Showing posts with label ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා. Show all posts
Showing posts with label ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා. Show all posts

Monday, July 13, 2020

සිරියා මේ සාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා //
හෝ...
දින රාජයා ඈත අහසේ දිලෙන්නා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදේහි නැගෙන්නා //
හෝ..

මේ සැන්දෑ ශ්‍රියාවෝ නැගේ හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

මල් ලෝකෙ සරලා ගුමු නාදෙ දීලා
බඹරා ගියා සේ පෙම් ගී ගයාලා //
හෝ..

යාමී මේ දැන් පෙම් කුමාරි සොයාලා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අමධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීත අධ්‍යක්‍ෂණය – ටී.ආර්. පාපා
1956 දී තිරගත වූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.
එච්. ආර්. ජෝතිපාල මහතාගේ පළමු චිත්‍රපට පසුබිම් ගීතයයි.
මෙහි පලකර ඇත්තේ මුල් ගීයයි.

1954 දී තිරගත වූ "මස්තානා" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "දුනියා කේ සාරේ ගමොන් සේ බෙගානා" (DuniyaKe Saare Ghamon Se Begaana) ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



Song - Siriya Me Sara
Singer - H.R. Jothipala
Lyricist - W. Wilfred Silva
Composer - Madan Mohan
Music - T.R. Papa
Movie - Surathalee 1956


මෙම ගීයේ පසු ගැයුමක්
(මුල් ගීයේ පද ප්‍රකාරව නොවන නිසා පසු ගැයුමට අදාල පද පහත පරිද්දෙන් බව කරුණාවෙන් සලකන්න.)

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා //
හෝ...
දින රාජයා ඈත අහසේ දිලෙන්නා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදේහි නැගෙන්නා //

හෝ..

යාමී මේ දැන් පෙම් කුමාරි සොයාලා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අමධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

"හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල" මැයෙන් මේ අඩවියේ ඇති ලිපිය කියවන්න.

හින්දි ගීයේ පද

duniyaa ke saare gamon se begaanaa
ho main hun mastaanaa, ho main hun mastaanaa
duniyaa ke saare gamon se begaanaa
ho main hun mastaanaa, ho main hun mastaanaa

jitaa hun duniyaa men apanii kushii se
jitaa hun duniyaa men apanii kushii se
naa dushman kisii kaa naa ulfat kisii se
naa dushman kisii kaa naa ulfat kisii se
din-raat meraa yahii hai taraanaa
ho main hun mastaanaa, ho main hun mastaanaa

naashaad hun ya dilashaad hun main
naashaad hun ya dilashaad hun main
duniyaa ke jhagadon se aazaad hun main
duniyaa ke jhagadon se aazaad hun main
ye saaraa jahaan hai meraa aashiyaanaa
ho main hun mastaanaa, ho main hun mastaanaa

duniyaa ke saare gamon se begaanaa
ho main hun mastaanaa, ho main hun mastaanaa

jiinaa yaa maranaa hansanaa ya ronaa
jiinaa yaa maranaa hansanaa ya ronaa
hotaa rahegaa ho kuchh hai honaa
hotaa rahegaa ho kuchh hai honaa
khaayenge ham aur kamaaye zamaanaa
ho main hun mastaanaa, ho main hun mastaanaa
duniyaa ke saare gamon se begaanaa
ho main hun mastaanaa, ho main hun mastaanaa


दुनिया के सारे ग़मों से बेगाना
हो मैं हूँ मस्ताना //

जीता हूँ दुनिया में अपनी ख़ुशी से
ना दुश्मन किसी का ना उल्फ़त किसी से //
दिन-रात मेरा यही है तराना
हो मैं हूँ मस्ताना ...

नाशाद हूँ मैं दिलशाद हूँ मैं
दुनिया के झगड़ों से आज़ाद हूँ मैं //
ये सारा जहाँ है मेरा आशियाना
हो मैं हूँ मस्ताना ...

जीना या मरना हँसना-रोना
होता रहेगा हो कुछ है होना //
खाएंगे हम और कमाए ज़माना
हो मैं हूँ मस्ताना ...

Song - Duniya Ke Saare Ghamon Se Begaana
Singer - Mohammad Rafi
Lyricist - Rajinder Krishan
Composer - Madan Mohan
Movie - Mastana 1954

Tuesday, May 14, 2019

තිලෝගුරු බුදු පියේ

තිලෝගුරු බුදු පියේ
කිමද මට මේ වුණේ
මේ කෘෘර ලෝකේ
මේ කෘෘර ලෝකේ

සිත මාගේ පෑරුණා
සැමි මා සුරා පානේ
ගැලිලා විනාස වී යනවා

සිත මාගේ පෑරුණා
සැමි මා සුරා පානේ
ගැලිලා විනාස වී යනවා
ගැලිලා විනාස වී යනවා
සමිඳේ සමිඳේ

තිබුණාට ආදරේ නෑ තිරා
වුණි දෝ මෙ කාගෙ සාපේ

සැනසීම සෑමදා මේ
මට නෑ පියේ නිවාසේ
හද මාගෙ බෝම දේ සෝකා
හද මාගෙ බෝම දේ සෝකා
සමිඳේ සමිඳේ

කරුණාව මා වෙතේ පා දයා
ගෙන දෙන්න පවුලෙ සාමේ

මල වාගෙ යාවි මැලවී
සැපතා ම ජීවිතේහී
මොන පාපයක් කළාදෝ මා
මොන පාපයක් කළාදෝ මා

සිත මාගේ පෑරුණා
සැමි මා සුරා පානේ
ගැලිලා විනාස වී යනවා
ගැලිලා විනාස වී යනවා
සමිඳේ සමිඳේ

ගායනය - ලතා වල්පොල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව - හින්දි හෝ ද්‍රවිඪ ගීයකිනි.
සංගීතය - ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ "සුන්දර බිරිඳ" චිත්‍රපටියේ ගීයකි.

නින්දේ නින්දේ සැනසෙන්න සුවේ සැප නින්දේ

ම් ම් ම්..... ම් ම් ම්.....
ම්ම්ම්ම්..... ම්ම්ම්ම්.....

නින්දේ
නින්දේ
ඕ සැනසෙන්න සුවේ සැප නින්දේ ....//

හෝ.... ඕ ඕ....
ඈත නැඟීලා
පායන චන්ද්‍රා
වාගේ මූණ දිලේවී
හෝ ඔඔ ඕ.....
සිහින ලොවේ මේ
සෑම විනෝදේ
ජීවිතයේහි සදා දේ //

නින්දේ
නින්දේ
ඕ සැනසෙන්න සුවේ සැප නින්දේ

හෝ.... ඕ ඕ....
මවගෙ තුරැල්ලේ
සැනසි නිදැල්ලේ
නිදන කුරුලු කැදැල්ලේ
හෝ ඔඔ ඕ.....
මිහිර උදාවේ
හර්දෙ පිනායේ
දහම ලෙසේම සොබාවේ //

නින්දේ
නින්දේ
ඕ මගෙ පුංචි සුදා සැප නින්දේ

හෝ.... ඕ ඕ....
නෑ දුක තේරී
ඝෝර භවේහී
ජීවෙ සැපත ලොබා වී
හෝ ඔඔ ඕ.....
මව් නැති සෝකේ
නොදැන විනෝදේ
නිදියන වසු පැටියා සේ //

නින්දේ
නින්දේ
ඕ මගෙ පුංචි සුදා සැප නින්දේ

ම් ම් ම්..... ම් ම් ම්.....
ම්ම්ම්ම්..... ම්ම්ම්ම්.....

ම් ම් ම්..... ම් ම් ම්.....
ම්ම්ම්ම්..... ම්ම්ම්ම්.....

ගායනය - ලතා වල්පොල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව - හින්දි ගීයකින්
සංගීතය - ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ "සුන්දර බිරිඳ" චිත්‍රපටියේ ගීයකි.

1958 දී තිරගතවූ "Parvarish" චිත්‍රපටියට, ආශා බෝස්ලේ ගායනා කළ "Jhoomien Re Jhoomien Re" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීයේ පද
Mm mm mm mm.....
 Jhoome re jhoome re ho o o o meri god mein taare jhoome //

 O o o... ek toh heera ek hai moti laage surat pyaari
 O o o... aaj khile hai phul khushi ke (god bhari hai hamaari //)
 Jhoome re jhoome re ho o o o mere raajdulhaare jhoome
 Jhoome re jhoome re ho o o o meri god mein taare jhoome

 O o o...

 Aa aa aa... meri umar bhi laage lalan ko dukhade paas na aaye
 O o o chaand aur suraj se badhkar yeh (jag mein naam kamaaye //)
 Jhoome re jhoome re ho o o mere ghar ke ujaare jhoome
 Jhoome re jhoome re ho o o o meri god mein taare jhoome

 Aa aa aa... aayi milan ki bhor suhaani gaaye mamata lori
 O o o bachpan khele aaye jawaani (laaye dulhaniya gori //)
 Jhoome re jhoome re o o o dekho laal hamaare jhoome
 Jhoome re jhoome re ho o o o meri god mein taare jhoome
 Hmm hmm hmm mm mmm....

Singer - Asha Bhosle
Lyricist - Hasrat Jaipuri
Music & Composed By - Dattaram Wadkar
Movie - Parvarish (1958)


Saturday, May 11, 2019

පාවී පාවී යාවි ඈතේ


පාවී පාවී යාවි ඈතේ නිල් වලාවෝ සෝබනා
ශාන්ත වේ සැන්දෑ ශ්‍රියාවෝ හා හා හා

පාවී පාවී යාවි ඈතේ නිල් වලාවෝ සෝබනා
ශාන්ත වේ සැන්දෑ ශ්‍රියාවෝ හා හා හා

හා ආආ ආආ... හා ආආ ආආ...
හා ආආ ආආ... හා ආආ ආආ...

පාවී පාවී යාවි ඈතේ නිල් වලාවෝ සෝබනා
ශාන්ත වේ සැන්දෑ ශ්‍රියාවෝ හා හා හා

ගීත ගයා සැමා විනෝද වීලා
යමුකෝ යමුකෝ බලා සැන්දෑ ශ්‍රියාවෝ ....//
හිරු ගිලීලා යයි සැංගීලා
යාවි කුරුලෝ කැදලි සොයලා

සෑමදා මේ වාගෙ දැක්කේ ඒ වෙ සිරියා සෝබනා
සුන්දරයි සැන්දෑ ශ්‍රියාවෝ හා හා හා

ජෝඩු දාලා දෙන්න එක්වී පාර මැද්දේ
ඇයි අනේ ජීවිතේ එපා වීලා වගේ නේ ...//
ඔහොම දේවල් ලෝකෙ පිරිලා
කොහෙද ඒවා අපට ලැබිලා

ජීවිතේ මේ වාගෙ දේවල් සෑමදා වේ මේ සොබා
සුන්දරයි සැන්දෑ ශ්‍රියාවෝ හා හා හා

පාර පුරාම දැන් ඉතින් අපේ නේ
දෙන්ටෙපා යන්නටා වෙනින් කාටත් සිතූ සේ ...//

කවුද එනවා
ඈත ඉඳලා
සයිකලේකින්
හැටට පැදලා

කාටවත් මං යන්ට දෙන්නේ නෑ මෙ පැත්තෙන් ආවටා
ඕන මහ ලොක්කෙක් වුනාදෙන් හා හා හා ...//

ගායනය - ලතා වල්පොල සහ පිරිස
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය - ටී.ආර්. පාපා
1958 දී තිරගතවූ "සුනීතා" චිත්‍රපටියේ ගීයකි.

1957 දී තිරගතවූ "Apradhi Kaun" චිත්‍රපටියට, ආශා බෝස්ලේ ගැයූ, "Koi Dekhe To" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක WN. 634




හින්දි ගීයේ පද

koi dekhe to kahe tujhko kahin diwana na na
chhod de baiya balamwa na na na
koi dekhe to kahe tujhko kahin diwana na na
chhod de baiya balamwa na na na

dekho ji yo na yu betaab dekho
jane do jane do mera rasta na roko
dekho ji yo na yu betaab dekho
jane do jane do mera rasta na roko
aadhi ratiya soya zamana
aur ye tera humko satana
laaj ke maare pade humko kahin mar jana na na
chhod de baiya balamwa na na na
koi dekhe to kahe tujhko kahin diwana na na
chhod de baiya balamwa na na na

maan ja saiya na karta ja ishare
khidki se dekhe na kahin chanda sitare
maan ja saiya na karta ja ishare
khidki se dekhe na kahin chanda sitare
aadhi ratiya soya zamana
aur ye tera humko satana
aisi baato ka bana daale koi afsana na na
chhod de baiya balamwa na na na
koi dekhe to kahe tujhko kahin diwana na na
chhod de baiya balamwa na na na

aaungi phir piya bandi hu tori
uljhi hai dil se yu tere naino ki dori
aaungi phir piya bandi hu tori
uljhi hai dil se yu tere naino ki dori
aadhi ratiya soya zamana
aur ye tera humko satana
yu na ho bechain 
milenge kal balam ghabrana na na
chhod de baiya balamwa na na na
koi dekhe to kahe tujhko kahin diwana na na
chhod de baiya balamwa na na na

