Showing posts with label ලිලන්ති කරුණානායක. Show all posts
Showing posts with label ලිලන්ති කරුණානායක. Show all posts

Thursday, January 31, 2019

තාත්තා

මගෙ හිස බොකුටුයි
දෙතොල් ලොකුයි
තාත්තගේ වාගෙයි
මුහුණ රතුයි
දෑස දිගයි
අම්මගේ වාගෙයි

අම්මා නම් මම හඳුනනවා
තාත්ත නැහැ දන්නේ
තාත්ත ගැන ඇසුවාමත් අම්මා
නෑ උත්තර දෙන්නේ

තාත්ත ගැන ඇසුවාම
අම්මා දුක් වෙනවා
කඳූළු පිරීලා ඇගෙ දෑසේ
දෙනෙතම බර වෙනවා

පාළුවක් දැණුනාම
අම්මා වෙත යනවා
ඇය ආදරෙන් සිනාසී
මගෙ සිත සනසනවා

හිස බොකුටුයි
දෙතොල් ලොකුයි
තාත්තගේ වාගෙයි
මුහුණ රතුයි
දෑස දිගයි
අම්මගේ වාගෙයි

අම්මා නම් මම හඳුනනවා
තාත්ත නැහැ දන්නේ
තාත්ත ගැන ඇසුවාමත් අම්මා
නෑ උත්තර දෙන්නේ

හ්ම්.... ම් ම් ම් ම්....
හ්ම්.... ම් ම් ම් ම්....
හ්ම්.... ම් ම් ම් ම්....
හ්ම්.... ම් ම් ම් ම්....

ගායනය - ලිලන්ති කරුණානායක
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

පුංචි පුංචි බෝනික්කෝ

පුංචි පුංචි බෝනික්කෝ සාප්පුවේ මම දැක්කෝ //
නැගිටිනවා ඇවිදිනවා දෑස පියා ඇලවෙනවා //

සාප්පුවක් ඇතුළෙ ඉඳන් මට හිනැහෙනවා
ඔබ දකින දකින මොහොතක් තුළ හිත සැනසෙනවා ...//

ඇඳුම ලස්සණයි නෙ බබෝ
පැහැය ලස්සණයි නෙ බබෝ
මගෙ දෑතට වඩාගන්න මට සිත්වෙනවා

පුංචි පුංචි බෝනික්කෝ සාප්පුවේ මම දැක්කෝ //
නැගිටිනවා ඇවිදිනවා දෑස පියා ඇලවෙනවා //

යාප්පුවෙන් අම්මා වෙත මම අද යන්නම්
බෝනික්කා දෙන තුරු බොරු ඇඬුම් අඬන්නම් ...//

හිත සනසාලයි ද බබෝ
බෝනික්කා දෙයි ද බබෝ
මගෙ දෑතට වඩාගන්න මට සිත්වෙනවා

පුංචි පුංචි බෝනික්කෝ සාප්පුවේ මම දැක්කෝ //
නැගිටිනවා ඇවිදිනවා දෑස පියා ඇලවෙනවා //

පුංචි පුංචි බෝනික්කෝ සාප්පුවේ මම දැක්කෝ //
නැගිටිනවා ඇවිදිනවා දෑස පියා ඇලවෙනවා

ගායනය - ලිලන්ති කරුණානායක
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

Tuesday, January 22, 2019

වැනියන් කළූ

වැනියන් කළූ
වැනියන් කළූ
වැනියන් කළූ වැනීයන්
මාත් එක්ක වැනීයන්
කළූට ගී ඇසීයන්
ගී ඇසීයන්
කළූට ගී ඇසීයන්
ගී තාලෙට වැනීයන් ....//

කඳුළු කළුව මැකීයන්
සතුටු වැස්ස වැසීයන්
ඒ වැස්සට තෙමීයන්
දුක් ගින්දර නිමීයන්

වැනියන් කළූ
වැනියන් කළූ
වැනියන් කළූ වැනීයන්
මාත් එක්ක වැනීයන්
කළූට ගී ඇසීයන්
ගී ඇසීයන්
කළූට ගී ඇසීයන්
ගී තාලෙට වැනීයන්

