Showing posts with label උදම් සතරසිංහ. Show all posts
Showing posts with label උදම් සතරසිංහ. Show all posts

Wednesday, May 27, 2015

ඔබ තාම මා ළඟයි

ඔබ තාම මා ළඟයි

කඳුළින් සිතුවම් අඳින්න
සිත පුරාම සැරිසරන්න
වෙහෙසට සුසුමක් හෙළන්න
සිහිනෙන් හාදුවක් දෙන්න

සිතක් එක්ක පොර බදන්න
මට මං ගැන ඉගෙන ගන්න
මටම මගෙන් දොස් අහන්න
කඳුළු එක්ක ඉකිගසන්න

කඳුළින් සිතුවම් අඳින්න
සිත පුරාම සැරිසරන්න
වෙහෙසට සුසුමක් හෙළන්න
සිහිනෙන් හාදුවක් දෙන්න

වරදට සරදම් කරන්න
ළතැවෙන සිත සනසවන්න
මගෙ තනිකම මට දැනෙන්න
සිතුවිලි කවියක ලියන්න

කඳුළින් සිතුවම් අඳින්න
සිත පුරාම සැරිසරන්න
වෙහෙසට සුසුමක් හෙළන්න
සිහිනෙන් හාදුවක් දෙන්න

ඔබ තාම මා ළඟයි ////

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - උදම් සතරසිංහ
තනුව - ඉන්ද්‍රජිත් මිරිහාන