Wednesday, July 10, 2019

තොරොම්බෝල් එල්ලාගෙන




තොරොම්බෝල් එල්ලාගෙන නුවර ප්‍රීති සාගරේක
නටමු ගාලු මුවදොර අපි වැල්ලෙ හැපීලා
මරණ හතක් ඇති මිනිහෙක් තනිවම කෑවලු මීයක්
රටම සුසානයක් වුණත් ඔහෙ නටපල්ලා

අහස පැලී කැඩී විසිර වැටෙයි මල්වෙඩී
ගිටාර් ජෑස් වියෝල හඬ මිතුරේ හිනැහේ
ලක් මවගේ හදවත ඉරිතලා වෙඩි වැදී
මිතුරෙ කෝල කවට සිනා කුමන ගිණිකෙළී

තොරොම්බෝල් එල්ලාගෙන නුවර ප්‍රීති සාගරේක
නටමු ගාලු මුවදොර අපි වැල්ලෙ හැපීලා
මරණ හතක් ඇති මිනිහෙක් තනිවම කෑවලු මීයක්
රටම සුසානයක් වුණත් ඔහෙ නටපල්ලා

බාල ළමා සුකොමල හැඳ පැළඳ රූසිරී
මල් උයනක පාට පාට සමනලුන් වැනී
කඳුළු මැදින් වියැකී යන ළමා රූසිරී
පල්ලියෙ පන්සල් දොර මාවතේ හිඳ යදී

තොරොම්බෝල් එල්ලාගෙන නුවර ප්‍රීති සාගරේක
නටමු ගාලු මුවදොර අපි වැල්ලෙ හැපීලා
මරණ හතක් ඇති මිනිහෙක් තනිවම කෑවලු මීයක්
රටම සුසානයක් වුණත් ඔහෙ නටපල්ලා

එන්ඩ කන්ඩ බොන්ඩ මිහිරි සාජ්ජෙකී මේ
ඉන්න ටිකේ නටා ගයා මළත් සැපතකී
හිඟා නොකා හිඟා කකා ගයන ගීයකී
භයින් සාගතේ සුපතල කේතුමතියකී

ගායනය - නිර්මලා රණතුංග
පද - රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව - විජේරත්න රණතුංග

No comments: