

අන්න අතන මල් බඳුනේ බමරු නොඑන මල
අතින් හැදූ පාට පාට
රන් කරදහි මල
අන්න අතන මල් බඳුනේ බමරු නොඑන මල

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

Monday, December 26, 2016

සහසක් පැතුමන් ඉපදී මියගොස්

සහසක් පැතුමන් ඉපදී මියගොස්
සහසක් පැතුමන් ඉපදී මියගොස්
ඉතිරිව ගිය එක පැතුම දරාගෙන
ඇහැළ මහක අඬ සඳ පැයූ දා
මතකද සිරි දළදා වැන්දා
මතකද සිරි දළදා වැන්දා

අතීතයක් වෙන්වන රේඛාවෙන්
අනාගතය හිස් කරවණු ලැබුවා ...//
ඔබෙ අත අන් ලඳකට හිමිකර දී
මතකද මා ඉකිබිඳ හැඬුවා
මතකද මා ඉකිබිඳ හැඬුවා

සහසක් පැතුමන් ඉපදී මියගොස්
ඉතිරිව ගිය එක පැතුම දරාගෙන
ඇහැළ මහක අඬ සඳ පැයූ දා
මතකද සිරි දළදා වැන්දා
මතකද සිරි දළදා වැන්දා

අහිමිව ගිය සම්පතට වඩා
හිමිවූ දුක මිහිරී සලකන්නම් ...//
ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත්
පෙර පිනෙකැයි මා සැනසෙන්නම්
පෙර පිනෙකැයි මා සැනසෙන්නම්

සහසක් පැතුමන් ඉපදී මියගොස්
ඉතිරිව ගිය එක පැතුම දරාගෙන
ඇහැළ මහක අඬ සඳ පැයූ දා
මතකද සිරි දළදා වැන්දා
මතකද සිරි දළදා වැන්දා

ගායනය - මල්කාන්ති නන්දසිරි
පද රචනය - දයා ද අල්විස්
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි


මෙම ගීයට පිළිතුරු ගීයක් ලෙස "සහසක් පැතුමන් නැත මාපැතුවේ" නම් ගීය මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලදී.



Wednesday, May 6, 2015

සතර වටේ මල් පිපිලා

අවුරුදු නිමාවී
ගම නිසංසල වී
පොසොන් මහ උදාවී
ළඟ ළඟම එයි

සතර වටේ මල් පිපිලා
මී අඹ ගස් පැණි එරිලා
ගිරා කොවුල් ජය හඬ මැද
දීග ගියා මුතූ ...

සීතල පොද වැහි වැහැලා
ගමට මගුල් සිරි
........................
සතර වටේ මල් පිපිලා
මී අඹ ගස් පැණි එරිලා
සීතල පොද වැහි වැහැලා //
ගමට මගුල් සිරි ...//

ගේ මිදුලේ ඇහැළ ගහේ ගිරවුන් එක්වී //
දීගෙක යන මුතුගේ රුව හැඩට බලද්දී //

සතර වටේ මල් පිපිලා
මී අඹ ගස් පැණි එරිලා
සීතල පොද වැහි වැහැලා //
ගමට මගුල් සිරි ...//

ගේ අද්දර දෙවැට දිගේ කොවුලන් එක්වී //
මනාලියට ජය මංගල ජයට ගයද්දී //

සතර වටේ මල් පිපිලා
මී අඹ ගස් පැණි එරිලා
සීතල පොද වැහි වැහැලා //
ගමට මගුල් සිරි ...//

ගේ මිදුලේ ඇහැළ ගහේ ගිරවුන් එක්වී //
දීගෙක යන මුතුගේ රුව හැඩට බලද්දී //

සතර වටේ මල් පිපිලා
මී අඹ ගස් පැණි එරිලා
සීතල පොද වැහි වැහැලා //
ගමට මගුල් සිරි ...//
ගමට මගුල් සිරි////

ගායනය- මහාචාර්ය සනත් නන්දසිරි, පියසිරි විජේරත්න, අමරා රණතුංග සහ මල්කාන්ති නන්දසිරි

මෙම ගීය මම කුඩා කල බොහෝ වාරයක් අසා ඇති මුත්, ගීය නිර්මානයෙහි ලා දායක වූවන් ගැන හෝ කුමන කාරණයක් අරභයා එය නිර්මානය වුණි දැයි මතකයක් නැත. විශේෂිත යැයි යමක් නෙත ගැටුණු කල ඒ ගැන සටහනක් තබන්නට බාල කාලයේ සිට පුරුද්දක් තිබූ නමුත්, එසේ කළ සටහන් (කඩදාසි) බොහොමයක් විනාශ වී තිබීම හිතට දුකක් ගෙනදේ. අද මෙන් “cloud“ අවකාශ තිබිණි නම් මගේ සටහන් වලට ටෙරා බයිට් ඉඩකඩක් වත් නැතිව බැරි වනවාය.

මගේ මතකයේ යම්තමට ඡායාවක් ලෙස පවතින්නේ මේ ගීය විශේෂ අවස්ථාවක ගුවන් විදුලි ගීත නාටකයක වූ බවයි.