Friday, March 20, 2015

මිහිරි සිහිනයක දැවටුණු

මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි ....//

අඳුර මැදින් ලසඳ ලෙසින්
ඔබ ආ හැටි මතකයි
කඳුළු මැදින් සුසුම් මැදින්
ඔබ ගිය හැටි මතකයි

මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි

වැසුණු විමන් විවර වුණේ
ඔබ වෙනුවෙන් පමණයි
කැකුළු පිපී පරව ගියා
සුවඳ අදත් මතකයි

මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි ...//

ඔබ මට මතකයි
ඔබ මට මතකයි
ඔබ මට මතකයි
ඔබ මට මතකයි

ගායනය - විජේරත්න වරකාගොඩ
පද රචනය - කේ.ඩී.‍කේ. ධර්මවරධන
තනුව - ? නොදනී
(මෑත කාලයේ ගැයූ ගීයක් අසන්නට සැලැස්වූයේ හොඳින් සංරක්ෂිත මුල් ගායනයක් සොයා ගැනීමට නොහැකි වූ නිසයි.)

No comments: