Tuesday, May 5, 2015

සහසක් පැතුමන් නැත මා පැතුවේ


සහසක් පැතුමන් නැත මා පැතුවේ
එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ
හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා

ඇස කඳුළැලි මෙන්
ඉස පිනි බින්දු
පිරිසිදු නා මල දෝතෙහි රැන්දූ ...//
පිදුමත් පැතුමත් කඳුළට හරවා
මතකයි ඔබ පාමුල වැටුණා

සහසක් පැතුමන් නැත මා පැතුවේ
එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ
හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා

අහිමි සැපත මිහිරියි සිත පුරවා
තැවෙමු හඬමු මේ භවය පුරා ...//
මතු භවයෙත් මගෙ නෑනා වනු මැන
අදට වඩා අනුකම්පාවෙන්

සහසක් පැතුමන් නැත මා පැතුවේ
එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ
හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

මෙම ගීය මහැදුරු සුනිල් ආරියරත්නයන් රචනා කරන්නේ, කලකට ඉහත දයා අල්විස් විසින් රචිත, මල්කාන්ති නන්දසිරි ගායනා කළ "සහසක් පැතුමන් ඉපදීමිය ගොස්" නමැති ගීයට පිළිතුරු ගීයක් වශයෙනි. මල්කාන්ති ගැයූ ගීය  අඩවියේ වෙනත් තැනෙක තිබේ.

No comments: