Showing posts with label වැලමිටියාවේ ධම්මරක්ඛිත හිමි. Show all posts
Showing posts with label වැලමිටියාවේ ධම්මරක්ඛිත හිමි. Show all posts

Tuesday, May 5, 2015

සිත් නෙත් මහත් තදින

සිත් නෙත් මහත් තදින
ගත් ගත් ගමන් බඳින
සත්වගට දුක් දෙවන තුංගා
සසර බිය නැති කරන
අදිටනින් හද පිරුණ
කුමරු තම අසුගෙ පිට නැංගා ....//

කන්ථකට සන්කරන චන්න අතවැසි සමග
තිදෙන පත්වුනි අනොම ගංගා ...//
ළංවෙමින ගංතෙරට
ඉන් සැණින් පැන එපිට
හන් පිළී පසෙක ලා හංගා

සිත් නෙත් මහත් තදින
ගත් ගත් ගමන් බඳින
සත්වගට දුක් දෙවන තුංගා
සසර බිය නැති කරන
අදිටනින් හද පිරුණ
කුමරු තම අසුගෙ පිට නැංගා

කන්ථකට සන්කරන චන්න අතවැසි සමග
තිදෙන පත්වුනි අනොම ගංගා ...//
රන් කගින කෙස් කළඹ කපා අහසට දමා
සන්තොසින ගති පැවිදි අංගා

සිත් නෙත් මහත් තදින
ගත් ගත් ගමන් බඳින
සත්වගට දුක් දෙවන තුංගා
සසර බිය නැති කරන
අදිටනින් හද පිරුණ
කුමරු තම අසුගෙ පිට නැංගා ...//

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - පූජ්‍ය වැලමිටියාවේ ධම්මරක්ඛිත හිමි
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

අනෝමා“ ගුවන් විදුලි ගීත නාටකයෙනි.