Showing posts with label සෝමපාල ලීලානන්ද. Show all posts
Showing posts with label සෝමපාල ලීලානන්ද. Show all posts

Saturday, April 13, 2019

පුංචි පැලත් මේ කාලේ මාලිගා

පුංචි පැලත් මේ කාලේ මාලිගා
රජ මාලිගා
දොළොස් මහේ නැකත ඇවිල්ලා

ගම්මානෙම මංගල ගී ගායනා
ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා

මල් වරා තිබූ දළු මල් බරින් පිරේ
රන් ගොයම්ද කිරිවැදී සැලේ

බාලොලියා බෝවිටියා හිනැහී ඇත්තේ
කෝල ළඳුන් පුරන රබන් සුරල් සේ

පුංචි පැලත් මේ කාලේ මාලිගා
රජ මාලිගා
දොළොස් මහේ නැකත ඇවිල්ලා

ගම්මානෙම මංගල ගී ගායනා
ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා

කමත් පින් කෙතේ පුංචි පැංචියන් පිරී
චන්ද්‍ර කිඳුරු නාඩගම වෙතේ

කෝල ළඳුන් ආල සිතින් ගැටව් හා එතී
ඈත කුඹුරු දිගේ සරුංගල් අරී

පුංචි පැලත් මේ කාලේ මාලිගා
රජ මාලිගා
දොළොස් මහේ නැකත ඇවිල්ලා

ගම්මානෙම මංගල ගී ගායනා
ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා

දොළොස් මහේ නැකත ඇවිල්ලා
සිංහල අවුරුද්ද ඇවිල්ලා...//

ගායනය - විජය කුමාරතුංග සහ චන්ද්‍ර‍ලේඛා පෙරේරා
පද - සෝමපාල ලීලානන්ද
තනුව - සරත් දසනායක

Tuesday, February 7, 2017

සඳු පායා ආකාසේ

සඳු පායා ආකාසේ රහසේ
රැය ලස්සණ වන්නාසේ මිහිරේ
නෙතු සඟළක් තේරෙන්නා
ඔබ මා හා හිනැහෙන්නා
හංගා ආදරේ

සංකා සෝකා
නෑඟේ නෑසේ
කැන්දා ඒ ස්නේහේ
මංගල සිතිවිලි සිහින සිනාවෙන් සැරසී ආ
සුවඳක් පාවෙන්නා

සඳු පායා ආකාසේ රහසේ
රැය ලස්සණ වන්නාසේ මිහිරේ
නෙතු සඟළක් තේරෙන්නා
ඔබ මා හා හිනැහෙන්නා
හංගා ආදරේ

නැංවේ වීණා
රාවේ රහසේ
ළතැවුල් ගී නෑසේ
මංගල ගීයෙන් ලස්සණ යුවලක් හිනැහී ආ
සුවඳක් පාවෙන්නා

සඳු පායා ආකාසේ රහසේ
රැය ලස්සණ වන්නාසේ මිහිරේ
නෙතු සඟළක් තේරෙන්නා
ඔබ මා හා හිනැහෙන්නා
හංගා ආදරේ
හංගා ආදරේ
හංගා ආදරේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - සෝමපාල ලීලානන්ද
තනුව - සරත් දසනායක

Wednesday, January 25, 2017

උස්සන අත උස්සාපන්

උස්සන අත උස්සාපන්
ඒ අයිතිය උන්ට ඇතී
හොඳ දේකට උස්සන අත
ඉඹ ගන්නට අපි කැමතී
හැබැයි කැත දේකට උස්සන අත (හැහ් හැහ් හැහ් හා)
කැත දේකට උස්සන අත
එහෙම අයිති උන්ට නැතී
කැත දේකට උස්සන අත
වට්ටන එක මට අයිතී
මල්ලි හිත හොඳ පිල රජ වෙන කල (හහ් හා)
පොඩි මිනිහට එයි හොඳ කල .....//

විල්දුද උඩ කකුල තියන් යන මිනිහට අපි කැමතී
ඒත් විල්දුද උඩ යන හුඟවුන්
අපි යනවට නැහැ කැමතී
ඒ හින්දම අපි යන මඟ උන් හැම උල් කටු තියතී
කටු ගහනා එහෙම කකුල් විසි කිරීම මට අයිතී
මල්ලි හිත හොඳ පිල රජ වෙන කල (හහ් හා)
පොඩි මිනිහට එයි හොඳ කල

උස්සන අත උස්සාපන්
ඒ අයිතිය උන්ට ඇතී
හොඳ දේකට උස්සන අත
ඉඹ ගන්නට අපි කැමතී
හැබැයි කැත දේකට උස්සන අත (හැහ් හැහ් හැහ් හා)
කැත දේකට උස්සන අත
එහෙම අයිති උන්ට නැතී
කැත දේකට උස්සන අත
වට්ටන එක මට අයිතී
මල්ලි හිත හොඳ පිල රජ වෙන කල (හහ් හා)
පොඩි මිනිහට එයි හොඳ කල

ගායනය - ග්‍රේෂන් ආනන්ද සහ ෆ්‍රෙඩී සිල්වා
පද - සෝමපාල ලීලානන්ද   
තනුව හා සංගීතය - සෝමපාල රත්නායක

1991 දී තිරගතවූ 'පාරාදීසේ' චිත්‍රපටියේ ගීයකි.

පායන සඳ කිරණේ

පායන සඳ කිරණේ
සිහිල පතාගෙන
පායන තරු රෑණේ
රැජිණිය වාගේ
පහන්තරුව වේවී ඔබ මට
පහන්තරුව වේවී

පායන හිරු කිරණේ
පහස පතාගෙන ...//
පූදින මල් පළඳා
ගෙන එන පහන් කන්ද වේවී

පුර සෙන්පති විසිරින් සිරිදේ
තුරු හිස් අමිල මලෙන් පුද දේ
ප්‍රේමය මේ යැයි සසර සරා එන
පෙම් යුවලක් වේවා
ඔබ මා පෙම් යුවලක් වේවා

පහන් තරුව වේවී ඔබ මට
පහන් තරුව වේවී

පායන සඳ කිරණේ
සිහිල පතාගෙන
පායන තරු රෑණේ
රැජිණිය වාගේ
පහන්තරුව වේවී ඔබ මට
පහන්තරුව වේවී

මිහිරෙන් මිහිරකි මී විසිරී
සුවඳින් සුවඳකි ගී මිහිරී
ප්‍රේමය මේ යැයි ලොවට කියා දෙන
පෙම් යුවලක් වේවා
ඔබ මා පෙම් යුවලක් වේවා

පහන් කන්ද වේවී
ඔබ මට පහන් කන්ද වේවී

පායන හිරු කිරණේ
පහස පතාගෙන ...//
පූදින මල් පළඳා
ගෙන එන පහන් කන්ද වේවී

පායන සඳ කිරණේ
සිහිල පතාගෙන
පායන තරු රෑණේ
රැජිණිය වාගේ
පහන්තරුව වේවී ඔබ මට
පහන්තරුව වේවී

ගායනය - ග්‍රේෂන් ආනන්ද සහ ලතා වල්පොල
පද - සෝමපාල ලීලානන්ද
තනුව හා සංගීතය - සෝමපාල රත්නායක

1991 දී තිරගතවූ 'පාරාදීසේ' චිත්‍රපටියේ ගීයකි.

Tuesday, April 14, 2015

ආදරෙන් මෙසේ

ආදරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමූ
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමූ
වාස‍නා වෙතේ සංසාරේ

මාළිගා එපා වුණා
නෑසියන් එපා වුණා
ජීවිතේ මගේ ඔබේ වුණා
කාටවත් කියා නැතී
ආදරේ වදන් ඇසී
ජීවිතේ ඔබේ මගේ වුණා

බාල සංදියේ එදා
ආදරෙන් හිනාවෙලා
කී කතා යළි අසා ඉමූ
ජීවිතෙන්  අපි යළී
වෙන්වෙනාවූ යම් දිනේ
ඒ මගේ දෙඅත් වෙලා යමූ

ආදරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමූ
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමූ
වාස‍නා වෙතේ සංසාරේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - සෝමපාල ලීලානන්ද
තනුව - රූකාන්ත ගුණතිලක

මේ තරම් වූ

මේ තරම් වූ මා පෙළූ මෙදා
මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූ සිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා

මා දිහා ආදරෙන් බලා
ගේ කොනේහී හැංගිලා හැංගිලා
ආලෙන් බලා
ආයෙත් ගියා
තාමත් නෙත් ඒ ගේ දිහා

මේ තරම් වූ මා පෙළූ මෙදා
මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූ සිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා

ඒ සිනා ඒ ආදරේ සිනා
මා සිතේහී හැංගිලා හැංගිලා
මේ වාරයේ
ඈ ආ දිනේ
මේ ගී වේ ආරාධනා

මේ තරම් වූ මා පෙළූ මෙදා
මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූසිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - සෝමපාල ලීලානන්ද
තනුව - අ'නස්ට් සොයිසා

Saturday, March 28, 2015

පෙම් රස වෑහෙන මංගල ගීතේ


පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොල'ග ගී සැරේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී වද සුවඳ සදා දේ

පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා ...//
ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොල'ග ගී සැරේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී වද සුවඳ සදා දේ

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා
සදාතනික වේවා ...//
සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොල'ග ගී සැරේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)

මී වද සුවඳ සදා දේ
ආදර නැකත ළඟා වේ
මී වද සුවඳ සදා දේ
ආදර නැකත ළඟා වේ .....///.

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා සහ ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - සෝමපාල ලීලානන්ද
තනුව හා සංගීතය - සරත් දසනායක
"කස්තුරි සුවඳ" චිත්‍රපටිය සඳහා ගායනා කරන ලදී.