Showing posts with label අරුණ ලියාන්. Show all posts
Showing posts with label අරුණ ලියාන්. Show all posts

Sunday, April 5, 2015

මියුලැසියේ

මියුලැසියේ මගෙ මියුලැසියේ

සිනහ සඟවගෙන කඳුළු තබා ගිය
මියුලැසියේ සිත තාම අවදියෙනි
එදා වගේ තවමත් හැන්දෑවට
ඔබේ සිනා හඬ නැඟේ ඇසේ මට
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ

සියල්ල අහිමිව බිඳී විසිරිලා
දුක පමණක් නොබිඳී ඇත රැඳිලා
මතකය විතරක් වත්කම කරලා
සඳින් සඳට යෞවනයත් ගෙවිලා
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ

වත්සුණු සුවඳට ඉවකර හදවත
පර මල් යහනක සැතපෙනකොට අද
සිතිවිලි අවදිව මතකය හැඩිවී
සඳින් සඳට යෞවනයත් ගෙවිලා
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ

ගායනය - අමරසිරි පීරිස් සහ
පද රචනය - මහේෂ් රත්සර මද්දුමආරච්චි
තනුව හා සංගීතය - අරුණ ලියාන්
තඹපාට හැන්දෑව ටෙලි නාට්‍යයෙන් .