Friday, July 5, 2019

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල


සිංහල ගීත ගැන වන කතාබහකදි, මොහු පසෙක ලා කතා කරන්නට කවරෙකුටවත් පුළුවන්කමක් නෑ. කාල වකවාණුව කුමක් වුවත් ඔහු ඒ හැම තැනකම ඉන්නවා. ජීවත්ව සිටි ඔහු ට වඩා අප අතර නැති ඔහු වටිනා මනුස්සයෙක් ලෙස අගැයීමට ලක්වෙලා තියෙනවා. ගායන ක්ෂේත්‍රයේ යුග යුග දැවැන්තයෙක් වූ ඔහු, පොළවේ පය ගසා ජීවත්වූ නිහතමානි, ඇතැමෙක් කියන්නා සේ රත්තරන් හදකින් යුත් පුද්ගලයෙක්. ඔහු අපෙන් වියෝවී වසර 32 ක් ගෙවී ඇතත්, සැමදා ඔහු නාමය සිංහල ගී අම්බරයේ දිදුලන තාරකාවක් ලෙසින් දිස්වනු ඇති.

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල මෙලොවට බිහිවෙන්නෙ 1936 පෙබරවාරි 12 වැනිදා.
කැටවලමුල්ලේ එච්. ආර් ජේම්ස් මහතා ඔහුගේ පියාණන්. මව වුණේ ඇම්. කේ පොඩි නෝනා මහත්මිය.
මරදානේ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙන් ජෝති මූලික අධ්‍යාපනය හැදෑරුවා. ඊට පස්සෙ දෙමටගොඩ
ශාන්ත ජෝන්ස් විද්‍යාලයෙන් ඉදිරි හැදෑරුම් කළ බව වාර්තා වෙනවා.

මට මතකයි මං පුංචිම කාලෙ දවසක්. ගාල්ලෙ සමුද්‍ර මාවතේ පලතුරු මාර්කට් එක අසල මවත් එක්ක සිටිද්දි මා අසලින් පියමං කළ දැවැන්ත දේහදාරියෙක් මා දෙස බලමින්ම නවතා තිබූ වෑන් රථයකට ගොඩවුණා. ඔහු මුව පුරා තිබුණෙ ලෙන්ගතු සිනහවක්. ඒ වෑන් රථයේ "ටැංගානා තේ" යනුවෙන් ලියා තිබුණා. ජෝති ජීවමානව දුටු ඒ මොහොත අදත් ජීවමානයි වගේ. සුදු අත් දිග කමීසය හා සුදු දිග කලිසම. හැඩිදැඩි සිරුර. ජෝති සම්බන්ධ ඕනෑම දෙයකදි ඒ මනසේ සටහන් වූ රුව හැම විටම මා ඉදිරියේ මැවී පෙනෙනවා.

ගීයකට ජෝති ගෙ මුල්ම දායකත්වය සිදුවන්නෙ එකම එක වචනයක් ගායනයෙන්. ඒ වසන්තා සන්දනායක මහත්මිය ගායනා කළ, "මහවැලි නදියේ" යන ගීයෙහි "තොටියෝ" නම් ඛණ්ඩයේ අත්වැල් ගායනයට දායක වීමෙන්.

මහවැලි නදියේ
අසබඩ සැදි ඒ
මහියංගන ථූපේ
වඳිනට අපි යනවා
තොටියෝ.. ඔඔ ඕ... ඔඔ ඕ... ඔඔ ඕ...

මහවැලි නදියේ
අසබඩ සැදි ඒ
මහියංගන ථූපේ
වඳිනට අපි යනවා

ගඟෙහි අද දිය බෝවේවි උතුරා නදියේ
හෝ යන්නේ කොහොමද එගොඩට මේ ගංගාවේ
පෙනෙන ඔරුවේ ගීතේ ඇසෙන තෙක් මානේය හෝ ගංගාවේ
යනවා දනෝ බැති ගීත ගයා හා

හෝ.. වඳිති දෙවියෝ සෑය ඕ...
වඳිති දෙවියෝ මේ සෑ රාජා
කේස ධා හිමිගේ
මේ හිඳිනා සේම සෑ රාජා හෝ

මහවැලි නදියේ
අසබඩ සැදි ඒ
මහියංගන ථූපේ
වඳිනට අපි යනවා
තොටියෝ.. ඔඔ ඕ... ඔඔ ඕ... ඔඔ ඕ...

මහවැලි නදියේ
අසබඩ සැදි ඒ
මහියංගන ථූපේ
වඳිනට අපි යනවා

හෝ..  ඕ... ඔඔ ඕ...
සාධුකාරේ මේ බිම්තැන්නේ
ශාන්ත සිරි ගෙන පෑවා නේ අද
පාපි වූ දුක් ජීවිතේ බර නිවනා ලෙසින් වඳිමූ මෙසේ
සරණයි සැමටම දෙයියණි ඔබගේ
මේ කඳුරට හිමිවූ

යදිමු අප සැම දෙවියන් යදිමූ
අසල බිම්තැන්නේ මේ ආවෙමු
වඳිනට බිම්තැන්නේ

මහවැලි නදියේ
අසබඩ සැදි ඒ
මහියංගන ථූපේ
වඳිනට අපි යනවා
තොටියෝ.. ඔඔ ඕ... ඔඔ ඕ... ඔඔ ඕ...

මහවැලි නදියේ
අසබඩ සැදි ඒ
මහියංගන ථූපේ
වඳිනට අපි යනවා

ගායනය - වසන්තා සන්දනායක සහ පිරිස (එච්.ආර් ජෝතිපාල)
පද - ආනන්ද සරත් විමලවීර
1952 දී තිරගතවූ "Baiju Bawra" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සහ පිරිස (මොහොමඩ් රාෆි සහ ශම්ෂාඩ් බෙගම්) ගායනා කළ, "Door Koi Gaye" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


තම නිවසේ ගුවන් විදුලි යන්ත්‍රයක් නොතිබියෙන්, අසල කඩයකට ගොස් ගී අහන්නට පුරුදු වී සිටි ජෝති ඒවා ගයන්නටත් කඩේ මේසයට තට්ටු කරමින් තාලය උපදවන්නටත් ගත් කල්හී, කඩ හිමියා ඒ වැඩේ නවත්වන ලෙසත්. "සින්දු අහනවනම් පැත්තකටවෙලා අහනව, නැත්නම් යනවා යන්න" ලෙස තරවටු කළ බවත් මා අසා තිබෙනවා.

ජෝති ගැයූ මුල්ම ගීය ලෙස වාර්තා වෙන්නෙ "මගෙ රන් රාජිණී" නමැති ස්ටැන්ලි ඔමාර් තනු නිර්මාණය කර පද රචනය ද කළ ගීයකි.

මගෙ රන් රාජිණි සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා
මාගෙ නෙතින් එයි ගලා පෙම් කඳුළැලි දහරා

ප්‍රියාවි මාගෙ පෙම් මිහිරේ සිහිවේ ඔබගෙ ස්වරූපේ
දිවා රෑ සිහිනෙ මැවීලා ගෙනදේ සෙනෙහෙ වේදනා
ඇවිලේ හදෙහි වේදනා

එනු එනු දේවියෙ සෝකෙන්
එනු එනු දේවියෙ සෝකෙන් මා හා ගයනට ගීතා
මා හා ගයනට ගීතා
මගෙ රන් රාජිණි සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා

ප්‍රියාවි මාගෙ පෙම් මිහිරේ සිහිවේ ඔබගෙ ස්වරූපේ
දිවා රෑ සිහිනෙ මැවීලා ගෙනදේ සෙනෙහෙ වේදනා
ඇවිලේ හදෙහි වේදනා

එනු එනු දේවියෙ සෝකෙන්
එනු එනු දේවියෙ සෝකෙන් මා හා ගයනට ගීතා
මා හා ගයනට ගීතා
මගෙ රන් රාජිණි සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද හා තනුව - ස්ටැන්ලි ඔමාර්




  1954 වසරයි. සිරිසේන විමලවීර විසින් අධ්‍යක්ෂණය කරණු ලැබූ සිනමා කෘතියක ගීයක් ගැයීම සඳහා ජෝතිට ලැබෙනවා අවස්ථාවක්. නමුත් ගීය පටිගත කරන අවස්ථාවෙ යම් ප්‍රශ්නයක් පැනනගිනවා. ඒ පිළිබඳ පවතින ප්‍රවෘත්ති එතරම් පැහැදිලි නෑ.

සිදුවීම අසා දැන ඇති සැටියෙන් කියන්නම්. ජෝතිට ගායනා කරන්න තිබුනෙ කිරි මූද කළඹා නම් ගීයක්. ගායනයේදී සංගීත අධ්‍යක්ෂකට ජෝති ගෙ හඬ හොඳින් ශ්‍රවණය වෙන්නෙ නැහැ. එය භාවිත මෙවලම් වල දොසක් නිසා වූවාය යන කතාවකුත් තියෙනවා. ඔහුට කේන්ති යනවා. තමුසෙට සින්දු කියන්න බැහැ කියල එළවා ගන්නවා. 1955 නොවැම්බර් 25 වැනිදා අර චිත්‍රපටිය (පොඩි පුතා”) ප්‍රදර්ශනයේදී පෙර සඳහන් කළ ගීය ගයා තිබුණෙ වෙනත් ගායකයෙක්. (මා දන්නා පරිදි සිසිර සේනාරත්න. එය සිසිර ගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනයයි.)

මේ ගැන තවත් තැනක සටහන් වන්නෙ ඉන්දියාවේදී කළ පටිගත කිරීම් සඳහා යාමට ජෝතිට වීසා නොලැබුණ බවත් ඒ හේතුවෙන් ජෝතිට අවස්ථාව නොලැබී ගියාය යන පුවතක්. සත්‍ය සිද්ධිය කුමක් වුවත්, ජෝතිට ලැබුණ අවස්ථාව ඔය අන්දමින් ගිලිහී ගොස් තිබුණා.

මම හිතන්නෙ මේ සිදුවීම නිසා ජෝති යම් අදිටනක දැඩිව පිහිටියා කියල. මෙහි මා ඉදිරිපත් කළ මගෙ රන් රාජිණී යන ගීය ජෝතිම මුදල් වියදම් කොට තැටිගත කළ ගීයක්. ගීය උපන්නෙ අර සිද්ධිය නිසා සිත උපන් ඒ අදිටනේ ඵලයක් ලෙස යයි මා හිතනවා. නුමුත් කිසිදා ජෝති මේ සම්බන්ධයෙන් කවරෙකුටවත් දොසක් කියා නෑ. තරහා වෙලා නෑ.

1984 වසරේ රූපවාහිනී වැඩසටහනක ජෝති පවසන මේ වදන් අහන්න.

   


සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා //
හෝ...
දින රාජයා ඈත අහසේ දිලෙන්නා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදේහි නැගෙන්නා //
හෝ..

යාමී මේ දැන් පෙම් කුමාරි සොයාලා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අමධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා (ඉදිරිපත් කර ඇති ගීය ට අනුවයි)
සංගීත අධ්‍යක්‍ෂණය ටී.ආර්. පාපා
1956 දී තිරගත වූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.
එච්. ආර්. ජෝතිපාල මහතාගේ පළමු චිත්‍රපට පසුබිම් ගීතයයි. (ඉදිරිපත් කර ඇති ගීය පසු ගැයුමකි.)

1954 දී තිරගත වූ "මස්තානා" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "දුනියා කේ සාරේ ගමොන් සේ බෙගානා" (Duniya Ke Saare Ghamon Se Begaana) ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



මුල් ගීය හා එහි පද (මෙම කොටස ඇතුළත් කළේ පාඨක ප්‍රතිචාරයකින් පෙන්වා දුන් අඩුවක් පිරවීමටයි)



සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා //
හෝ...
දින රාජයා ඈත අහසේ දිලෙන්නා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදේහි නැගෙන්නා //
හෝ..

මේ සැන්දෑ ශ්‍රියාවෝ නැගේ හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

මල් ලෝකෙ සරලා ගුමු නාදෙ දීලා
බඹරා ගියා සේ පෙම් ගී ගයාලා //
හෝ..

යාමී මේ දැන් පෙම් කුමාරි සොයාලා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අමධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//



ජෝති සුරතලී චිත්‍රපටියේ තවත් ගීයකට ගායනයෙන් දායක වූවා. මේ ඒ ගීය.

ආලෝකේ දේය මා හදේ
පම් පම් ටර රරරර රරරර රම්
ප්‍රේමේ සැපා මේ ජීවිතේ
පම් පම් ටර රරරර රරරර රම්
මේ ලෝකේ ලොක්කන් කෝ අනේ
ටර රම් පම් පම් පම් පම්
ඔබ මාගේ ප්‍රේමේ රාජා වේ
ටර රම් පම් පම් පම් පම් .....//

ලා ලා ලාල් ලල්ලලා ලල්ලල ලල්ලා
ලල් ලල් ලල් ලාල් ලාල් ලල් ලාල්ල ලල්ලා ලලා

නැග ඒවී චන්ද්‍රාලෝකේ
පෙම් කාන්තී දේවී හර්දේ ...//

රොමියෝ ඔබයි මේ මාගේ
මම වෙන්නම් ජුලියට් ඔබගේ ...//

නෑ මේ ලෝ සම්පතා අගේ
පම් පම් ටර රරරර රරරර රම්
ඔබ නැතිදා මාගේ ජීවිතේ
පම් පම් ටර රරරර රරරර රම්
මේ ලෝකේ රංග මණ්ඩලේ
ටර රම් පම් පම් පම් පම්
නටමූ ගී ගයමූ සන්තෝසේ
ටර රම් පම් පම් පම් පම්

ඩා ඩා ඩාඩ් ඩඩ්ඩඩා ඩඩ්ඩඩ ඩඩ්ඩා
ඩඩ් ඩඩ් ඩඩ් ඩාඩ් ඩාඩ් ඩඩ් ඩාඩ්ඩ ඩඩ්ඩා ඩඩා

සුමඟුල් විමානේකී මේ
ලෝකේ නෑ කිසිදා සෝකේ ...//

විඳිමූ සැමදා මේ වාගේ
සැපතා විනෝදේනී මේ ...//

නෑ මේ ලෝ සම්පතා අගේ
පම් පම් ටර රරරර රරරර රම්
ඔබ නැතිදා මාගේ ජීවිතේ
පම් පම් ටර රරරර රරරර රම්
මේ ලෝකේ රංග මණ්ඩලේ
ටර රම් පම් පම් පම් පම්
නටමූ ගී ගයමූ සන්තෝසේ
ටර රම් පම් පම් පම් පම්

ආලෝකේ දේය මා හදේ
පම් පම් ටර රරරර රරරර රම්
ප්‍රේමේ සැපා මේ ජීවිතේ
පම් පම් ටර රරරර රරරර රම්
මේ ලෝකේ ලොක්කන් කෝ අනේ
ටර රම් පම් පම් පම් පම්
ඔබ මාගේ ප්‍රේමේ රාජා වේ
ටර රම් පම් පම් පම් පම්

ගායනය - ස්වර්ණා අබේරත්න සහ එච්.ආර්. ජෝතිපාල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය - ටී.ආර්. පාපා
1956 දී තිරගතවූ සුරතලී චිත්‍රපටියේ ගීයකි.




තනුව උපුටා ගෙන ඇත්තේ, 1955 දී තිරගතවූ Musafirkhana චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් සහ මොහොමඩ් රාෆි ගායනා කළ Thoda Sa Dil Lagake Dekhe ගීයෙනි.
   



හින්දි ගීයේ පද



Thoda Sa Dil Laga Ke Dekh
Tar Ram Pam Pam
Nainon Se Muskura Ke Dekh
Tar Ram Pam Pam
Mera Na Ban Sake Agar Apana Hamein Bana Ke Dekh
Tar Ram Pam Pam

Dhadakan Mein Tere Liye Nagamein Bahaaron Ke Hain
Dil Ke Kazaane Saare Apane Hi Pyaaron Ke Hain
A Mere Dil Mein Aa Ke Dekh
Tar Ram Pam Pam
Nainon Se Muskura

Hansane Ki Baat Kar Le Gam Ke Fasaane Se Kya
Ulfat Se Jholi Bhar Le Tujhako Zamaane Se Kya
Duniya Ka Gam Bhula Ke Dekh
Tar Ram Pam Pam
Nainon Se Muskura

Kuchh Bhi Kahe Zamaana La Na Mail Pyaare
Maujon Se Dagamaga Ke Dekh
Tar Ram Pam Pam
Nainon Se Muskura

Movie - Musafir Khana (1955)
Sung by - Mohammed Rafi, Shamshad Begum
Lyricists - Majrooh Sultanpuri
Music Composer - Omkar Prasad Nayyar




"සුරතලී" චිත්‍රපටියෙන් පසු ජෝතිපාල පසුබිම් ගායනයෙන් දායක වූ ඊළඟ චිත්‍රපටිය වූයේ "එකමත් එක රටක" චිත්‍රපටියයි. එහි ගී 5 ක් ඇතුළත් වූවත්, එකම ගීයක්වත් තැටියට නැගුනේ නැහැ. එකම ගීයක්වත් ජනප්‍රිය වුනෙත් නැහැ. ජෝතිපාල ගායනයෙන් දායක වුණේ කුමන ගීයක් සඳහා ද කියාත් වාර්තා වල නැහැ.

මා දුටු යම් විශේෂත්වයක් නම්, සිරිසේන විමලවීරයන් හා ජෝතිපාල එක්වූ තැන මොකක්දෝ අවාසනාවක් මතුවන බවයි.

"සුරතලී" චිත්‍රපටියේ "සිරියා මෙ සාරා" ගීය ට පෙරාතුවයි ජෝතිපාල "පොඩි පුතා" චිත්‍රපටියට (1955 දි) ගීයක් ගැයුවෙ. පොඩි පුතා අධ්‍යක්ෂණය සිරිසේන විමලවීරගෙ. ජෝතිගෙ ගීය ඉවත්වුණා. වැරදි වැටහීම් ද ඇතිවන්න ඇති. "එකමත් එක රටක" (1958) චිත්‍රපටියත් සාර්ථක වූයෙ නැහැ. ඒකත් සිරිසේන විමලවීරයන්ගෙ අධ්‍යක්ෂණයක්.

1958 වසරේම තිරගතවූ "දෙයියන්ගෙ රටේ" චිත්‍රපටියෙන් ජෝති ආයෙත් සිනමා රසික හදවත් දිනා ගන්නෙ දැනටත් ඉතා ජනප්‍රිය සීත සුනිල් දිය දහරා ගීය ගායනය තුළින්.





සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල් පිපිලා
සිත අලවයි ඇස නළවයි ...//

තුන් සරණේ කවි කියලා
ධර්මරාජ ගල නැගලා
ගෙත්තම්පානේ ගෙත්තම් කරලා
මහ ගිරිදඹ පසු කරලා

යං යං යං හනිකට යං
සුමන සමන් දෙවි පිහිට ලබන්
මුනි සිරිපාදේ බුදු රැස් විහිදේ
සමන්තකූඨ රජාගේ
රමණීයයි කමණීයයි

සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල් පිපිලා
සිත අලවයි ඇස නළවයි

නව ජීවය දුන් මිහිරී
පිය කෝමල ලාලන කුමරී
මාගේ ලෝකය වෙයි ආලෝකය
බලනා කල ඔබ හිනැහී
රන් කඳ පෙම් පෙර පිනකින්
ඔබ ලැබුනොත් අද සැනසෙමි මම්
තිසරණ සරණින් දෙවි රැකවරණින්
ජීවනයේ සැප පෑදේ
සිත සැනසේ පින පලදේ

සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල් පිපිලා
සිත අලවයි ඇස නළවයි ...//

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය - පී.එල්.ඒ. සෝමපාල
1958 දී තිරගත වූ "දෙයියන්නේ රටේ" චිත්‍රපටියේ ගීයකි.

1957 දී තිරගත "ප්‍යාසා" (Pyaasa) චිත්‍රපටියට, මොහොමඩ් රාෆි විසින් ගයන ලද "සාර් ජෝ තේරා චකරයේ" ("Sar Jo Tera Chakaraye") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



(මේ ගීය මෙම අඩවියේ කලින් පලකර ඇත.)

 ජෝති ගැයූ ගී සියල්ල ඉදිරිපත් කරන්න ගියොත්, මගේ ජීවිත කාලයේදි එය කළ හැකිවේ යැයි මම හිතන්නෙ නෑ. මේ අඩවියේ දැනටමත් උත්පතනය කර ඇති ජෝතිගේ ගී වලට අමතරව හැකිතාක් ඔහු විසින් ගායනා කරන්නට යෙදුණු ගී ඉදිරියේදි ගෙන එන්නම්.

මී ළඟට මා ඉදිරිපත් කරන්නෙ විශේෂිතවූ ගීයක්. සිංහල සිනමාවේ වඩාත් හොඳින් නළු නිළියන් රැසකට පෑහෙන හඬ, ජෝති හා ඇන්ජලින් යුගලයෙන් ලද බව බොහෝ දෙනෙකුගෙ පිළිගැනීම. මේ ඒ යුග ගී ගොන්නේ ආරම්භය. ජෝති ඇන්ජලින් එක්ව ගැයූ මුල්ම යුග ගීය. මෙම ගීයේ පසු ගැයුම් රැසක් අන්තර්ජාලයේ තියෙනවා. මා මෙහි ඉදිරිපත් කරන්නේ මුල් ගීයයි.

වාසනාව පෑදේවී (හොහ් හෝ...)
රූප රාණි සීදේවී (හොහ් හෝ...)

ජීව සාගරේ රැල්ලයි  රැල්ලයි
දිව්‍ය ප්‍රේමයේ මල් වැල් ඉල්ලයි
මේ විනෝද මංගල්ලේ
හොහ් හොහ් හෝ ...
මේ විනෝද මංගල්ලේ

යෞවන ජීවේ ආහාරය මේ ප්‍රේමේ //

සුර සැපත් මේ වගෙයි
ඔබ දුටත් හා අගෙයි ...//

සතුට සාදන
සැපත පාදන
පිදුව දේ දෙන
පෙම් ලොවේ ...//

ගීත නාදෙ රැව් දේවී (හොහ් හෝ...)
මා ප්‍රමෝදෙනී නෑවී (හොහ් හෝ...)

ජීව සාගරේ රැල්ලයි රැල්ලයි
දිව්‍ය ප්‍රේමයේ මල් වැල් ඉල්ලයි
මේ විනෝද මංගල්ලේ
හොහ් හොහ් හෝ ...
මේ විනෝද මංගල්ලේ

පෙම් අම ධාරා බිව්වේ වන බඹරා මේ //

ඔබ මගෙයි මා ඔබෙයි
මා ඔබෙයි ඔබ මගෙයි ...//

සතුට සාදන
සැපත පාදන
පිදුව දේ දෙන
පෙම් ලොවේ ...//

ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ද ලැනරෝල් (එවකට)
පද - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - එඩ්වින් සමරදිවාකර



එඩ්වින් සමරදිවාකර සංගීතවත් කළ එකම චිත්‍රපටිය වන දස්කම (1958) සිනමා කෘතියේ ගීයකි. අකල්හී සමරදිවාකරයන් දිවියෙන් සමුගත්තේය.


   


ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධයක්ෂණය කළ සංදේශය චිත්‍රපටියේ පසුබිම් ගායනයට, ඔහු ජෝතිපාල එක්කර ගන්නවා. පුර්තුගීසිකාරයා නම් ගීය අහල නැත්තෙ කවුද? අරිසෙන් අහුබුදු ශූරීන් ලියා සුනිල් සාන්ත මහතා කනුව නිර්මාණය කළ ඒ සුවිශේෂී වූ ගීය, එදා මෙදා තුර බාල මහලු හැමගේ හදවත් බැඳගත් ගීයක්. ඒ ගීයම තමයි ජෝති අවසන් වරටත් ගැයුවෙ.

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා ..//

කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ (ආ..)
අප ආ පාරේ පැතිරෙයි විනෝද මිහිරේ  (ආ..) ..//
පැතිරෙයි විනෝද මිහිරේ //
විනෝද මිහිරේ

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා

ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ (ආ..)
කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ  (ආ..) ...//
බයිනෙත්තුයි හරවන්නේ //
විනෝද මිහිරේ

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා

අපේ තුවක්කු ඉහළම කාලතුවක්කු (ආ..)
ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු  (ආ..)...//
වැදුනොත් ලෝකෙට මුක්කු //
විනෝද මිහිරේ

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා

කන්න හපන්නූ බොන්නත් හරිම හපන්නූ (ආ..)
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ  (ආ..) ...//
යුද්දෙට හරිම හපන්නූ //
විනෝද මිහිරේ

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා ...//

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ සිඩ්නි ආටිගල ඇතුලු පිරිස
පද - අරිසෙන් අහුබුදු
තනුව - සුනිල් සාන්ත
සංගීත අධ්‍යක්ෂණය - ආර්. මුත්තුසාමි
1960 දී තිරගත "සංදේශය" චිත්‍රපටියේ ගීයකි.



ජීවත්ව සිටියදී ජෝති ට මල් වලට වඩා ලැබුණෙ ගල්. ඔහු විසින් ගැයූ 6000 ක් තරම් ගීත ප්‍රමාණය තුළ නෙක විධ ගී අන්තර්ගතයි.
ජෝති ට ඔනෑම ආරක ගීයක් ගයන්න පුළුවන් දස්කම තිබුණා. වාණිජ සිනමාවේ හින්දි කොපි ගී ඇතැම් විට මුල් ගීයටත් වඩා හොඳින් ගයා තියෙනවා. ඒ වාගෙමයි ඔහු ඕනෑම සංගීත අධ්‍යක්ෂක්ෂණයකට ගී ගයා තියෙනවා. ජෝතිගෙ හඬ පෞරෂය මහ දැවැන්ත එකක්. ඒත් මේ රටේ බොහෝ දැවැන්තයින්ට වාගෙ ජෝතිටත් ජීවත්ව සිටිද්දි නිසි අගැයීම ලැබුණෙ නැහැ කියලයි මට හිතෙන්නෙ. සම්මාන වලින් පිදූ වාර තිබුණා තමයි. ජීවත්ව සිටිද්දි ජෝතිගෙ හදවතට දැනෙන්න ඔහු පිදුවා දැයි සැකයි.

එදා 1987 කතරගම ගම්උදා ප්‍රදර්ශන භූමියේ අවසන් රාත්‍රියේ සංගීත ප්‍රසංගයේ ජෝති ගී ගයමින් සිටියා. මට මතකයි එක දිගට වචන අමුණා ගෙන කතා කිරීමේ යම් අපහසුතාවක ඔහු හිටියෙ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා වේදිකාව ඉදිරියේ සංගීත ප්‍රසංගය නරඹමින් රැඳී සිටියා. මට හොඳට මතකයි ජෝති කිව්වා එතුමන් වෙනුවෙන් එළිවෙනකන් හරි ගී ගයනවා කියල.
ඒත් හදිසියේ ජෝතිගෙ හුස්ම ගැනීමේ අපහසුතාව උත්සන්න වුණා. එදා 1987 ජූලි 03 වනදා ඒ රැයේ ඔහු ගායනා කරමින් සිටියෙ පුරුතුගීසිකාරයා නම් වූ ගීය. වහාම ජෝතිව කොළඹ ජාතික රෝහල කරා ගෙන ඒමට කටයුතු සැකසුණා.
1987 ජූලි 07 වැනිදා ජෝති අවසන් හුස්ම හෙළුවා.
ඔහු ට නිවන් සුව පතමු.

ජෝති චිභ්‍රපටි තුන් සියයකට කිට්ටු ගණනක ගී ගයා තියෙනවා. හැම සංගීත අධයක්ෂක වරයෙකුගෙම සංගීතයට ගී ගයා තියෙනවා. 1954 සිට ඔහු ගැයූ ගී එක එකක් පෙළ ගස්සන්නෙ කොහොමද? හැකි අයුරින් ඒ ගී අමුණන්නම් ඔහුගේ නාමයට.
ටජ්මහලක් තනවන්න බෑ මට ඔබෙ සෙනෙහසට හිමී.....


මේ අඩවියේ ඇති ජෝති ගී සඳහා යොමුව)

2 comments:

Unknown said...

හිතවත, "සිරියා මේ සාරා" සම්පූර්ණ ගීතය පහත සඳහන් පරිදි විය යුතු නො වේද​?
සිරියා මේ සාරා නැගේවි හද මෝරා
දී ප්රේමෙ අමධාරා හෝ ප්රේමෙ අමධාරා
ප්රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා//
හෝ ...
දිනරාජයා ඈත අහසේ දිලෙන්නා
දී ප්රේමේ අමධාරා හෝ ප්රේමේ අමධාරා
සිරියා මේ සාරා ….
ගංගා පිරීලා ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදෙහී නැගෙන්නා//
හෝ ....
සන්ධ්යා ශ්රියාවෝ නැගේවි හද මෝරා
දී ප්රේමේ අමධාරා හෝ ප්රේමේ අමධාරා
සිරියා මේ සාරා ....
මල් ලෝකේ සරලා ගුමු නාදේ දීලා
බමරා ගියා සේ පෙම් ගී ගයාලා//
හෝ ...
යාමී මේ දැන් පෙම් කුමාරි සොයාලා
දී ප්රේමේ අමධාරා හෝ ප්රේමේ අමධාරා
සිරියා මේ සාරා ....

Gee Arana ගී අරණ said...

ඔව්. ඔබ හරි.
මුල් ගීයේ පද එලෙසිනි. මා පද දක්වා ඇත්තේ ඉදිරිපත් කළ ගීයේ ප්‍රකාරවයි. එය පසු ගැයුමකි. මුල් ගීයේ බිඳ වැටීම් නිසාද, අවසානය සම්පූර්ණ නොමැති නිසාද ඉදිරිපත් නොකළෙමි.

මෙන්න මුල් ගීය

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා //
හෝ...
දින රාජයා ඈත අහසේ දිලෙන්නා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදේහි නැගෙන්නා //
හෝ..

මේ සැන්දෑ ශ්‍රියාවෝ නැගේ හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

මල් ලෝකෙ සරලා ගුමු නාදෙ දීලා
බඹරා ගියා සේ පෙම් ගී ගයාලා //
හෝ..

යාමී මේ දැන් පෙම් කුමාරි සොයාලා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අමධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//