Showing posts with label රවීන් කනිෂ්ක. Show all posts
Showing posts with label රවීන් කනිෂ්ක. Show all posts

Friday, September 20, 2019

සඳ නිදන්න

හ්ම්.. හ්ම්....
ම්.. ම්. ම්...
හා හා..
ම්.. ම්.. ම්.. ම්...

සඳ නිදන්න
ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න
සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න
ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න
සඳ නිදන්න

සඳ සීත ගෙන එන්නෙ ආදරේ
දඟකාර නිල් දෑස මානයේ
ගුලිවෙන්න රතු රෝස හීනයේ
ළඟ ඉන්න තුරුලේම මා ළයේ

අඩවන් දෑස කීවේ
ජීවිතේ අරුතමයි සුන්දරයි මැණික මාගේ

සඳ නිදන්න
ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න

සමනලිය තටු සලන යාමයේ
මල් සුවඳ මකරන්ද මාරුතේ
දෙතොලතර සුසුමින් ද මේ රැයේ
නිල් මල් විලෙන් හීන වෑහුණේ

මුසපත් සේද යහනේ
උණුහුමින් හිත නිවයි පින්සරයි මැණික මාගේ

සඳ නිදන්න
ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න
සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න
ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න

සඳ නිදන්න
ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න
සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න
ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න
සඳ නිදන්න

ගායනය - රවීන් කනිෂ්ක
පද - ගිහාන් රොද්‍රිගෝ
තනුව හා සංගීතය - රංජිත් ප්‍රේමවීර


Sanda Nidanna _ Raveen Kanishka

චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.