Showing posts with label රාජු බණ්ඩාර. Show all posts
Showing posts with label රාජු බණ්ඩාර. Show all posts

Monday, October 3, 2016

දොළක් දුටිමි


දොළක් දුටිමි ඇද හැළෙනා
හෙල් පාමුල නිල් තලයේ

මලක් දුටිමි පෙති විදහා
දොළ ඉවුරේ සෙල් තලයේ
....//

දොළේ ගීත නැඟෙයි සෙමින්
බිඟු රසුදැල් සැළෙන සරින්

මලේ රුසිරු දිලේ රුවන්
මිණි මුතු හර පැළඳි රුවින්


දොළ රඟදෙයි
මල හිනැහෙයි ...//
ලොව පිබිදෙයි
රස විසිරෙයි

දොළක් දුටිමි ඇද හැළෙනා
හෙල් පාමුල නිල් තලයේ

මලක් දුටිමි පෙති විදහා
දොළ ඉවුරේ සෙල් තලයේ
....//

මලේ පියලි මිලින කරන්
හිරු සැඟවෙයි අවරගිරින්

දොළේ සීත සළුව මතින්
මළගම් යයි මල රහසින්


ලොව නිහඬයි
දොළ වැළපෙයි ...//
ඝණ අඳුරයි
රළ නොනිවෙයි

දොළක් දුටිමි ඇද හැළෙනා
හෙල් පාමුල නිල් තලයේ

මලක් දුටිමි පෙති විදහා
දොළ ඉවුරේ සෙල් තලයේ
....//

ගායනය - සමිතා මුදුන්කොටුව රාජු බණ්ඩාර
පද - කුලරත්න ආරියවංශ
තනුව - රෝහණ වීරසිංහ



Dolak Dutumi - Samitha Mudunkotuwa

Tuesday, April 7, 2015

කඳුළේ තනිවී

කඳුළේ තනිවී
සුසුමේ දැවටී
කවුදෝ හැඬුවා
රහසින් ඇසුනා

ඇයිදෝ තනිවී
අඳුරේ මැදිවී
කවුදෝ ඇසුවා
රහසින් අමතා

සඳපානේ රෑ යාමේ
සඳ කැල්මක් සේ
ආලෝකේ පෑවදෝ
ඔබ ළංවීලා ....//

සැනසීමේ ආලෝකේ
සඳ කැල්මක් සේ
පෑවා පෑවා
පෑවා පෑවා

කඳුළේ තනිවී
සුසුමේ දැවටී
කවුදෝ හැඬුවා
රහසින් ඇසුනා

ඇයිදෝ තනිවී
අඳුරේ මැදිවී
කවුදෝ ඇසුවා
රහසින් අමතා

මල් යායේ ගී රාවේ
මත් බබමරුන්ගේ
මේ යාමේ පාවේවී
රැව් නැංවීලා ...//

නොඇසූ ඒ ගී රාවේ
රස රහසක් සේ
පාවී ආවා
පාවී ආවා

කඳුළේ තනිවී
සුසුමේ දැවටී
කවුදෝ හැඬුවා
රහසින් ඇසුනා

ඇයිදෝ තනිවී
අඳුරේ මැදිවී
කවුදෝ ඇසුවා
රහසින් අමතා

ලලලාලා ලා
ලලලාලා ලා
ලලලාලා ලා
ලලලාලා ලා

හාහාහා හා
හාහාහා හා
හාහාහා හා
හාහාහා හා

ගායනය – රාජු බණ්ඩාර සහ චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - හේමසිරි හල්පිට
තනුව හා සංගීතය - රූකාන්ත ගුණතිලක