Showing posts with label ලක්ෂ්මන් විජේසේකර. Show all posts
Showing posts with label ලක්ෂ්මන් විජේසේකර. Show all posts

Friday, January 5, 2018

ඇයි තරහෙන්

යුද කළ රජතුට රට කරවිමට අවකාශ ලැබෙනුයේ කලාතුරකිනි. යුද කළාවුත්. රට කළාවුත් රජකුට යහ සේවයෙහි යෙදීමට තරම් භාග්‍යයක් හිමි වනුයේ ඉතාමත් කලාතුරකිනි. මේ දුබල ගණයේ භාග්‍යය හිමි කර ගත්තෙකි ශ්‍රී හර්ෂදෙව රාජාධිරාජයා. ශ්‍රී හර්ෂ දෙවයන්ගේ රාජ සභා කවියා වු “භාණ” විසින් රචිත “හර්ෂ චර්තය’ .....

ඒ මා දැක්වූයේ විකිපීඩියා හී රත්නාවලී නාටකය පිළිබඳ තොරතුරු මූලාරම්භය ගෙන තිබූ අයුරුයි.

රත්නාවලී නාටකයේ උපත හත් වන සියවසේ දී බව ස ඳහන් වේ.

නීතිඥ ජෝන් ද සිල්වා “රත්නාවලී” නාටකය නිෂ්පාදනය කරන්නේ වර්ෂ 1906 දීය. එහි එන ගීතමය ජවනිකාව හා එම කෘතියේ මුල් රචනය ඇසුරින් වූ ගීයකි ‘ඇයි තරහෙන්’ නම් වූ මෙම ගීය.

ඇයි තරහෙන් මාන්නකාරී
පලා දුවන්නේ දමලා මා මෙහි
පලා දුවන්නේ දමලා මා ..//
ඇයි තරහෙන්

ඉවසිලිවන්තී කෝප නොවේවී
ශාන්ත දාන්ත වේ ..//
කෝපය නෑ නෙත බැලුවම තීගේ //
සන්සුන් ලීලාවෙන් තිබේ
සැදී තිබේ ස්වභාව සේවේ
එපාය මිතුරී ගැන සංචල් සකි
එපාය මිතුරී ගැන සංචල්

ඇයි තරහෙන්

කවට කමින් මා ඇස් රතු වෙච්චී ශාන්තවන්තියගේ //
අල්ලා ස්වාමිනි දකුණත ඈගේ //
ඉල්ලා දෙන්න සමා
නෙතේ නැතේ එ කෝප බැල්මා
සිත්හි පවතී තද කෝපා ඇගෙ
සිත්හි පවතී තද කෝපා

ඇයි තරහෙන් මාන්නකාරී
පලා දුවන්නේ දමලා මා මෙහි
පලා දුවන්නේ දමලා මා

ඇයි තරහෙන්

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද සැකසුම - ජෝන් ද සිල්වා ශූරීන්ගේ මුල් කෘතිය ඇසුරින් පියදාස නිශ්ශංක විසිනි.
නව සංගීතය - ජයන්ත අරවින්ද

Tuesday, October 4, 2016

සිනා පිපෙනා මේ වසන්තය


සිනා පිපෙනා මේ වසන්තය
නෙළා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ

නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්

සිනා පිපෙනා මේ වසන්තය
නෙළා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ

නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙමි
තැනක සඟවමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා මේ වසන්තය
නෙළා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ

 

ගායනය - ලක්ෂ්මන් විජේසේකර සහ සමිතා එරන්දතී
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ලක්ෂ්මන් විජේසේකර
"ගංගා සහ නිස්සංඛ" ටෙලි සිත්තමෙනි.


Sunday, May 10, 2015

දුර ඈත ඡීවිතේ

දුර ඈත ඡීවිතේ
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ ..//

දෑසේ වෙලී ඔබේ
ආරාධනා මැවේ ...//
මසිතේ ගලා හැලේ
සිහිනේ අතීතයේ

දුර ඈත ඡීවිතේ
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ

මා ඒ අතීතයේ
ඈ හා මුලා වෙලා ..//
පිදු ඒ ස්නේහයේ
සිත මා බීදී ගියේ

දුර ඈත ඡීවිතේ
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ

දුර ඈත ඡීවිතේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - තිස්සසිරි පෙරේරා

Anyone who has the link can play this song in your "Smart Phone"

දරන්න බැරි වියෝ දුකින්



දරන්න බැරි වියෝ දුකින්
තුන් සිත කැළඹී
තුරුළු සුවය ඉගිල ගිහින්
ඈතක සැඟවී
මේ සිහින පිරෙන රෑ තුන් යාමේ