Singer - Asha Bhosle
Lyricist - Majrooh Sultanpuri
Music & Composed By - Salil Chowdhury
Movie - Apradhi Kaun (1957)

පෙම් ලෝකයක් මවාලා

පෙම් ලෝකයක් මවාලා
පෙම් ක්‍රීටයක් සදාලා
මා ප්‍රේම රාජයාගේ
පළඳන්නෙමී හිසේ මා

පෙම් මල් ගොඩක් නෙළාලා
පෙම් මාලයක් ගොතාලා
පෙම් රාජණීය ඔබගේ
පළඳන්නෙමී ගෙලේ මා

කුමුදයි හඳයි සමානා
බඹරයි මලයි ඔයා මා
නැළවෙන්නකෝ තුරුල්ලේ
රස පෙම් වදන් කියාලා
හඅ ආ.. අඅආ.. අඅආ.. අඅආ..

මෝරා නැගේවි ආලේ
ඔබගෙයි ඉතින් ම ප්‍රාණේ
සුර ලෝකයෙන්ද මිහිරේ
පෙම් ගී කියන්න ආවේ

හඅආ... හඅආ... හඅආ... හඅආ... හඅආ...

කිමිදී ගිලී විනෝදේ
අපි නාමු ප්‍රේම සයුරේ
මතු ජාති ජාති ඔබ වේ
පෙම් රූප රාජයා මා

හද ප්‍රේම මාලිගාවේ
දැල්වේවි පෙම් ප්‍රදීපේ
මතු ජාති ජාති ඔබ වේ
පෙම් රූප රාජිණී මා

දියවැල් ගලා බසින්නේ
සමුදුර බලා ඇදෙන්නේ
මල් වැල් ගසේ එතෙන්නේ
ප්‍රේමේ සැපේ නිසා වේ

හඅආ... හඅආ... හඅආ... හඅආ...

ඇඳුණාවු මාගෙ හර්දේ
නොමැකේවි රූපෙ ඔබගේ
හැමදාම ප්‍රේම ලෝකේ
ඔබ මාගෙ ආදරී වේ

හඅආ... හඅආ... හඅආ... හඅආ... හඅආ...

රජ සැප වුනත් මෙ ලෝකේ
මට නැහැ එයින් විනෝදේ
නළවන්න මාව සොඳුරේ
රස පෙම් වදන් කියාලා

හද ප්‍රේම මාලිගාවේ (හා... අඅආ.... අඅආ..
දැල්වේවි පෙම් ප්‍රදීපේ (හඅඅ ආ... අඅආ..
මතු ජාති ජාති ඔබ වේ (හඅඅ ආ... අඅආ..
පෙම් රූප රාජිණී මා
ඔබ මාගෙ රූප රාජා

ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය - ටී.ර්. පාපා
1958 දී තිරගතවූ "සුනීතා" චිත්‍රපටියේ ගීයකි.

1956 දී තිරගතවූ "Naya Andaz" චිත්‍රපටියට, ආශා බෝස්ලේ සහ මොහොමඩ් රාෆි ගැයූ, " Yeh Raat Aashiqana" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක WN. 630



හින්දි ගීයේ පද

ye raat aashikana chaya sama suhana
najre milane wale dil bhi jara milana
julfe hasi ghataye aankhe sharab khana
tujhse najar mili kya dil ho gaya diwana

tere liye hai aaja palko ke ye ishare
hontho ki mast kaliya aankho ke shokh tare
chaya hua nasha hai apni kise khabar hai
kya jane mai kaha hu kya jane dil kidhar hai
kuch keh raha hai tujhse ye dilruba jamana
najre milane wale dil bhi jara milana
julfe hasi ghataye aankhe sharab khana
tujhse najar mili kya dil ho gaya diwana

behke hue kadam hai behki hui fiza hai
dil ka har ek arma tujhko pukarta hai
dil me tujhe bitha leaankho me aa chupa le
ye door ke ishare hamko na maar dale
ye raat aashikana

Sung by - Mohammed Rafi & Asha Bhosle
Lyricist - Jan Nisar Akhtar
Music By - O.P. Nayyar
Movie - Naya Andaz (1956)