Friday, March 20, 2015

මඳ සීත නල රැල්ල

මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

ඔය බැල්ම දෙන කැළ්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැළ්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

සුදු සේල මිහිදුම් අහසින් නැඟී
නිල් ලෝකයේ එළිය නොපෙනී වෙලී ...//
මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
ඔබ මාගෙ ජීවේ සදා

ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැළ්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

මගෙ දෑත ඔබ ගන්න ඔය දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ ...//
ලොව මිහිර නරඹන්න මධු මිහිරි රස බොන්න
ඔබ මාගෙ ජීවේ සදා

මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

ඔය බැල්ම දෙන කැළ්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැළ්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

ගායනය - රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - මානෙල් පෙරේරා
සංගීතය - ආර්. මුත්තුසාමි
වහල් දූපත චිත්‍රපටියේ එන ගීයකි.
මෙහි මුල් ගායනය සරත් සන්දනායක සහ දයා හේමන්තා අබේසේකර ගෙනි.
.
මුල් ගීයත් අහන්න..

No comments: