Tuesday, April 14, 2015

මේ තරම් වූ

මේ තරම් වූ මා පෙළූ මෙදා
මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූ සිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා

මා දිහා ආදරෙන් බලා
ගේ කොනේහී හැංගිලා හැංගිලා
ආලෙන් බලා
ආයෙත් ගියා
තාමත් නෙත් ඒ ගේ දිහා

මේ තරම් වූ මා පෙළූ මෙදා
මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූ සිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා

ඒ සිනා ඒ ආදරේ සිනා
මා සිතේහී හැංගිලා හැංගිලා
මේ වාරයේ
ඈ ආ දිනේ
මේ ගී වේ ආරාධනා

මේ තරම් වූ මා පෙළූ මෙදා
මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූසිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - සෝමපාල ලීලානන්ද
තනුව - අ'නස්ට් සොයිසා

No comments: