Showing posts with label අනුර ප්‍රසන්න. Show all posts
Showing posts with label අනුර ප්‍රසන්න. Show all posts

Monday, April 6, 2015

නර්තන ලීලා

නර්තන ලීලා මා මන බන්දන
නෙතු සිතු මායා අංජන ගල්වන

සිතුවිලි ගඟ දිය නිබඳ කළම්බන
රාධාදෝ නුඹ
යමුනා ගංතෙර

සුවහස් දන මන සනහන නළවන
විදුලිය ලෙස නෙත් කැළුම් විදාලන ...//

හැඟුම් පොකුරු නිති යුහුසුළු කරවන

රාධාදෝ නුඹ
යමුනා ගංතෙර ...//

ඉඟ සුඟ මුදු බඳ
කෝමළ නර්ථන
මා නෙතු යුවලට සීමා කළ මැන ...//

කරළිය පාමුළ දෑස අඳුරු කර

රාධාවෙනි නුඹ
එනු මැන මා වෙත ...//

නර්තන ලීලා මා මන බන්දන
නෙතු සිතු මායා අංජන ගල්වන

සිතුවිලි ගඟ දිය නිබඳ කළම්බන
රාධාදෝ නුඹ
යමුනා ගංතෙර

රාධාදෝ නුඹ
යමුනා ගංතෙර ...///

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - අනුර ප්‍රසන්න
තනුව - නවරත්න ගමගේ