රෑ තුන් යාමේ
ගැයෙනා මේ ළසෝ රාවේ
ඒ සංතාපේ
හද අරණේ සන්තානේ
නොසන්සුන් නොවේ නුවන් තුළින් බිඳු වෑහේ //
සුදු ඉද්ද සමන් මල් ඕවිල්ලේ
සුදු චන්ද්‍ර සිනා කැළුම් විමානේ
මන බැන්ඳ මගේ රන් සියුමැල්ලේ
කවුරුන්ද ඔබේ හිත පෑරෙව්වේ //
රෑ තුන් යාමේ
ඔබ ඇයි ද ළඳේ සෝ සුසුම් ලන්නේ
ඔබ සිතූ පැතූ ලොව මා නොවෙදෝ
මට ඉන්න තුරුල් වී සැනසිල්ලේ
හැමදාම මමයි ඔබ ළඟ ඉන්නේ //
රෑ තුන් යාමේ
ගැයෙනා මේ ළසෝ රාවේ
ඒ සංතාපේ
හද අරණේ සන්තානේ
නොසන්සුන් නොවේ නුවන් තුළින් බිඳු වෑහේ ///
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - රූකාන්ත ගුණතිලක
තනුව - රූකාන්ත ගුණතිලක
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment