Showing posts with label විජේරත්න වරකාගොඩ. Show all posts
Showing posts with label විජේරත්න වරකාගොඩ. Show all posts

Monday, August 5, 2019

නාමල සේමයි පෙනුණේ



නාමල සේමයි පෙනුණේ
නාගෙන යනවද ළඳුනේ
රෑන කිතුල් සේ ම රුවට වරල උනාලා
වරල උනාලා ...//

දහසින් බැඳි මල් කොයින්ද
මට දේදුනු සළු කොයින්ද ...//
දෑත දෙපා වෙර වීරිය එමට තියෙනවා
එමට තියෙනවා

නාමල සේමයි පෙනුණේ
නාගෙන යනවද ළඳුනේ
රෑන කිතුල් සේ ම රුවට වරල උනාලා
වරල උනාලා ...//

වක්කලමින් ගලා බසින කලබල දිය රැල්ල වගේ //
වයස ගෙවෙනවා ළඳුනේ වයස ගෙවෙනවා
වයස ගෙවෙනවා

නාමල සේමයි පෙනුණේ
නාගෙන යනවද ළඳුනේ
රෑන කිතුල් සේ ම රුවට වරල උනාලා
වරල උනාලා ...//

ගායනය - විජේරත්න වරකාගොඩ
පද - ඩෝල්ටන් අල්විස්
තනුව හා සංගීතය - වික්ටර් දළුගම

සුර ලෝකෙන් පාවූ



සුර ලෝකෙන් පාවූ
තරු මල් වාගේ
සුරතල් වී නංගි මල්ලි එන්න මා වෙතේ
මේ පුංචි කාලේ
දෙව් ලෝකයයි
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

හැමටම කරමු ආදරේ
එතකොට කවුරුත් ආදරෙයි
පාඩමයි සාමයේ
අපි ඉන්න මේ ඩිංග කාලේ
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

සුර ලෝකෙන් පාවූ
තරු මල් වාගේ
සුරතල් වී නංගි මල්ලි එන්න මා වෙතේ
මේ පුංචි කාලේ
දෙව් ලෝකයයි
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

පියඹන කුරුලෝ එක්වෙලා
සමගිය මහිමේ පල කළා
ඒ වගේ සිත් බැඳීලා
සැනසෙන්න එක්වෙන්න ඔනේ
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

සුර ලෝකෙන් පාවූ
තරු මල් වාගේ
සුරතල් වී නංගි මල්ලි එන්න මා වෙතේ
මේ පුංචි කාලේ
දෙව් ලෝකයයි
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

ගායනය - විජේරත්න වරකාගොඩ
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව හා සංගීතය - වික්ටර් දළුගම

මිහිරි සිහිනයක දැවටුණු



මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි ...//

අඳුර මැදින්
ළසඳ ලෙසින්
ඔබ ආ හැටි මතකයි
කඳුළු මැදින්
සුසුම මැදින්
ඔබ ගිය හැටි මතකයි

මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි

වැසුණු විමන්
විවර වුණේ
ඔබ වෙනුවෙන් පමණයි
කැකුළු පිපී
පරව ගියා
සුවඳ අදත් මතකයි

මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි ...//

ඔබ මට මතකයි
ඔබ මට මතකයි ...///

ගායනය - විජේරත්න වරකාගොඩ
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව හා සංගීතය - වික්ටර් දළුගම


Wednesday, January 17, 2018

අන්දකාරෙන් දුරාතීතේ

අන්දකාරෙන් දුරාතීතේ
අන්දකාරෙට අනාගතයේ
රැගෙනයාමට කතා පුවතක්
අන්දකාරේ සිට කියන්නේ

බොහෝ දේ සිදුවූ අතීතේ
වැළලිලා ඇත අන්දකාරේ
පොළෝ පස් යට උනුන් කඳුලැලි
ලෙයත් දහදිය එකට මුසුවී

පොළෝ තලයෙන් වැසුනු බිජුවට
නැගී එන සේ දිනෙක පසුකල
අතීතේ සැඟවුණු කඳුළු බිඳු
ලෙයත් දහදිය මඳ සිනා රැළි


අන්දකාරෙන් දුරාතීතේ
නැගී යළි එක්වේය අප හා
අපේ කඳුළැලි ලෙයත් දහදිය
සමග මුසුවී ලෝ දහම සේ

අන්දකාරෙන් දහස් වසරෙක
මෝහයෙන් තව දහස් වසරෙක
මානයෙන් යළි පන්සියක් කල්
වසා සැඟවූමුත් කුවේණිය

අදත් ඇය අප දෙස බලන්නී
හෙටත් යළි අප දෙස බලන්නී
දුරාතීතේ අන්දකාරය
මැදින් සිට එබිකම් කරන්නී

සදා ඇය අප හා සිටින්නී
දොරින් දොර සැම තැන වෙසෙන්නී
එදා හෙළු කඳුළුත් රුහිරු බිඳු
සදා අප වෙනුවෙන් හෙළන්නී

සදාකාලෙම ලොව පහළ වූ
සදාකාලෙම ලොව පහළ වන
කුවේනියමයි එකම ගැහැණිය
එදා උපනත් අද උපන්නත්

ඇයයි දුක් පීඩා විඳින්නේ
ඇයයි වද හිංසා දරන්නේ
ඇයයි අවමානය ලබන්නේ
ඇයයි යකිනිය නම් ලබන්නේ

ගායනය - හෙන්රි ජයසේන සහ විජේරත්න වරකාගොඩ
පද - හෙන්රි ජයසේන
සංගීතය - එච්.එච්. බණ්ඩාර
හෙන්රි ජයසේනයන්ගේ කුවේණී වේදිකා නාට්‍යයෙනි.

Friday, March 20, 2015

මිහිරි සිහිනයක දැවටුණු

මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි ....//

අඳුර මැදින් ලසඳ ලෙසින්
ඔබ ආ හැටි මතකයි
කඳුළු මැදින් සුසුම් මැදින්
ඔබ ගිය හැටි මතකයි

මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි

වැසුණු විමන් විවර වුණේ
ඔබ වෙනුවෙන් පමණයි
කැකුළු පිපී පරව ගියා
සුවඳ අදත් මතකයි

මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි ...//

ඔබ මට මතකයි
ඔබ මට මතකයි
ඔබ මට මතකයි
ඔබ මට මතකයි

ගායනය - විජේරත්න වරකාගොඩ
පද රචනය - කේ.ඩී.‍කේ. ධර්මවරධන
තනුව - ? නොදනී
(මෑත කාලයේ ගැයූ ගීයක් අසන්නට සැලැස්වූයේ හොඳින් සංරක්ෂිත මුල් ගායනයක් සොයා ගැනීමට නොහැකි වූ නිසයි.)