Showing posts with label සුගතපාල සෙනරත් යාපා. Show all posts
Showing posts with label සුගතපාල සෙනරත් යාපා. Show all posts

Friday, December 13, 2013

අනන්ථ වූ දෙරණ සරා

අනන්ථ වූ දෙරණ සරා
දෑස නිවන නිලක් සොයා

අහස් ගව්ව නැග ගත්තේ
නිල්ල දකින්නයි

ගලක ගලන සිඟිති දොලක
සිහිල විඳින්නයි
ගසක වෙලෙන සිහිනි වැලක
පහස ලබන්නයි

වේදනාවෙ තෙත මීදුම
දෑත විදා උඩ නැගිලා
එබී බලන සහන් එළිය
වසා දිවෙනවා
දිවෙනවා
සදාතනික සිහින ලොවක
මා තනි වෙනවා
පැතූ පැතුම අනන්ථයට
ඉගිලී යනවා

වහස් බැලුම් අඳු නෙත ගා
දහස් සිතුම් මල් ගවසා
මහෝඝයේ කවුළු දොරින්
දොරට වඩින්නේ
මා වට කොට ආදරයේ
රටා වියන්නේ

සඳුන් කළල දෙතොල් විතක
නුරා පොවන්නේ ...//
නුරා පොවන්නේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - සුගතපාල සෙනරත් යාපා
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
හන්තානේ කතාව චිත්‍රපටියෙන්