Showing posts with label ටියුඩර් ජයශාන්ත. Show all posts
Showing posts with label ටියුඩර් ජයශාන්ත. Show all posts

Sunday, September 22, 2019

මගෙ දෑසෙ කඳුළු


මගෙ දෑසෙ කඳුළු
තව දෑසක
සතුටු කඳුළු වේ
අද ඇත ඇය
මට හිමි නැති
මඟුල් පෝරුවේ ...//

මට ඇය දුන් වේදනා
ඇගෙ දෑසින් තේරුණා ...//

මිලින කළේ ඇයි මැණිකේ
පරම චේතනා
පරම චේතනා

මගෙ දෑසෙ කඳුළු
තව දෑසක
සතුටු කඳුළු වේ
අද ඇත ඇය
මට හිමි නැති
මඟුල් පෝරුවේ

නොඉඳුල් පෙම මා පැතූ
ඔබ කළ හැටි අන් සතූ ...//

මට දුන් දුක නොදෙනු මැනවි
ඔහුට මින් මතූ
ඔහුට මින් මතූ

මගෙ දෑසෙ කඳුළු
තව දෑසක
සතුටු කඳුළු වේ
අද ඇත ඇය
මට හිමි නැති
මඟුල් පෝරුවේ ..//

ගායනය - ටියුඩර් ජයශාන්ත
පද - ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව - රංජිත් පෙරේරා



Mage Dese Kandulu - Tudor Jayashantha

Wednesday, December 4, 2013

විලක නෙළුම්



විලක නෙළුම් මට කුමට ද
ඔබ හිනැහේ නම්
නෙතක කැළුම් විඳ සැතපෙමි
ඔබ සෙවනේ මම් ...//

ගිම්හානය ගත දවමින් වියළි මිහිතලේ
පවස නැඟේ මා රඳවයි ලොවක නිසසලේ
හෙට අළුයම ගෙට ගෙන එමි ළහිරු රැස් දියේ
වසන්තයේ පණිවිඩයත් රැගෙන එමි ප්‍රියේ

විලක නෙළුම් මට කුමට ද
ඔබ හිනැහේ නම්
නෙතක කැළුම් විඳ සැතපෙමි
ඔබ සෙවනේ මම්

උදා නොවන උදෑසනක් රැයෙහි සිත සිතා
බලා හිඳිමි අවදි වෙවී කඳුළු වැල් ගොතා
අනාගතය අතීතයෙන් විළිලන පොළොවේ
ඔබ පමණකි මා නෙත දුටු දෙවියෝ මෙලොවේ

විලක නෙළුම් මට කුමට ද
ඔබ හිනැහේ නම්
නෙතක කැළුම් විඳ සැතපෙමි
ඔබ සෙවනේ මම් ...//

ගායනය: අමිතා වැදිසිංහ සහ ටියුඩර් ජයශාන්ත
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් දළුගම