Showing posts with label බටුවිට මුණිදාස. Show all posts
Showing posts with label බටුවිට මුණිදාස. Show all posts

Wednesday, November 16, 2022

කාලෙට වැහි වැහැලා

කාලෙට වැහි වැහැලා - ඉතිරී
යයි ඇළ දොළ ගංගා ...//

මහ වැව් අමුණු පිරී - ඉහළට
නිල් දිය දද නංවා
සිංහල අපගේ ලංකා පොළවේ
ගොවි ජය දද නංවා

කාලෙට වැහි වැහැලා - ඉතිරී
යයි ඇළ දොළ ගංගා ...//

වන පෙත් හෙළි වී බිහිවෙන ගොවිපළ
පණ ලැබ හිනැහෙන්නා
රන්වන් කරලින් බරවුණ ඇල් කෙත
ගොවි සිත සනසන්නා

උදළු නගුලු ගෙන ගොවියා උදයේ
කුඹුර දෙසට යන්නා
ගොවි ජන ගීයෙන් සිංහල දීපෙට
කිරි පැණි ඉතිරෙන්නා

කාලෙට වැහි වැහැලා - ඉතිරී
යයි ඇළ දොළ ගංගා ...//

මහ වැව් අමුණු පිරී - ඉහළට
නිල් දිය දද නංවා
සිංහල අපගේ ලංකා පොළවේ
ගොවි ජය දද නංවා

කාලෙට වැහි වැහැලා - ඉතිරී
යයි ඇළ දොළ ගංගා ...//

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - බටුවිට මුණිදාස
තනුව - දයාරත්න රණතුංග