පැතුම් කැකුළු පිපීයන්
ගොයමට කිරි වැදීයන්
සැප සම්පත් ලැබීයන්
මා සිහිනෙන් පෙනීයන්

වැනියන් කළූ
වැනියන් කළූ
වැනියන් කළූ වැනීයන්
මාත් එක්ක වැනීයන්

ගායනය - ලිලන්ති කරුණානායක
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

Thursday, January 17, 2019

මහනුවරයි ගම




කිසිම තැනක දෙවැනි නොවන හරිම ඉහළ නම
ලොව පරසිදු මහනුවරයි මගේ උපන් ගම....//

ලොව හැම තැන කා අතරත් කියැවෙන හොඳ නම
සිරිලක් දිව අගනගරය කොළඹය මගෙ ගම

මහ නිමැවුම් මහ කම්හල් සුවිසල් මන්දිර
නයන පිනන මහ සමුදුර නැත මහනුවර

කඳු ගංගා කෙත් වතු මල් ගොමු සුව පිරුණු
මේ විසිතුරු කොළඹ කොහේ ඇත්දැයි කියනු

රජ සබයත් ගුවන්තොටත් වරායත් අපේ
කොළඹ මිසක් නුවරට එය යයිද මේ කපේ

හිත සුවදෙන රටටම සළසන රැකවරණේ
මහනුවරයි දළදා සමුඳුන් වැඩ ඉන්නේ

කොළඹ නුවර වෙනස් කමක් මොටද සොයන්නේ
කොතැන වුනත් එකම රටේ නොවැ අපි ඉන්නේ...//

ගායනය - ලිලන්ති කරුණානායක සහ ක්ලැරන්ස් විජේවර්ධන
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනු - ක්ලැරන්ස් විජේවර්ධන

Wednesday, January 16, 2019

කුරුලනි කාගෙදෝ මංගල්ලේ

කුරුලනි කාගෙදෝ මංගල්ලේ
ආන් ආන් රෑන් රෑන් පරෙවි කොබෙයියෝ ....//

පිළිහුඩුවා උදෙන් කූඩුව සරසලා
මල් ගෙනවිත් කැලෙන් කවලා සනසලා

කෝකිලයා ගයයි ගීතය නළවලා
රන මොණරා නටයි තාලෙට සැරසිලා....//

කුරුලනි කාගෙදෝ මංගල්ලේ
ආන් ආන් රෑන් රෑන් පරෙවි කොබෙයියෝ

අතු අග බටිත්තා මලිතිව කොනිත්තා
හිනැහීලා කියයි එන බව අමුත්තා

ගිරවිය හොට කළු දීගෙක යනවලු
කැදැල්ලෙ ඒ නිසා මගුලක් කනවලු ....//

කුරුලනි කාගෙදෝ මංගල්ලේ
ආන් ආන් රෑන් රෑන් පරෙවි කොබෙයියෝ ....//

ගායනය - ලිලන්ති කරුණානායක
පද -  කරුණාරත්න අබේසේකර
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

Sunday, January 13, 2019

ඇය කොණ්ඩෙ දිගට දාලා


ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

අපෙ පංතියෙ ළමයි එක්ක ඈ හරි යාළුයි
ඈ පාසල් නාව දාට පන්තිය පාළුයි ...//
ගමරාළගෙ කතාවටයි අපි හරි ආසා
කවදාවත් නෑ පන්තියේ කරනෙන ඝෝසා

කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

සිනා ගෙනෙන කතා තමා ඇය පවසන්නේ
ආදරයෙන් සැමදා අප හට සලකන්නේ ...//
ඇය අසළම ගැවසෙන්නට අපි හරි ආසයි
මේ පන්තිය දමා යන්න අපි ලෝබයි

කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ...//
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ///

ගායනය - ලිලන්ති කරුණානායක
පද රචනය - ක්ලැරන්ස් විජේවරධන
තනුව - ක්ලැරන්ස් විජේවරධන

Saturday, January 12, 2019

කියන්න සුළඟේ

කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ
සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ...//

කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ
වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ

හමන තාලයටද ගහේ අතු කොළ නැටුවේ
අතරමගදි ඔබ එන විට මොනවද දුටුවේ

ගොපළු පුතෙක් ගියා උදේ ගව රැළ දක්කා
මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා

සමගි වෙලා තැන තැන යනවාලු එක රැළේ
කැලේ මැදදි සත්තු දැක්කෙ නැද්ද මද නලේ

කුරුළු මවක් නැතිවුණ පොඩි පැටවෙකු සෙව්වා
තුරුළු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වා

බුදුන්ගෙ සිරිපා ඇති යැයි ලොව පරසිද්ද
සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියෙ නැද්ද

ඔබත් ළමයො මේ අහන්නෙ මොනවද මන්දා
අදත් උදෑසන මා සිරිපාදය වැන්දා

රටත් බලා සැමට සිසිල බෙද බෙද දෙන්න
මටත් ඇහැකිනම් ඔබ මෙන් තැන තැන යන්න...//

ගායනය - ලිලන්ති කරුණානායක සමග ඇනස්ලි මාලේවන
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන