Sunday, July 14, 2019

වෙළඳාම හා බැඳුණු ගී දෙවන අඩුක්කුව

ආ හාමිනේ ....
ගියා මැගියො ජෝන් අයියගෙ මාලු කඩේට. පොළේ හීන් මාලු වතරයි තියෙන්නෙ. ඇඹුල් තියලයක් දාගන්න කෙළවල්ලො ටිකක් ගන්න ගියෙ.
ඉතින් කොහොමද මැගි අක්කෙ?
 වරදක් නෑ හාමිනේ.


පොල් පොල් පො පොල් පොල්
පොල් පොල් පොල්
ලංකාවෙ වතු වල වැවෙන පොල්
පොල් පොල් පො පොල් පොල්
පොල් පොල් පොල්
පිට රට පටවන පොල්

පොල් පොල් පො පොල් පොල්
පොල් පොල් පොල්
ලංකාවෙ වතු වල වැවෙන පොල්
පොල් පොල් පො පොල් පොල් පොල්
පොල් පොල් පොල්
පිට රට පටවන පොල්

පොල් විකුණන මැගි අක්කේ
බෝම කලකින් නොව ඔබ දැක්කේ ...//
කුරැම්බා ගෙඩියක්
කපාලා දෙනවද
හරියට පිපාසෙ ඇත්තේ

පොල් පොල් පො පොල් පොල්
පොල් පොල් පොල්
ලංකාවෙ වතු වල වැවෙන පොල්
පොල් පොල් පො පොල් පොල්
පොල් පොල් පොල්
පිට රට පටවන පොල්

ඔබෙන් කුරුම්බා ගෙඩියක් බිව්වම
ඒකෙ ලොඳේ සූරගෙන කෑවම ...//
බඩ කට පිරෙනව
මහන්සි නිවෙනව
දන්නවාද මැගි අක්කේ

පොල් පොල් පො පොල් පොල්
පොල් පොල් පොල්
ලංකාවෙ වතු වල වැවෙන පොල්
පොල් පොල් පො පොල් පොල්
පොල් පොල් පොල්
පිට රට පටවන පොල්

මැගි අක්කා විකුණන්නේ පොල් තමයි
ඈ තැඹිලි ගෙඩිය වගෙ ලස්සණයි ...//
ඇගෙ ස්වාමි පුරුෂයා
පොඩි සිංඤයියා
ගිය ගිය තැන ඇගෙ පස්සෙමයි

පොල් පොල් පො පොල් පොල්
පොල් පොල් පොල්
ලංකාවෙ වතු වල වැවෙන පොල්
පොල් පොල් පො පොල් පොල්
පොල් පොල් පොල්
පිට රට පටවන පොල්

පොල් පොල් පො පොල් පොල්
පොල් පොල් පොල්
ලංකාවෙ වතු වල වැවෙන පොල්
පොල් පොල් පො පොල් පොල් පොල්
පොල් පොල් පොල්
පිට රට පටවන පොල්

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු




පොළ හා ඈඳුණු ජීවන වෘත්තීන් රැසකුත් තිබුණා. මේ ඉන් කිහිපයක්...


සිලිං බිලිං
සිලිං බිලිං කූරු වළලු පාට හතේ මාල පබලු
වෛවාරණ අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාලිගාව පොළට ඇවිල්ලා

කතා කරන බෝනික්කෝ පියාසලන සූටික්කෝ
කාසි වලට මාරු වෙලා අතින් අතට යනවා
මල් ගවුමේ අග හිඟ තැන් දෙහි කටුවෙන් හංගා ගෙන
පුංචි ඇහින් කඳුළැල්ලෙන් බැලුම් හෙළනවා

සිලිං බිලිං
සිලිං බිලිං කූරු වළලූ පාට හතේ මාල පබලූ
වෛවාරණ අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා

මද්දහනේ හිරු දෙවියෝ කැඩපතකින් ඔරවනවා
බලා උන්න පුංචි ඇහේ කඳුළැල් නැගුණා
අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතී
බෝනික්කෝ කඳුළැල්ලෙන් බොඳවී මැකුණා

සිලිං බිලිං
සිලිං බිලිං කූරු වළලූ පාට හතේ මාල පබලූ
වෛවාරණ අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා

ගේය පද - හේමසිරි ගුණතිලක
සංගීතය - කලණි පෙරේරා
ගායනය - නීලා වික්‍රමසිංහ





නංගිලා මල්ලිලා
ඉන්නවාදෝ බලා
මං එතී දැන් එතී දැන් කියා
පුංචි බෝනික්කලා
පාට පාට නිලා
මං ගෙනාවා කරත්තේ පුරා

සෙල්ලම් බඩු ඕනනම්
එන්න අනේ මා සොයං ....//
ලාභයි හරී ලාභමයි
සෙල්ලම් බඩු මේ ගොඩයි

පීනනා මාළුවෝ මෝට(ර්) සයිකල් බොහෝ
හේවිසි කාරයෝ පෝනියෝ
ගී කියන්න හැකි
බෝ නටන්න හැකි
පුංචි පුංචි නැටුම්කාරයෝ

නංගිලා මල්ලිලා
ඉන්නවාදෝ බලා
මං එතී දැන් එතී දැන් කියා
පුංචි බෝනික්කලා
පාට පාට නිලා
මං ගෙනාවා කරත්තේ පුරා

තුට්ටු දෙකයි මේ අලි
වලිගේ වනයි වේගෙනී ....//
පීලි දිගේ යයි වැරෙන්
කෝච්චි පොඩි මේ ජපන්
එන්න සල්ලිත් අරන්
අම්මලාට හොරෙන්
ලස්සණයි මේ වළං හා පිඟන්
නංගිලා නම් වසයි
මල්ලිලා නම් හොඳයි
ගන්න සෙල්ලම් බඩු මේ ගොඩයි

ගායනය - සිඩ්නි ආටිගල
පද රචනය - උපාලි අත්තනායක





බෙල්ලෝ ..... මුතු බෙල්ලෝ .....
මෙන්න මං ගෙනාවා
එන්න ගන්න මේවා

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා ...//
බෙල්ලෝ මුතු බෙල්ලෝ

සිලිමට දෙන්නෙ දෙකයි
උණු කැවුම් වගේ විකිණෙයි
පරමාද වුණොත් ඉවරයි
වෙන ගන්න කෙනෙක් නැතිවෙයි ....//

ගන්න ගන්න මේවා
මෙන්න මං ගෙනාවා ...//

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා
බෙල්ලෝ මුතු බෙල්ලෝ

අද වාසනාව ඇත්තේ
මුතු බෙල්ලො කැඩූ පොත්තේ
දෑවැද්ද දෙන්න දූගේ
හරි ජයට ගන්න දීගේ ...//

තෝරගන්න මේවා
මෙන්න මං ගෙනාවා ...//

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා
බෙල්ලෝ මුතු බෙල්ලෝ

අසරණ දුප්පත් කාටත්
වෙන්නට බැරි ඇයි පෝසත්
එැමදාම නෑ ලැබෙන්නේ
හරි කලාතුරින් එන්නේ ...//

හොඳ මාලයක් එදන්න
මේ මුතු අරන් බලන්න ....//

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා ...//
බෙල්ලෝ මුතු බෙල්ලෝ

ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල්
පද - බැසිල් එම්. සිල්වා
සංගීතය - වර්නන් පෙරේරා






ආං....
සත්දහයයි කොළේ
තව ටිකයි තියෙන්නෙ
අබුද්දස්ස කාලෙ ලබුත් තිත්තයි කිව්වලු
පුදුම හතෙන් එකක් මහත්තුරුනි
මාතර පදිංචි, බිත්තර මුදලාලිගෙ දුව...
කුකුල් බිත්තරයක් කාලා පිරිමියෙක් වෙලා.
ආ.. මෙන්න ලත්තරේ බලන්න විස්තරේ.
හැබැයි මහත්තුරුනි කන්නෙපා කුකුල් බිත්තර විතරක්

සකල සිරින් පිරි සිරි ලංකාවේ දකුණු පළාතේ අති සොබනා
පතල නමක් ඇති දෙනගම නම් ගමෙ එතනා යැයි අඟනක් උන්නා.
සිහළ සි්රිත.් ලෙස මගුලක් කාලා ඈ කරකාරය බැඳ දුන්නා
අහල තිබුණ තානායමකට මධුසමය ගෙවන්නට ගියෙ දෙන්නා

රෑ බත කාලා මනාල ගොයියා මනමාලිය කාමරේ තියා
හාමිනෙ ඉන්නකො මම පොඩි වැඩකට ගිහිල්ල එන්නම් හනික කියා
යනකොට ගෑණිට අනේ ඔයා ඉක්මණට එන්න මට බයයි කියා
කෝමල තාලෙට එතනා කිව්වා රිදී සීනුවක් හඬණ නියා

මනාල ගොයියා ගියාට නොගියට හනි හනිකට ආපසු ආවා
සුන්දරි මගෙ දොර අරින්නකෝ කිය කියා ඔහූ දොරටම ගැසුවා
අරිණ්ඩ ඉන්ඩකො කියනා ගොරහැඩි හඬක් කාමරෙන් පිට ආවා
තව මිනිහෙක් කාරමරේ සිටී යයි මිනිහා හොඳටම සැක කෙරුවා

දොරත් කඩාගෙන පොල්ලක් අරගෙන මනමාලය ඇතුළට පැන්නා
කවුද බොලේ තව මිනිහෙක් ඉන්නේ කියලා ඇඳ යට විමසන්නා
නෑ නෑ ඒ මම ඔයාගෙ වස්තුව කියමින් එතනා මොර දුන්නා
ඒ මනමාලිය පිරිමියෙක් වෙලා මනාල ගොයියට තරු පෙනුණා.

ආං...මේක සින්දුවෙන් කියන්න පුළු1වන්
නිකං චූන් එකෙන් කියන්න පුළුවන්

හිටපු ගමන් රටේ ගෑණු පිරිමින් වෙනවා
කුකුළෝ බිත්තර දානව කළු සුදු වෙනවා
ධර්මය ගැන දෙවියන් ගැන නෑ විස්වාසේ
දෙයියො කෝප වෙලයි වෙන්නෙ මෙහෙම විනාසේ

ලලයි ලිලයි ලයි සිසිලයි සිසිලයි
හේයි ලලයි ලිලයි ලයි සිසිලයි සිසිලයි

ආ ගන්න තව ටිකයි තියෙන්නෙ
ඉවර වේගෙන යන්නෙ කොළේ ගන්න මහත්තුරුණි
මේව හොඳ පලාඩම් ඉගෙනගන්න
ඕන කෙනෙකෙුට ඉගෙනගන්නපුළුවන් පාඩමක් තමයි මේ කවි කොළේ තියෙන්නෙ
ගන්න මහත්තුරුණි තව ටිකයි තියෙන්නෙ

ගායනය - ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
සංගීත නිර්මාණය - ආර් මුත්තුසාමි
965 දී තිරගතවූ චණ්ඩියා චිත්‍රපටියේ ගීයකි.

   



දීකිරි
දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි.....//

පැටියා මෝරපු දෙණ ගෙන් ගත් කිරි
හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
නැවුම් මුට්ටියේ වත්කළ මේ කිරි
පණමෙට ලාබයි මං දෙන මේ කිරි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

කිරි විකුණාලා කාසි හොයන්නයි
අනාගතේ මාලිගා තනන්නයි
කුමාරයෙක් ගෙදරට කැන්දන්නයි

මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

හිස මගෙ දෙදරයි දෙපා රුදා දෙයි
රෑ වෙන්නට පෙර ගෙදරට යන්නයි
පණමේ කිරි ගෙන පිහිටක් වෙන්නයි

මගෙ මංගල්ලෙට ඔහෙලත් එන්නයි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

පැටියා මෝරපු දෙණ ගෙන් ගත් කිරි
හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
නැවුම් මුට්ටියේ වත්කළ මේ කිරි
පණමෙට ලාබයි මං දෙන මේ කිරි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

ගායනය - අනුලා බුලත්සිංහල
සංගීතය - ඔස්ටින් මුණසිංහ
ගී පද - ලූෂන් බුලත්සිංහල
රතු හැට්ටකාරී වේදිකා නාට්‍ය යේ ගීයකි.

   



මං ... පුංචි වෙළෙන්දා
ස්විප් විකුණාලයි ජීවත් වෙන්නේ
ස්විප් විකුණාලයි ජීවත් වෙන්නේ ...//

මාමේ නැන්දේ
අයියේ අක්කේ
එන්න සූරාලා බලන්න
සූරාලා බලන්න

මං ... පුංචි වෙළෙන්දා
ස්විප් විකුණාලයි ජීවත් වෙන්නේ
ස්විප් විකුණාලයි ජීවත් වෙන්නේ

අපේ රටේ සංවර්ධනෙ
අපේ රටේ සංවර්ධනෙ
පුංචි අපේ වර්ධනේ
පුංචි අපේ වර්ධනේ
සුළු මුදලක් හොයා ගන්න
පාසල් ගොස් ඉගනගන්න

මං ... පුංචි වෙළෙන්දා
ස්විප් විකුණාලයි ජීවත් වෙන්නේ
ස්විප් විකුණාලයි ජීවත් වෙන්නේ

දන්නවාද මුදලාලිව
දන්නවාද මුදලාලිව
ඉහළ ගමේ පෝසතා
ඉහළ ගමේ පෝසතා
ලොතරැයියක් ඇදිල තමයි ඔය හැටි පෝසතෙක් වුණේ

මං ... පුංචි වෙළෙන්දා
ස්විප් විකුණාලයි ජීවත් වෙන්නේ
ස්විප් විකුණාලයි ජීවත් වෙන්නේ

මාමේ නැන්දේ
අයියේ අක්කේ
එන්න සූරාලා බලන්න
සූරාලා බලන්න

ලක්ෂෙ දිණුම ඔබේ අතේ
ලක්ෂෙ දිණුම ඔබේ අතේ
එහෙම නැතත් රටට සෙතේ
එහෙම නැතත් රටට සෙතේ
ක්ෂණීක දිණුම් ලබා ලොකු පොඩි අන කොයි කවුරුත්

මං ... පුංචි වෙළෙන්දා
ස්විප් විකුණාලයි ජීවත් වෙන්නේ
ස්විප් විකුණාලයි ජීවත් වෙන්නේ

අත දෙන්නකො පුංචි මෙමට
අත දෙන්නකො පුංචි මෙමට
මේ ගොඩ විකුණා ගන්නට
මේ ගොඩ විකුණා ගන්නට
ශිල්ප සතර හදාරාලා
හොද පුරවැසියෙක් වන්නට

මං ... පුංචි වෙළෙන්දා
ස්විප් විකුණාලයි ජීවත් වෙන්නේ
ස්විප් විකුණාලයි ජීවත් වෙන්නේ

මාමේ නැන්දේ
අයියේ අක්කේ
එන්න සූරාලා බලන්න
සූරාලා බලන්න /////.

ගායනය - රුවන් ශ්‍රීලාල් දල්පදාදු
පද- පැට්‍රික් දල්පදාදු
තනුව - නිරංජන් ජයන්ත හෙට්ටිආරච්චි

   



පරණ කෝට්
පරණ කෝට්
පිත්තල බොත්තම් කැඩිච්ච මුළෑදෑනි බුරුත කෝට්
මෙන්න ගෙනාවා
මෙන්න ගෙනාවා
මෙන්න ගෙනාවා
මෙන්න ගෙනාවා
පරණ කෝට්
පරණ කෝට්

දොස්තරවරු මන්තිරිවරු පෙට්ටගමක් විතර මහත //
අබ්බගාත් ජැන්ටල්මන් ඉහෙන් ගොඩින් රොකට් එකෙන්
ඒරොප්පෙන් අරන් ආව
අණ්ඩ දමා කට්ටකුමච්චල් අල්ලා රස්සා කළ
කළු කලිසම් පරණ කෝට් මෙන්න ගෙනාවා //

පරණ කෝට්
පරණ කෝට්

නාකිවෙච්ච රූ රැජිණක් බ්‍රහ්මධත්ත රජ කාලේ
සැන් පවුඩර් සුවඳ කැවූ සාරිඩ සාය හැට්ට ගවුම්
කිතුල් රෑන් වගේ හවරි මෙන්න ගෙනාවා //

පරණ කෝට්
පරණ කෝට්

එංගලන්තෙ පරණ පැටන්
කොළොම්පරේ අලුත් පැටන්
කොළොම්පරේ පරණ පැටන්
මේ පැත්තේ අලුත් පැටන්

පරණ කෝට්
පරණ කෝට්

ඇමති කමට තට්ටු වෙලා
දැන් හොඳටම කෙට්ටු වෙලා
ඇමති කාලෙ ඇන්ද ඇඳුම් මෙන්න ගෙනාවා

රජකීය උණුසුම් ඇති ඇඳුම් ගෙනාවා //

පරණ කෝට්
පරණ කෝට්
පිත්තල බොත්තම් කැඩිච්ච මුළෑදෑනි බුරුත කෝට්
මෙන්න ගෙනාවා
මෙන්න ගෙනාවා
මෙන්න ගෙනාවා
මෙන්න ගෙනාවා
පරණ කෝට්
පරණ කෝට්

ගායනය - ෆ්‍රෙඩී සිල්වා
පද- මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ප්‍රේමසිරි කේමදාස
1972 දී තිරගතවූ ලොකුම හිනාව චිත්‍රපටියේ ගීයකි.

   




නටා ගීත ගයා කාසි සොයා මාගෙ ජීවිතේ
මගේ ප්‍රීති ජීවිතේ
දිස්නෙ වැටේ ලස්සණ වේ රූපෙ මා ගතේ
ඕ දිලේ රූපෙ මා ගතේ ...//

හෝ.... ඕ ඔඕ...

සල්ලි ඇත්තෙ ඔබ ළඟයි
නැටුම් දන්නෙ අපි තමයි ...//
රිදී කාසි දුන්නොතින් නැටුම් නටමි මැරෙණකන්
ඔ නැටුම් නටමි මැරෙණකන්

නටා ගීත ගයා කාසි සොයා අපේ ජීවිතේ
මගේ ප්‍රීති ජීවිතේ
දිස්නෙ වැටේ ලස්සණ වේ රූපෙ මා ගතේ
ඕ දිලේ රූපෙ මා ගතේ

හෝ.... ඕ ඔඕ...

බුම්ම ඉන්නෙ ඇයි තවත්
මෙන්න ඔබට හාදුවක් ...//
කාසි දුන්නොතින් ගොඩක්
ඔබෙයි මේව ඔක්කොමත්
හො ඔබෙයි මේව ඔක්කොමත්

නටා ගීත ගයා කාසි සොයා මාගෙ ජීවිතේ
මගේ ප්‍රීති ජීවිතේ
දිස්නෙ වැටේ ලස්සණ වේ රූපෙ මා ගතේ
ඕ දිලේ රූපෙ මා ගතේ

හෝ.... ඕ ඔඕ...

මොකෝ ඉන්නෙ ළතවෙලා
එන්න එන්න ළංවෙලා ..//
රසේ රඟේ තේරුණොත්
ගෙදර යන්නෙ නෑ
රෑත් ගෙදර යන්නෙ නෑ රෑ

නටා ගීත ගයා කාසි සොයා මාගෙ ජීවිතේ
මගේ ප්‍රීති ජීවිතේ
දිස්නෙ වැටේ ලස්සණ වේ රූපෙ මා ගතේ
ඕ දිලේ රූපෙ මා ගතේ

ගායනය - ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල

පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1957 දී තිරගතවූ සරදම් චිත්‍රපටියේ ගීයකි.



තේ පැන් දින දින වැඩි වැඩියේ
බීමෙන් සිරුරට සැප වැඩිවේ ....//

උණුවී පැසෙනා ජලයෙහි ලා
පිරිසිදු තේ කොළ වත්කරලා ...//

තේ පැන් දින දින වැඩි වැඩියේ
බීමෙන් සිරුරට සැප වැඩිවේ

සීනි ද කිරි මුසු කොට නිසිසේ
සාදාගෙන පදමට රස සේ
වැඩි ඉසැපයට තේ වැඩි වැඩියෙන් බොමු
සැම සිරි පතන දනෝ ....//

තේ පැන් දින දින වැඩි වැඩියේ
බීමෙන් සිරුරට සැප වැඩිවේ

සුවඳැති මධු රස මන පිනනා
දෙව් බොජුනකි කුස ගිණි නිවනා ...//

තේ පැන් දින දින වැඩි වැඩියේ
බීමෙන් සිරුරට සැප වැඩිවේ

කායික ශක්තිය තර කරනා
ගතෙහි විඩා දුරලන ලෙසිනා
වැඩි ඉසැපයට තේ වැඩි වැඩියෙන් බොමු
දන මන පිනවන මේ...//

තේ පැන් දින දින වැඩි වැඩියේ
බීමෙන් සිරුරට සැප වැඩිවේ

ගායනය - රුක්මණී දේවි
එම්.කේ. වින්සන්ට් සහ වී.පී. ලීලාවතී විසින් ගායනා කරන ලද, එච්.ඩබ්. රූපසිංහ මාස්ටර් විසින් සංගීතවත් කළ, "ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ" නම් ගීයේ තනුවට නිර්මානය වූ ගීයකි.






සිරි සාර බුලත් විට කාලා බලන්

සිරි සාර බුලත් විට කාලා බලන්
හොඳ නංගී වරෙන්
පොඩි මල්ලී වරෙන්

කට සුවඳ කරයි
දත් පණුවෝ නොකයි
සිරි සාර බුලත් විට කාලා බලන්

පන්සල පල්ලියෙ කෝවිල හන්දියෙ බස් නැවතුම් පොළෙ පෝලිමෙ හැමතැන

පන්සල පල්ලියෙ කෝවිල හන්දියෙ බස් නැවතුම් පොළෙ පෝලිමෙ හැමතැන
කාගෙත් හොඳහිත සමග බෙදිගෙන කාලා බලන්

කරඳමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි

කරඳමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
ඉඟුරුපියලි කොත්තමල්ලි චුන්නපූග නාගවල්ලි //

මේවා නිසි පදමට ගෙන කටට රහට
සිරි සාර බුලත් විට කාලා බලන්

සිරි සාර බුලත් විට කාලා බලන්

සිරි සාර බුලත් විට කාලා බලන්
හොඳ නංගී වරෙන්
පොඩි මල්ලී වරෙන්

කට සුවඳ කරයි
දත් පණුවෝ නොකයි
සිරි සාර බුලත් විට කාලා බලන්

ඇති නෑදෑකම් නැතිකර ගන්නට
නැති නෑදෑකම් ඇතිකර ගන්නට ...//
සැපතට විපතට ගමනට බිමනට කාලා බලන්

කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි

කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
ඉඟුරුපියලි කොත්තමල්ලි චුන්නපූග නාගවල්ලි //

මේවා නිසි පදමට ගෙන කටට රහට
සිරි සාර බුලත් විට කාලා බලන්


ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
1965 දී තිරගතවූ "සාරවිට" සිනමා කෘතියට නිර්මානයවූ ගීයකි.




නටපන් නයිහාමී
උඹ
නටපන් නයිහාමී
පුප්පා පෙනේ හැඩ
පෙන්නා උඹේ වැඩ
නටපන් නයිහාමී

නටපන් නයිහාමී
උඹ
නටපන් නයිහාමී

පෙට්ටි පියන ටිකක් අරිනවා

උඹ ටික ටික එයින් ඇදෙනවා

නළාවෙ තාලයට නටනවා
පෙනේ කරන් එයට පිඹිනවා

දෂ්ඨ කළත් බයක් ඇත්තෙ නෑ
පොඩි බේතක් මේන් තියෙනවා

නටපන් නයිහාමී
උඹ
නටපන් නයිහාමී

උඹ උන්නේ හුඹහක් ඇතුළෙයි
මම ගත්තේ හුඟක් වෙහෙසිලයි

මෙල්ල කළෙත් දහ දුක් විඳලයි

දත් හැළුණත් නයා නයාමයි

යන්න ගියත් යන්න දෙන්න බෑ
දරු පවුලක් උඹෙන් රැකෙනවා

නටපන් නයිහාමී
උඹ
නටපන් නයිහාමී
පුප්පා පෙනේ හැඩ
පෙන්නා උඹේ වැඩ
නටපන් නයිහාමී

නටපන් නයිහාමී
උඹ
නටපන් නයිහාමී ...//

ගායනය - සිසිර සේනාරත්
පද - සිරිල් ඒ. සීලවිමල
තනුව - සිසිර සිසේනාරත්න


වෙළඳාම හා බැඳුණු ගී පළමු අඩුක්කුව


හමුවෙමු මඳ විරාමයකින් .......

No comments: