Showing posts with label රෝහණ සිරිවර්ධන. Show all posts
Showing posts with label රෝහණ සිරිවර්ධන. Show all posts

Sunday, March 24, 2019

දෑසේ මල් විලේ



දෑසේ මල් විලේ
ආශා රොන් සැලේ
වෑහී ආදරේ
චේතනා නෙත් දැලේ

ආශා විල් තෙරේ
පායා රන් සඳේ
ඡායා පාවිලා
මේ සැඳෑ යාමයේ

දෑසේ මල් විලේ
ආශා රොන් සැලේ

සන්සුන් නදී තෙරේ
මේ මල් විමානයේ

සන්සුන් නදී තෙරේ
මේ මල් විමානයේ

ආරාධනාරැව්දෙනායාමයේ
ආදරෙන් ළං වෙමූ

දෑසේ මල් විලේ
ආශා රොන් සැලේ
වෑහී ආදරේ
චේතනා නෙත් දැලේ

දෑසේ මල් විලේ
ආශා රොන් සැලේ

නිල්වන් වලා තලේ
ඈතින් එහා ලොවේ

නිල්වන් වලා තලේ
ඈතින් එහා ලොවේ

ගී ගායනාවිසිරෙනාමේ රැයේ
ආදරෙන් හිනැහෙමූ

දෑසේ මල් විලේ
ආශා රොන් සැලේ
වෑහී ආදරේ
චේතනා නෙත් දැලේ

ආශා විල් තෙරේ
පායා රන් සඳේ
ඡායා පාවිලා
මේ සැඳෑ යාමයේ

දෑසේ මල් විලේ
ආශා රොන් සැලේ

ආහා හාහහා හා හා  හා.....  හාහහා.......
ආහා හාහහා හා හා  හා.....  හාහහා.......

ගායනය - රෝහණ සිරිවර්ධන සහ මාලිනී බුලත්සිංහල
පද - කුලරත්න ආරියවංශ
තනුව - සරත් ද අල්විස්