අසා ළබැඳි රාවයෙන් ප්‍රේම යාතිකා
එදා පිපි ස්නේහයේ මියුරු ප්‍රාර්ථනා
මෙදා කොහේ තනි කළේ ද මා
මේ සිහින වඩින රෑ තුන් යාමේ

දරන්න බැරි වියෝ දුකින්
තුන් සිත කැළඹී
තුරුළු සුවය ඉගිල ගිහින්
ඈතක සැඟවී
මේ සිහින පිරෙන රෑ තුන් යාමේ

ගරා වැටී ජීවිතේ සාපයක් වෙලා
මැවේ නොතිර චේතනා මේඝයක් වෙලා
ළසෝ තැවුල් සිර කළේ ද මා
මේ සිහින නිවෙන රෑ තුන් යාමේ

දරන්න බැරි වියෝ දුකින්
තුන් සිත කැළඹී
තුරුළු සුවඳ ඉගිල ගිහින්
ඈතක සැඟවී
මේ සිහින පිරෙන රෑ තුන් යාමේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - වසන්ත කුමාර කොබවක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

තිසර කැදැල්ලේ

තිසර කැදැල්ලේ නුරා ළදැල්ලේ
හිනැහෙමු අපි දෙන්නා
මිනිස් හඬක්‌ නැති පාළු දූපතේ
තනිවෙමු අපි දෙන්නා

පෙරදා මහ රෑ
සයනේ තෙර ඔබ
උණුසුම මට දැණුනා
සවනේ නයනේ සීතල පවනේ
ඔබෙ හඬ මට ඇසුණා

තිසර කැදැල්ලේ නුරා ළදැල්ලේ
හිනැහෙමු අපි දෙන්නා
මිනිස් හඬක්‌ නැති පාළු දූපතේ
තනිවෙමු අපි දෙන්නා

ගිවිසා ගෙන අපි වෙන්ව නොයන සේ
සඳ වත තරු ගණිමූ
වසන්ත සිහිනය කිරුළු දරණ දින
අපි අභිසෙස් ලබමු

තිසර කැදැල්ලේ නුරා ළදැල්ලේ
හිනැහෙමු අපි දෙන්නා
මිනිස් හඬක්‌ නැති පාළු දූපතේ
තනිවෙමු අපි දෙන්නා ...//

ගායනය - ලක්ෂ්මන් විජේසේකර සහ නිර්මලා රණතුංග
පද රචනය - උපාලි එස්. රංගේ
තනුව - එච්.එම්. ජයවර්ධන

Saturday, May 9, 2015

ඔබට එපා නම්

ඔබට එපා නම් ඔබ දුරුවී නම්
ඔබට එපා නම් ඔබ දුරුවී නම්
කාට කියන්නද මං මගේ තනිකම්
හඳට කියාගෙන අවරින් යන්නම් ...//

තනිවූ තනි ඇඳ පායා පුර හඳ //
එකලුකළා මතකද ඔබ දිනු හද

මුතු සඟවා සිටි මුතු බෙල්ලෙකුගේ //
බෙලිකටු හිරිගල් පරයට ළංවේ

ඔබට එපා නම් ඔබ දුරුවී නම්
ඔබට එපා නම් ඔබ දුරුවී නම්
කාට කියන්නද මං මගේ තනිකම්
හඳට කියාගෙන අවරින් යන්නම්

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ගාමිණී ලේල්වල
සංගීතය - ආනන්ද පෙරේරා

යන මේ ගමන් (ගජමන් පුවත නාට්‍යයෙන්)


යන මේ ගමන් සිදුවුණි නම් පරමාද
එනතුරු අන් දෙස නොබලන් සිතු පෑද

අලපත පැන් වැකි විලසින් නොව හාද
සිහිව ඉඳින් ළඳ මා දුන් අවවාද

මේ යන ගම් වල අඟනුන් නොඅසාද
එනු විගසින් එහි නොවමින් පරමාද

හිමියනි දැන් ඔබ මට දුන් අවවාද
මම ඉවසම් මද රද ඉවසුම් දේද

ගායනය - ලක්ෂ්මන් විජේසේකර සහ නන්දා මාලිනී
දයානන්ද ගුණවර්ධන නාට්‍යකරුවාගේ ගජමන් පුවත නාට්‍යයෙන්

Friday, May 8, 2015

වත්කම් කිසිවක් නැත අද මා සතු

වත්කම් කිසිවක් නැත අද මා සතු
සතුට ද විය අහිමී
සැනසුම සම්පත මිහිරි අතීතය
පෙම් කළ ඇය සතු වී

ගිම්හානයකය අද ඔබ ආවේ
මගෙන් සතුට ඉල්ලා ..//
කෙලෙස ද ළඳුනේ සතුට සොයන්නේ
ඇය එය ගෙනිහිල්ලා

වත්කම් කිසිවක් නැත අද මා සතු
සතුට ද විය අහිමී
සැනසුම සම්පත මිහිරි අතීතය
පෙම් කළ ඇය සතු වී

ඇය උදුරාගත් සොම්නස සැනසුම
ඔබ සතු විය යුතුවේ ...//
සත්‍යය පමණකි ඉතිරි ව ඇත්තේ
පුද දෙම් එය ළඳුනේ

වත්කම් කිසිවක් නැත අද මා සතු
සතුට ද විය අහිමී
සැනසුම සම්පත මිහිරි අතීතය
පෙම් කළ ඇය සතු වී

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - දයා ද අල්විස්
තනුව හා සංගීතය - රෝහණ වීරසිංහ

සුමුදු නිදි කුමරී ("තලමල පිපිලා" නා‍ට්‍ය‍යෙන්)


සුමුදු නිදි කුමරී
උපන් කළු සිහිනයේ
නිසොල්මන් රෑ ගලා එන්නී දුරු රටින්
ලතැවුලින් දැවෙනා නුවරුන් සිප වැලඳ ගන්නී

ජීවිතේ නැවතුම්පළේ හිඳ
විදා මායා සිහිල් සළුපිලි
කරන්නී ඇරයුම් උන් හට
රඟන්නට නෙතු පියා
නැඟෙන්නට දුර ඈත අහසට
බොල් පොළොව මත තැබූ පා ඔසවා

කාගෙදෝ ශාපයෙන්
උමතුව හඬනා
සබඳ එව මා තැනූ මාවත නුදුරේ
සැනසුමේ සුවඳක් එහි ඇත තනිවී
වහා යවු නොබියව එය විඳිව්
රජෙකු සේ කුමරෙකු සේ
රජෙකු සේ කුමරෙකු සේ
පියකරුයි රෑ රුපුනගේ ලෝ
වැසේ බොඳවේ සැඟවේ
ඉකිබිඳී පරිසරේ
ඒ හඬ වන පෙතේ මිය ඇදුනේ

රුහිරු විල්තෙර බවුන් වඩනා
පරල වූ ඍසිවරුනේ
මෞ‍ලි මංග‍ල්ලය‍ට‍ සැරසෙව්
රුවැති නිදි කුමරියනේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර සහ එඩ්වඩ් ජයකොඩි
පද රචනය - ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

ජයලත් මනෝරත්නගේ "තලමල පිපිලා" නා‍ට්‍ය‍යෙන්.

සමාව ඉල්ලා හඬා වැටෙන්නද

සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කළේ
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කළේ
ඔබ ආදරය කළේ ...//

තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා හදක් සේ පායා ආ ඔබ ..//
කිමදෝ වෙන්ව ගියේ

සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කළේ
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කළේ
ඔබ ආදරය කළේ

ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරිවී දෝ ඔබ හට ...//
ඇයි මා අතැර ගියේ..

සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කළේ
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කළේ
ඔබ ආදරය කළේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
තනුව හා සංගීතය - සෝමපාල රත්නායක

Thursday, May 7, 2015

නිසල කඳු මුදුන් පිබිදී

නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා ...//

බක්මී මල් රේණු හැදී මාරුතයේ නටනා
ජීවිතයේ සැන්දෑවක සමීපයේ හිඳිනා
සෙනෙහස ඔබ පමණි

නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා

කණාමැදිරි මල් පිබිදී රැයක අඳුර හඬනා
ජීවිතයේ විරාමයක ඔබ සැතපුණු සැණිනා
මතකය ඔබ පමණි

නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා ..//

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය - තිස්සසිරි පෙරේරා

සඳ කඩා වැටී වෙරළේ

සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී ..//

ලිය ලතා පවනෙ හිනැහී
තුරු බඳෙහි වෙලී පැටලී
පෙර දිනෙක නොවූ පරිදී
මේ අසිරිමත්වු දිනෙකී

සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී

සඳ තරුද වැසුණ රැයෙහී
ලොව මෙලෙස සොඳුරු වූයේ
මා ලද නිසාද ඔබගේ
ආදරය දිනෙක සැඟවූ

සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය - තිස්සසිරි පෙරේරා

කැලේ පිපෙන මල් (සුවඳ කැකුළු)

කැලේ පිපෙන මල්
අපේ මිදුලෙ පිපෙන මල්
විලේ පිපෙන මල්
ලස්සණ සුවඳ කැකුළු මල්

කොහෙ පිපුනත් එක සුවඳයි
කොහෙ පිපුනත් එක වරුණයි ..//

එක කුලයකි එක පවුලකි
මිහිකත පිපි මල්

වන අරණේ කටු අකුලේ පිපෙන සුවඳ මල්
මහ නග‍රේ කලඑළියේ පිපෙන සුවඳ මල්
හැඩ එකසේ රුව එකසේ පිපෙන සුවඳ මල්
මිහිමඬලේ කොහි පිපුනත් එක පවුලකි මල්

එක අහසකි එක පොළවකි මලට තියෙන්නේ
වන අරණෙක ගම නගරෙක වෙනස නොදන්නේ
එක ඉරකිනි එක සඳකිනි එළිය ලබන්නේ
නෙක පැහැ ඇති සුවඳ කැකුළු ළමයින් වැන්නේ /////

ගායනය - ලක්ෂ්මන් විජේසේකර සහ නන්දා මාලිනී
පද රචනය - සෝමරත්න දිසානායක

"සුවඳ කැකුළු" ටෙලි නාට්‍යයෙනි.

රෑ අහස පුරා සිහිල සදා


රෑ අහස පුරා සිහිල සදා
සඳ සේ ඔබ පායා දිලෙනා
අඳුරට වී තනිවී මේ යාමයේ
ඔය තරු නෙතේ
නැළවෙමිදෝ කෙසේ

ජීවිතයේ මීවිත මේ
ආදරයේ ගීතය සේ
දෑසට යා වුණ රූබර රෑ තරු වී
අනුරාගිනියේ
කෝ කඳුළ ඔබේ

රෑ අහස පුරා සිහිල සදා
සඳ සේ ඔබ පායා දිලෙනා
අඳුරට වී තනිවී මේ යාමයේ
ඔය තරු නෙතේ
නැළවෙමිදෝ කෙසේ

රෑ නිමවේ ඈ හිනැහේ
ලා අරුණේ මීදුම සේ
ලෝකය මා ළඟ සීනෙකි මා දෙනෙතේ
අනුරාගිනියේ
කෝ ගීය ඔබේ

රෑ අහස පුරා සිහිල සදා
සඳ සේ ඔබ පායා දිලෙනා
අඳුරට වී තනිවී මේ යාමයේ
ඔය තරු නෙතේ
නැළවෙමිදෝ කෙසේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ජයලත් මනෝරත්න
සංගීතය - ලක්ෂ්මන් විජේසේකර

1985 වසරේදී මුල් වරට රංගගත "පුත්‍ර සමාගම" නාට්‍යයෙනි.

නොහිම් අහසක

මං හසර දැන ගත්තද, ගමනාන්තයට යා ගත හැකි වේද වරා මලකට...

නොහිම් අහසක ඉමක් සොයනුව
සරණ විහඟක තටු රිදී
ගෙවා යන්නට තවත් සිය ගව්
වලාවෙන් විවරණ යදී ..//

නොනිම් රළ මැද සිනාසෙන දුර
ඈත වෙරළක හසරැලි
පියාඹන්නට අනන්තය වෙත
මඟට නෙතු දල්වා හිඳී

හෙටට හිමි මල් අද සිනාසේ
රේණු සසැලී රොන් ගලා ඒ

පිපෙන්නට හෝ මියෙන්නට මිස
අළුත් පොකුරක යළි පිපෙන්නට
මලක් කෙදිනකදෝ
නටුව අත හැර අතින් අත රැඳුනේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර සහ නන්දා මාලිනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

"සිරි යහන" චිත්‍රපටියේ තේමා ගීයයි.

ඔබේ දෙකොපුල වසා ගලනා

ඔබේ දෙකොපුල වසා ගලනා
සීත කඳුළැල් ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ කඳුළු මාගෙයි

ඔබේ දෙඅදර පුරා නැඟෙනා
සුසුදු හසරැලි ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ සිනා මාගෙයි

කුණාටුව සේ හමා ආවා ඔබ
අරණ අතු ඉති සිඳ දමා
ඇත්තමයි ඒ රුදුරු කඳුළැල් ඔබෙ තමා

වියෝගය වී වියෝ වූවා ඔබ
දැදුරු පෙම් සිත මට පුදා
ඇත්තමයි ඒ මිලින හසරැලි ඔබෙ තමා

ඔබේ දෙකොපුල වසා ගලනා
සීත කඳුළැල් ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ කඳුළු මාගෙයි

ඔබේ දෙඅදර පුරා නැඟෙනා
සුසුදු හසරැලි ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ සිනා මාගෙයි

විලාපය වී ගලා ආවා ඔබ
මටම තෙපලූ පෙම් කතා
ඇත්තමයි ඒ වියරු මිමිණුම් ඔබෙ තමා

මහෝඝය සේ පතා ආවා ඔබ
නිමාවක් නැති සිඳු කියා
ඇත්තමයි ඒ කුරිරු මිරිඟුව ඔබ තමා

ඔබේ දෙකොපුල වසා ගලනා
සීත කඳුළැල් ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ කඳුළු මාගෙයි

ඔබේ දෙඅදර පුරා නැඟෙනා
සුසුදු හසරැලි ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ සිනා මාගෙයි

ගායනය - ලක්ෂ්මන් විජේසේකර සහ නිරෝෂා විරාජිනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව - ලක්ෂ්මන් විජේසේකර
සංගීතය - සුසිල් අමරසිංහ

ගීතයක් උනා ඔබත්

ගීතයක් වුණා ඔබත් වේදනා මැවූ
මේ රැයයි ආදරේ තරු පහන් නිවූ ...//

යා වුණත් ප්‍රේමයේ රසින්
ජීවිතේ ප්‍රාර්ථනා දොරින් ..//
ඒ පැතුම් සිඳී බිඳී ගොසින්
ඔබ මලක්, මම විලක්, නොවේ ලඳේ මෙදා

ගීතයක් වුණා ඔබත් වේදනා මැවූ
මේ රැයයි ආදරේ තරු පහන් නිවූ

පාළුවෙන් මා තවා දුකින්
පා වෙලා මා නෙතේ ඉමෙන් ..//
ආදරේ පියාසරා ගිහින්
ඔබ සඳක්, මම රැයක්, නොවේ ලඳේ මෙදා

ගීතයක් වුණා ඔබත් වේදනා මැවූ
මේ රැයයි ආදරේ තරු පහන් නිවූ ..//

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - වසන්ත කුමාර කොබවක
තනුව හා සංගීතය - ඩී.ඩී.  ගුණසේන සහ මහින්ද පැස්කුවල්

නුඹේ නෙත් තරු යැයි උවම් කොට

නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිණිගෙන දවන්නේ ...//

නුඹේ වත මලකැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද ...//
මගෙන් විමසාවී
මලක් නම් වත
ඇයිද කටු ලෙස ඇනෙන්නේ

නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිණිගෙන දවන්නේ

නුඹේ සිත මෙලෙකැයි පසක් කොට
මා එදා ලියු කවි පද ම අද ...//
මගෙන් විමසාවී
මෙලෙක් නම් සිත
ඇයිද හිස වැද රිදෙන්නේ

නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිණිගෙන දවන්නේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - යසනාත් ධම්මික බණ්ඩාර
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

බාල ළමාවරුණේ

ලල ලලාල ලා ලා ලා //

බාල ළමාවරුණේ ////
පුන් සිසි වන් මුදු මුව මඬලින් යුතු බාල ළමාවරුණේ

ලල ලලාල ලා ලා ලා //

පැනිදොඩම් පිරුණු අතු තලා නොදා
ගෙඩි දෙකක් කඩා ගන්නේ ..//
කටු සහිත හෙයින් දුර ඈත ඉඳන්
මල් පොකුරු බලා ගන්නේ

බාල ළමාවරුණේ ////
පුන් සිසි වන් මුදු මුව මඬලින් යුතු බාල ළමාවරුණේ

ලල ලලාල ලා ලා ලා //

අඹ හිඹටු පනා දැක නැඟෙන සිනා
වන වදුලු පුරා යන්නේ ...//
ගුරු සිතත් දෙගුරු හදවතත් නොරිදමිනි
ශිල්ප හදාරන්නේ

බාල ළමාවරුණේ ////
පුන් සිසි වන් මුදු මුව මඬලින් යුතු බාල ළමාවරුණේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

සඳ කිණිති නැමී

සඳ කිණිති නැමී
විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී
මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ ..//

සසල නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින් ...//
සසල වෙලා දිය කැළඹුණු දා
බිදෙයි සඳ කැබිලි පිටින්

සඳ කිණිති නැමී
විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී
මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ

සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින් ...//
සසර පුරා සැරි සරණ තුරා
බලමි ලොව ඹබේ නෙතින්

සඳ කිණිති නැමී
විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී
මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - යමුනා මාලිනී පෙරේරා
සංගීතය - ලක්ෂ්මන් විජේසේකර