Saturday, July 13, 2019

වෙළඳාම හා බැඳුණු ගී

නාගරීකරණය වෙන්න පෙරාතුව  ගැමි ජනතාව වෙළඳාමෙ යෙදුණ විදිහ අදට වැඩිය බොහෝ වෙනස්. බොහෝ දෙනා පුරුදු වෙලා හිටියා සතියේ නිශ්චිත දිනයක පැවැත්වෙන පොළෙන් බඩු ගන්න.

 පොළ හා බැඳුණු සංස්කෘතියක් තිබුණා. එදා ඒ කටයුතු අලලා වන ගී ටිකක් ගොනු කරන්න හිතුණා.

පොළට ආව ගිය පාරිභෝගිකයත් වෙළෙන්දාත් යන දෙකොටසම ඇතැම් විට බොහෝ දුර කතර ගෙවා ගෙනයි පැමිණියේ.

 මහා පරිමාණයෙන් පොළට බඩු ගෙන ආවෙ තවලමෙන්.




හේ හෙහෙ හේ හෙහෙ හේ හේ ..
ලලලල ලා.... (හේහෙහෙ හේ හෙහෙ හේ හේ ..)
ආ.... ආහා ආ....

ඈත හමායන (ආහා ආ....)
මඳ සුළඟේ ඔබ (ආහා ආ....)
බිඳුවක් නවතින්නේ

හේ හෙහෙ හේ හෙහෙ හේ හේ ..
ලලලල ලා.... (හේහෙහෙ හේ හෙහෙ හේ හේ ..)
ආ.... ආහා ආ....

කාලය ගෙවිලා යයි සැණෙකින්
බිඳුවක් නවතින්නේ

ගැල් පුරවාගෙන (ආහා ආ....)
හනි හනි හනිකට (ආහා ආ....)
තුන්යම කතර ගෙවා
ආ... ආහා ආ...

ගැල් පුරවාගෙන (ආහා ආ....)
හනි හනි හනිකට (ආහා ආ....)
තුන්යම කතර ගෙවා
ආ... ආහා ආ...

දිවිය ගෙවන්නට
අඹුදරු රැකුමට
තවලම් අපි යනවා

හේ හෙහෙ හේ හෙහෙ හේ හේ ..
ලලලල ලා.... (හේහෙහෙ හේ හෙහෙ හේ හේ ..)
ආ.... ආහා ආ....

ඈත හමායන (ආහා ආ....)
මඳ සුළඟේ ඔබ (ආහා ආ....)
බිඳුවක් නවතින්නේ

හේ හෙහෙ හේ හෙහෙ හේ හේ ..
ලලලල ලා.... (හේහෙහෙ හේ හෙහෙ හේ හේ ..)
ආ.... ආහා ආ....

කාලය ගෙවිලා යයි සැණෙකින්
බිඳුවක් නවතින්නේ

ගැල් පුරවාගෙන (ආහා ආ....)
හනි හනි හනිකට (ආහා ආ....)
තුන්යම කතර ගෙවා
ආ... ආහා ආ...

ගැල් පුරවාගෙන (ආහා ආ....)
හනි හනි හනිකට (ආහා ආ....)
තුන්යම කතර ගෙවා
ආ... ආහා ආ...
දිවිය ගෙවන්නට
අඹුදරු රැකුමට
තවලම් අපි යනවා

හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ්



තවලම් අපි යනවා
තවලම් අපි යනවා
තවලම් අපි යනවා
තවලම් අපි යනවා
තවලම් අපි යනවා
තවලම් අපි යනවා
තවලම් අපි යනවා
තවලම් අපි යනවා
තවලම් අපි යනවා
තවලම් අපි යනවා


ගායනය - බෙල්වුඩ් සෞන්දර්ය පීඨයේ ගායන වෘන්දය
පද හා තනුව - ෂර්ලි වෛජයන්ත



ගැමියෝ සමූහ වශයෙන් ගැල්වල ගමනේ යෙදුණා.  මේ අකාරයෙන් විනේදයෙන්...



ගමන දුර... නිසයි සිව්පද.. කියන්නේ ....
වෙහෙස මඟ .. (ර්ර්..ර්ර්ර්.. මඃ වයිරා මඃ මඃ) හැරෙයි ඇඟපත නිවන්නේ (ච්. ච්. මඃ පුතා මඃ)
හා..ආ..
නොකියන් කවිය ඔය ගොරහැඩි හඬින්නේ ...
මොකටද ගොනුන් කලබල කර හරින්නේ (හ් හ් හ් හහ් හහ් හ්..)

කෙල්ලනි නුඹලා දන්නෙ නටන්නයි මා දන්නේ කීමට පමණයි //
කවදා මුත් මම ගායකයෙක් වී නුඹලා හැම පරදනවාමයි
නුඹලා හැම පරදනවාමයි

එහෙම වුණොත් නම් බොහොම අගෙයි මේ
ගමන් වලට හරි ප්රබයෝජනයි ...//
ඔය කටහඞ ඇසුණොත් කොටි වලසුන් පවා දුවාත් නොහිතම සත්තයි
පවා දුවාත් නොහිතම සත්තයි

ඕ හරි ගායකයා
කියපන් කියපන් උඹ හරි රුසියා


ආ.. රුසියා උඹ හරි රුසියා //

ගේ දොර වතු පිටි අපටා නෑ කිසි ලෝකය අපගේ නිවසයි මේ
අපගේ ආහර නැටුම් ගැයුම් වෙති ප්රීිතිය දෙන්ටයි අපි ඉන්නේ

දිනන්ට කිසිවක් අපටා නෑ ලොව නැතිකරගන්ටත් කිසිත් නැතී
අපි දෙන ප්රීකතිය දහස් ගණන් හට කිසිදා කිසිවිට නැති නොමවේ
කිසිදා කිසිවිට නැති නොම වේ

ඕ... ඕඕ...

දුෂ්කර ලෝකේ කම්කරුවෝ අපි අප සතු වස්තුව සමගිය වේ // (ඒ.. ඒඒඒ...)
එය සොරකම් කර ගන්ට අපෙන් හෙම නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ
නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ

ඕ අපි ගායකයෝ
කියමු කියමු අපි හැම රුසියෝ
ඕ.. රුසියෝ අපි හැම රුසියෝ ////

ගායනය - ආනන්ද සමරකෝන් සහ කේ. රාණි ඇතුළු පිරිස
පද හා තනුව - ආනන්ද සමරකෝන්
1955 දී තිරගත වූ "සැඩ සුළං" චිත්‍රපටියේ ගීයකි


 පොළ සැදුණේ මෙහෙමයි...


ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ ....//

රටා පැදුර විකුණගන්න
බුලත් පුවක් අරං යන්න
සරමක් බැනියමක් ගන්න
ගොවි මහතුන් එකතුවන්න

ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ ....//

පොඩි පුතාට සීනිබෝල
පුංචි දුවට වළලු මාල
ලොකු දෝණිට සිනිඳු සේල
අරගෙන යයි ගමේ රාළ

ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි පොළටයි ආවේ


මම පොළටයි ආවේ ....//

ගුරු මහතයි ගොවිරාළයි
කට්ටඩියයි වෙදරාළයි
ගමමහගෙයි පොඩි මැණිකෙයි
එක්වන තැන පොළ මේකයි

ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ ....//

ගායනය - මොහිදීන් බෙග්

පද - කරුණාරත්න අබේසේකර

පොළ දේට කඩි ගුල වාගෙ. බලමු වටයක් ගිහිල්ල....


කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
මල්ලි කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ

පපුවට පවන් ගසාවී
මී පැණි දෝසි මේ

කළු දොදොල් ගන්නවද කළු දොදොල් කළු දොදොල්

පපුවට පවන් ගසාවී
මී පැණි දෝසි මේ

වඩන වඩන බල ශක්තී වඩන මේ


බෙහෙතකි මේ හොඳ ....//

වඩන වඩන බල ශක්තී වඩන මේ
බෙහෙතකි මේ හොඳ
කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ

තෝරලා පණමට දෙක තුන දෙන්නෙමි
මල්ලිලා නංගිලා සල්ලී අරන් එමු

නාකී තරුණො වෙති තරුණෝ බබාල වෙයි
කිරි දොදොල් කාලා කාලා ....//

කළු දොදොල්
නංගී කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ

මල්ලී කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්

ගායනය ජෙමිණි කාන්තා
ගීත ප්‍රබන්ධය පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීත අධ්‍යක්ෂණය සී. එන්. පාණ්ඩුරංගන් / බී. ඇස්. පෙරේරා
1948 දී තිරගතවූ වැරදුණු කුරුමාණම චිත්‍රපටියේ ගීයකි.



මෙම ගීය නිරෝෂා විරාජිනී මෙලෙසින් ගැයුවා...


අයියා කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
මල්ලි කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ

with coconut with juggary ...
(wrap part)

පපුවට පවන් ගසාවී
මී පැණි දෝසි මේ ....//

වඩන වඩන බල ශක්තී වඩන මේ
බෙහෙතකි මේ හොඳ ...//

අයියා කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ

තෝරාලා බලන්නට දෙකක් තුනක් දෙන්නෙම්
මල්ලිලා නංගිලා සල්ලී අරන් එන්නේ

නාකි තරුණො වෙති තරුණෝ බබාලා වෙයි
මේ දොදොල් කාලා කාලා ...//

කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
මල්ලි කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ

කළු දොදොල් ගන්නවද? කළු දොදොල්, කළු දොදොල්
අනේ අයියෙ, මේ ගන්නකෝ කළු දොදොල්
කළු දොදොල්, කළු දොදොල්

ආ ධර්මෙ අයියා ... එකක් කාලා බලමුද?

හරි පැණි පැණි රස ගුලි මේ තිබේ //

කිරි දෝසි මේ කාලා බලන්න මගේ //



හරි පැණි පැණි රස ගුලි මේ තිබේ //

කිරි දෝසි මේ කාලා බලන්න මගේ //



පොඩි මල්ලීලා නංගීලා එන්න මෙහේ



පොඩි මල්ලීලා නංගීලා එන්න මෙහේ

හරි ලාබෙට මේ අද දෙන්නේ පහේ

අද දෙන්නේ පහේ

අපි ලංකාවෙ දුප්පත්තු මේ රටේ

කිරි දෝසි මේ කාලා බලන්න මගේ //



හරි පැණි පැණි රස ගුලි මේ තිබේ //

කිරි දෝසි මේ කාලා බලන්න මගේ //



ඕ ටක් ටක් ගාලා දෙන්නම් මේවා කෑවොත් බඩේ

හරි උණු උණුවෙ ගෙන ආව ඉස්සෝ වඩේ

මෙව ඉස්සෝ වඩේ

මෙන්න අරගන්න බඩගින්නටා හොඳා

කිරි දෝසි මේ කාලා බලන්න මගේ //



ශක්ති වැඩිවේවි ලෙඩ රෝග යාවී නැසී



ශක්ති වැඩිවේවි ලෙඩ රෝග යාවී නැසී

නහර පිනවාවි රස කෑම මේවා නිසී

කෑම මේවා නිසී

යන්නටයි යන්නෙ මහතුනෙ රෑ වුණා
කිරි දෝසි මේ කාලා බලන්න මගේ //

හරි පැණි පැණි රස ගුලි මේ තිබේ //
කිරි දෝසි මේ කාලා බලන්න මගේ
//


ගායනය - ධර්මදාස වල්පොල
පද - ඒ.ජේ. ද සොයිසා
සංගීතය - පී.එස්. දිවාකර්
1958 දී තිරගතවූ සල්ලි මල්ලි සල්ලි චිත්‍රපටියේ ගීයකි.
1957 දී තිරගතවූ Ek Jhalak චිත්‍රපටියට හේමන්ත් කුමාර් ගායනා කළ O Gori Chori Chori Jana Buri Baat Hai ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



ධර්මෙ අයියා ලිසි අක්ක දැක්කෙ නෑ ? ...
ඕං සේතන්ගෙ කඩේට යනව කියල ගියා ...



එයා ඉතින් පොළට එන්නෙ කවුරු කවුරුත් මුලිච්චි වෙල යන්න නෙ. පොළ නැති දවස් වල අහල ගම් ටිකේ වෙළඳාම සරුයි නොවැ.
ඔව් ඔව්. අනේ වැඩි වැඩියෙන් හරියන්න ඕන. මට ඊයෙ මුලිච්චි වුණා. බලව්වෙ පොඩි කාරණයක් තියෙනවා කියන්න...

එළවලු විකුණන ලිසි අක්කා
හිමිදිරි උදයෙම මම දැක්කා
ගෙයින් ගෙයට එළවලු වික්කා
විකුණලා දරු පවුලක් රැක්කා

වැටකොලු පිපිඤ්ඤා බණ්ඩක්කා
ගෝවා නෝකෝල් වට්ටක්කා
අළුත්ම එළවලු ඈ වික්කා
විකුණලා දරු පවුලක් රැක්කා

හරි ලාබයි හරි ලාබයි
 ලිසි අක්කගෙ එළවලු ලාබයි
සරු සාරයි සරු සාරයි
මේ ලිසි අක්කට දැන් සරු සාරයි

එළවලු හරි ලාබෙට දෙන්නේ
කවුරුත් ඈ ළඟටයි එන්නේ
කාටත් එකවගෙ සලකන්නේ
ණයකට නම් නැහැ බඩු දෙන්නේ

රෙද්දයි හැට්ටෙයි ඇඳ ඉන්නේ
කෙල්ලෙක් වාගෙයි නව පන්නේ
ලස්සණ සිනහව විහිදෙන්නේ
ඈ දුටු කාගෙත් සිත ගන්නේ

හරි ලාබයි හරි ලාබයි
ලිසි අක්කගෙ එළවලු ලාබයි
සරු සාරයි සරු සාරයි
ලිසි අක්කට දැන් සරු සාරයි

වලව්වටත් ඈ පියමැන්නේ
එහෙටත් එළවලු විකුණන්නේ
පොඩි පැල්පතටත් ඈ යන්නේ
හැම තැනකම ඇගෙ බඩු ගන්නේ

නෑ ඈ කිසිදා තනි වෙන්නේ
දරුවන් පස් දෙනෙකුම ඉන්නේ
සැමියට හොඳ හැටි සලකන්නේ
මෙහෙමයි ඈ ජීවත් වෙන්නේ

හරි ලාබයි හරි ලාබයි
ලිසි අක්කගෙ එළවලු ලාබයි
සරු සාරයි සරු සාරයි
හා.. ලිසි අක්කට දැන් සරු සාරයි

හරි ලාබයි හරි ලාබයි
ලිසි අක්කගෙ එළවලු ලාබයි
සරු සාරයි සරු සාරයි
හෝ.. ලිසි අක්කට දැන් සරු සාරයි

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද  - වර්නන් පෙරේරා
තනුව - ලාල් තේනබදු





ඔය කියනකොටම එන්නෙ....
ලිසි අක්කෙ ...
මලේ ... ගියා මලේ සේතන්ගෙ තේ කඩේට.

සේතන් අයියගෙ හෝටලෙ මේ
කෑම ද බීම ද ගුණයි රසයි
එක දවසක් කෑවොතින් දැනෙයි
කට දිව පිනවා ඇඟ කිලිපොලවා
සැමදා එන්නට ආස හිතෙයි
සිත ආස හිතෙයි

සේතන් අයියගෙ හෝටලෙ මේ
කෑම ද බීම ද ගුණයි රසයි
එක දවසක් කෑවොතින් දැනෙයි
කට දිව පිනවා ඇඟ කිලිපොලවා
සැමදා එන්නට ආස හිතෙයි
සිත ආස හිතෙයි
සේතන් අයියගෙ හෝටලෙ මේ

කෑ දේ බිව් දේ විතරයි ඉතුරුව
ලෝබා වෙන්නේ ඇයිද අනේ
මේ ලෝබා වෙන්නේ ඇයි මේ
ඕ ඔ ඕඔ ඔඔ ඕ.....
කෑ දේ බිව් දේ විතරයි ඉතුරුව
ලෝබා වෙන්නේ ඇයි මේ

කාලා බීලා තිරිහන් වෙන්ටා
නෝනා මහතුනි එන්ඩ ....//

සුවඳින් රසයෙන් හරී ප්‍රසිද්ධයි
සේතන් අයියගෙ අයිස්කිරිම්

සේතන් අයියගෙ අයිස්කිරිම්
සේතන් අයියගෙ හෝටලෙ මේ
කෑම ද බීම ද ගුණයි රසයි
එක දවසක් කෑවොතින් දැනෙයි
කට දිව පිනවා ඇඟ කිලිපොලවා
සැමදා එන්නට ආස හිතෙයි
සිත ආස හිතෙයි
සේතන් අයියගෙ හෝටලෙ මේ

ජාතික ආලේ නෑ දැන් කාලේ
සයිවර් කන්ඩයි යන්නෙ අපේ අය
සයිවර් කන්ඩයි යන්නේ
ඕ ඔ ඕඔ ඔඔ ඕ.....
ජාතික ආලේ නෑ දැන් කාලේ
සයිවර් කන්ඩයි යන්නේ

බඩගිණි නැත්තෝ දුකින් සිටින්නෝ
රහසින් මා වෙත එන්නේ .....//

අල හොදි දෙහි සුදි තහනම් දේ නෑ
සීල් තමයි මම දෙන්නේ

සීල් තමයි මම දෙන්නේ

සේතන් අයියගෙ අයිස්කිරිම්
සේතන් අයියගෙ හෝටලෙ මේ
කෑම ද බීම ද ගුණයි රසයි
එක දවසක් කෑවොතින් දැනෙයි
කට දිව පිනවා ඇඟ කිලිපොලවා
සැමදා එන්නට ආස හිතෙයි
සිත ආස හිතෙයි
සේතන් අයියගෙ හෝටලෙ මේ ...//



ගායනය - ලතා වල්පොල සමග ඩොමී ජයවර්ධන
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1956 දී තිරගතවූ "දුප්පතාගෙ දුක" චිත්‍රපටියේ ගීයකි.

1955 දී තිරගතවූ "Kundan" චිත්‍රපටියට, සුධා මල්හෝත්‍රා සහ ශිව් දයාල් භාතිෂ් ගැයූ, "Aao Hamare Hotel Mein" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




අප්පච්චි අර...
හරි හරි අරන් දෙන්නම්කො. අලුත් මාලු ටිකක් ගන්න ඕන. මාලු අරගෙන වළලු ගමු.

ආ... ආආආආ ආ.....
ආ ආ ආආආආ ආ.....

ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාලූ
ලාබයි ගන්නකො යාළූ ....//

සිලිං තුනයි වැල උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ
සත දහයක් අඩු කරලා දෙන්නම් ගන්නවාද මැගි අක්කේ .....//

ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාලූ
ලාබයි ගන්නකො යාළූ

ආ ආ ආ ආ......ආ ආ.ආ.ආ

බලපොතු මාලුව ඇඟ ලේ වඩවයි මම නැ කියන්නෙ බේගල්
කේවල් කර කර ඉන්නේ ඇයි තවෙ ඔතාල දෙන්නද මේබල් ...//

ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාලූ
ලාබයි ගන්නකො යාළූ

හෙට්ටු කරලමයි වලව්වෙ හාමුගෙ නෝනා නිතරම ගන්නේ
තුට්ටුවෙ වාසියවත් මට ලැබෙන්නෙ
ඔහෙලා වගෙ අයගෙන් නේ ...//

ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාලූ
ලාබයි ගන්නකො යාළූ ...//

ආ... ආආආආ ආ.....
ආ ආ ආආආආ ආ.....

ආ... ආආආආ ආ.....
ආ ආ ආආආආ ආ.....

ආ... ආආආආ ආ.....
ආ ආ ආආආආ ආ.....


ගායනය - ඇන්ටන් රොද්‍රිගෝ
මේ ගීයට යොදා ගත් තනුව 1861 වසරේ තිරගතවූ "Pyase Panchi" චිත්‍රපටියේ එන, Pyaase Pachhi Neel Gagan Mein ගීයෙන් උපුටා ගෙන ඇත.




මාලු මාලු ගන්නකො යාළූ
තෝරා මෝරා ගින්නටි මාලූ
ඉස්සො කුම්බලාවො හාල්මැස්සො අංජිලාවෝ
මාලු මාලු මෝදර මාලූ ...//

බැරි නැහැ මට විකුණගන්න
ඕන එකෙක් තෝරගන්න ...//

කිරි මවුලට කිරි එරෙන්න
මෝර පැටව් උයල කන්න ...//

ගණන් වැඩි නෑ අයියෝ
සිලිං තුනයි ගින්නටියෝ ...//

පණම් අටට මහත්තයෝ
මට නම් දෙන්නට බැරියෝ ...//

මාලු මාලු ගන්නකො යාළූ
තෝරා මෝරා ගින්නටි මාලූ
ඉස්සො කුම්බලාවො හාල්මැස්සො අංජිලාවෝ
මාලු මාලු මෝදර මාලූ

හාල්මැස්සො ලොකු ඉස්සෝ
සම්බෝලෙට පොකිරිස්සෝ ..//

වැහිමැස්සො කටුමැස්සෝ
කාලා බකන් කූණිස්සෝ ..//

බොරුවක් නොව මම කියන්නෙ
මෝදර වැල්ලෙන් ගෙනෙන්නෙ ...//

ඔරුවක් මුහුදේ වැනෙන්නෙ
මාදැල් දිගටම අදින්නෙ ..//

මාලු මාලු ගන්නකො යාළූ
තෝරා මෝරා ගින්නටි මාලූ
ඉස්සො කුම්බලාවො හාල්මැස්සො අංජිලාවෝ
මාලු මාලු මෝදර මාලූ

සෙල්ලම් කරයි හැම වේලේ
බෝ අය මෝදර වැල්ලේ ..//

ලෙල්ලම් පොළේ උදෙ කාලේ
මාලු ගන්න අය වෙරළේ ..//

ළමයි නෝනවරු මහත්තුරු
මූදු වෙරළෙ සමහරු ..//

බෝයි අප්පු ආය මුකුළු
ලෙල්ලම් පොළේ හරි කුරු කුරු ..//

මාලු මාලු ගන්නකො යාළූ
තෝරා මෝරා ගින්නටි මාලූ
ඉස්සො කුම්බලාවො හාල්මැස්සො අංජිලාවෝ
මාලු මාලු මෝදර මාලූ ..//

ගායනය - සමන් ද සිල්වා


සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ
මාළු වෙළඳම මාළු වෙළඳාම
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ

මාළු කඩේ වටේ ගෑණු
පාළු නැතුව ඉඳිති පේනු
මාළු කඩේ වටේ ගෑණු
පාළු නැතුව ඉඳිති පේනු
සවස දෙකේ සිටලා රෑ
සවස දෙකේ සිටලා රෑ
නවය දහය පසුවෙන තුරු
නවය දහය පසුවෙන තුරු
ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන් පොකිරිස්සන් යස
ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන් පොකිරිස්සන් යස
හොඳ බලයන් ඇට නඟුලන් බෝ ලාබෙට බෝ විකිණේ
හොඳ බලයන් ඇට නඟුලන් බෝ ලාබෙට බෝ විකිණේ

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ
මාළු වෙළඳම මාළු වෙළඳාම
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ

මෙව්ව ගණ්ඩ තම්බිලා තම්බි
අප්පුල ආයල සිඥ්ඤෝර්ල
මෙව්ව ගණ්ඩ තම්බිලා තම්බි
අප්පුල ආයල සිඥ්ඤෝර්ල
බොහොවූ ජාති දෙමළ ඉංග්‍රීසි
බොහොවූ ජාති දෙමළ ඉංග්‍රීසි
තූප්පහින් ද අරාබි එති
තූප්පහින් ද අරාබි එති

නෙක නෙක දිග රන්පාටැති
නන් නන් මාලුත් විකිණෙති
නෙක නෙක දිග රන්පාටැති
නන් නන් මාලුත් විකිණෙති
රට ලබු වම්බටු කරපිංච ද සේර ද විකුණන්නෙය
රට ලබු වම්බටු කරපිංච ද සේර ද විකුණන්නෙය

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ
මාළු වෙළඳම මාළු වෙළඳාම ...
සාන්ත ජෝන්ගෙ
සාන්ත ජෝන්ගෙ
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ

ගායනය - නිශ්ශංක දිද්දෙණිය
පද - ජෝශප් ඇන්ඩෲ
නා‍ට්‍ය‍ය‍ - බැලසන්ත





පෙට්ටගමේ අඩියෙ තිබී මේ ගීය හමුවුණා. ගීයකට වඩා මේක කතාවක්. මාතෘකාවට අදාල නිසා එකතු කරනවා.

ජම්බූ ජම්බූ...
ඒ..යි
ආං....

ජියෝ ජියෝ ජියාගෝ
ජියො ජියො ජියාගෝ
ජියාගෝ කොයි මගේ මැණිකෝ

ආ... මේ ගිරයිය නොවැ
මොකද මැණිකෝ උඹ වෙළෙන්දියෙක් වෙලාද?

හ්..ම්

ජම්බූ ජම්බු ජම්බූ
මේ පිණිජම්බූ
විකුණන්නට යනවා පිණිජම්බූ
ජම්බූ...

වට්ටි පෙට්ටි හට්ටී
මේ හිතට අරන් වට්ටී
මොකද සුකිරි බට්ටී
උඹ දුක් විඳින්නෙ මෙහැටී

ඔය ගිය තැන ගරු නම්බූ
අපහට වුණි අවනම්බූ
කවුද දෙන්නෙ කර හම්බූ
විකුණනවා පිණිජම්බූ

තට්ට තනියමා මග බැස වෙළඳාමටා
කට්ට අව්වෙ ළමිස්සියේ ලැජ්ජ නැති නිසා

කෙහෙල්මල් ඔබෙ කතාව විකාරයි මටා
වෙළහෙලඳම් නරක මොකද ළමිස්සියන්ටා

අහපන් නොවී මුරණ්ඩූ
මා එක්ක නොකර සණ්ඩූ
වෙළඳාමට ජම්බූ
ගියොත් නැතේ නම්බූ

මොනව කිව්වත් රට්ටූ
මගෙ වෙළඳම් පාරට්ටූ
විකුණුවාට ජම්බූ
නැත නම්බුවට සවුත්තූ

ම්ම්...
උඹලට ඕන දෙයක්

අහන තැනට කියනු විනා
නහන තැනට නොකිය ගොනා

එහෙනම් ඔය ඕනතරම් සාප්පු වල ළමිස්සියො වෙළඳාමට හිටල තියෙන්නෙ
යෝදියෙ ඒ නෝනල වැදගත් කමට කරන රස්සාවල්

අපූරුයි අනුන්ට වාල් වෙලා වෙළඳාම කුලියට කරන එක වැදගත්
අපේ ගහේ ඵලගත්තු ජම්බු ටික ...
නිදහස් ලෙස මං විකිණීම අවැදගත්
හයියෝ අයියෝ
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාළේ
දුප්පත් අපි මොනව කෙරුවත් අවැදගත් තමයි
ඒකෙන් කමක් නෑ දැන් මොකද ගිරයිය කරන්නෙ

අපොයි ඒ හිටපු රස්සාවෙන් උඹ අස්වෙල සුමානයයි ගියෙ මං අස්වෙල එන්ඩ ආවා.
මෙහෙ වර තෝ අඩෝ යකෝ කියල මේ මට කතා කෙරුවට
කරදර හිරිහැර මොකටද වීසි කරල ගෙදර ආව.
බැල මෙහෙවර මොකට අනුන්ගේ බත් පිඬකට කරනව
ගෙදර ඇවිත් ගොවිතැන් කර නිදහස් ලෙස දිවි රකිනව

ඉකේයි ඔයාට ලැජ්ජ නැද්ද
අමුඩ කොටයක් ගහගෙන
මඩ වගුරක නිති බැහැගෙන
වේලි වේලි කුඹුරු කොටන
ගොවියගෙ හඩු ගඳත් ගහන

එහෙම කියන්න එපා මැණිකො
ලක් දිව ගොවිරාළ මඩ සෝදා පිරිසිදු වූ කළ
සිංහාසනාරූඩ වීමට වුණත් සුදුස්සෙක්

එහෙමද?
එහෙනම් ගිරයියෙ වෙළඳාම පටන් ගත්තු මම
පින් හේතුවකින් දියුණු වුණොත්
ඔය සිංහාසනාරූඩ රජ කෙනෙකුගෙ බිසවියක් වුනත් වෙන්ට බැරියැයි

මගේ මැණිකා මෙපමණ උගත් බව දැනගත්තේ අදයි

ඇත්ත තමයි මැණිකො කීව
ගොවිතැන සහ වෙළඳාම ද
දෙදෙනා එක තැන ඉඳගෙන
මම ගොවිකම්
උඹ වෙළඳම්

ජියෝ ජියෝ ජියාගෝ
ජියො ජියො ජියාගෝ
වෙළඳාමත් ගොවීතැනත් හරි ගියෝ

ජම්බූ ජම්බු ජම්බූ
මේ පිණිජම්බූ
අපි දෙදෙනා විකුණනවා ජමිබූ

ජම්බූ............

ගායනය - ලුවිස් රොද්‍රිගෝ සමග හෙලන්




ජම්බු ජම්බූ දොඩම්
පේර ඕනෑතරම් ...//

මෙන්න ගන්න දැන් ගෙනාව මං ගහෙන් කඩන්
ආ.. මෙන්න ගන්න දැන් ගෙනාව මං ගහෙන් කඩන්

ජම්බු ජම්බූ දොඩම්
පේර ඕනෑතරම් ...//

මේ තියෙන්නෙ පිණිජම්බූ
මේව වෙරළු මම තැම්බූ

මේ තියෙන්නෙ පිණිජම්බූ
මේව වෙරළු මම තැම්බූ

ගජ ලාබයි අන්නාසී
අරන් දෙන්න මට කාසී

මෙන්න ගන්න දැන් ගෙනාව මං ගහෙන් කඩන්
ආ.. මෙන්න ගන්න දැන් ගෙනාව මං ගහෙන් කඩන්

ජම්බු ජම්බූ දොඩම්
පේර ඕනෑතරම් ...//

මේ තියෙනන්නෙ කෝලිකුට්ටු
ඇවරියක්ම පහයි තුට්ටු ...//

මෙන්න ගන්න දැන් ගෙනාව මං ගහෙන් කඩන්
ආ.. මෙන්න ගන්න දැන් ගෙනාව මං ගහෙන් කඩන් //

ජම්බු ජම්බූ දොඩම්
පේර ඕනෑතරම් ...//

ගායනය - ?
පද - ඩී.ජේ.ඩබ්. ගුණතිලක
සංඝබෝධි නාඩගමේ ගීයක්




කඩල කඩල
කඩල කඩල
සීනි කඩල
බෝල කඩල

මෙන්න ගෙනාවා
ඔන්න ගෙනාවා ...//

කඩල කඩල
කඩල කඩල
සීනි කඩල
බෝල කඩල

මෙන්න ගෙනාවා
ඔන්න ගෙනාවා ...//

ගින්දර මැද පිපිරි පිපිරි
කබල බණින්නේ කාටද ..//

කබලෙ ඉන්න පුංචි කඩල
ඇතුළෙ කරන්නේ මොනවද ..//

කඩල කඩල
කඩල කඩල
සීනි කඩල
බෝල කඩල

මෙන්න ගෙනාවා
ඔන්න ගෙනාවා ...//

සීනි කඩල උඩ පැන පැන සින්දු කියනවා
බෝල කඩල උඩ පැන පැන සින්දු කියනවා ...//

නාකි කබල ලිප් ගල උඩ බකංනිලනවා හා.. හා...

කඩල කඩල
කඩල කඩල
සීනි කඩල
බෝල කඩල

මෙන්න ගෙනාවා
ඔන්න ගෙනාවා ...//

කඩල කඩල
කඩල කඩල
සීනි කඩල
බෝල කඩල

මෙන්න ගෙනාවා
ඔන්න ගෙනාවා ...//

ගායනය - චිත්‍රා කුමාරි කළුබෝවිල

No comments: