Showing posts with label ජැක්සන් ඇන්තනී. Show all posts
Showing posts with label ජැක්සන් ඇන්තනී. Show all posts

Thursday, April 18, 2019

ලන්දේ උකුළ උඩ



ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා...//

නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්
නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්

රත්තරන් පාට කමතට ඉහළින්
රත්තරන් පාට කමතට ඉහළින්
කන්ද උඩින් එන ගෝමරියේ
දැන් ගමට වරෙන්
දැන් ගමට වරෙන්

ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා

පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියො ඇවිත් නවතා සක්මන්

පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියො ඇවිත් නවතා සක්මන්

‌තෙල් දැමුව දොලොස්මහ පහන් වැටෙන්
‌තෙල් දැමුව දොලොස්මහ පහන් වැටෙන්
ගම රට එනවද පාන්දරින්
රන් එළිය අරන්
රන් එළිය අරන්

ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා ...//

ගායනය - ජැක්සන් ඇන්තනී සහ  කුමාරි මුණසිංහ
පද-රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - සංගීත් වික්‍රමසිංහ

Wednesday, January 17, 2018

ස්වර්ණපාලියේ

දොරමඬලේ ගිණි වැදුණේ
තුන් හිතේ ගින්දරයි දෙයියෝ

සංසාරෙ දුර ආවෙ තනියෙන්ද මා
ඒ පාර සරසන්න මල් පිපුණෙ නෑ
වස්සානෙ ගිම්හානෙ උන්නේද මා
ඒ වෙනස මට දැණුනෙ නෑ
කාලයේ බින්දු වේලාවේ
පාළුවේ අන්ධ මායාවේ
ආදරේ උරුමයද මම හෙව්වෙ ස්වර්ණපාලියේ
වංශයේ ධීර ධාරාවේ
අන්ථයේ ඈත සේයාවේ
ආදරයේ උරුමයද මට දුන්නු ස්වර්ණපාලියේ

(අබර දබර හතර වටේ ...///////)

ළැම ගින්න හිත පල්ලෙ ඇවිලී ගියා
පොද වැස්ස සංසාරෙ ගිණි නිව්වෙ නෑ
රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා
මං ගාව ඔබ උන්නෙ නෑ

කාලයේ බින්දු වේලාවේ
පාළුවේ අන්ධ මායාවේ
ආදරේ උරුමයද මම හෙව්වෙ ස්වර්ණපාලියේ
වංශයේ ධීර ධාරාවේ
අන්ථයේ ඈත සේයාවේ
ආදරයේ උරුමයද මට දුන්නු ස්වර්ණපාලියේ

දොරමඬලාවට යන්න
පියාඹාගෙන එන්න
සැරිසරන්න පඬු අබා කතා වස්තුව
මුල සිට අගට මෙන්න
භද්‍රකච්ඡායනා කුමරි පඬුවස්නුවර
රජ මෙහෙසිකාවී වදපු කුමරුන් දස දෙනෙකි
එකළොස්වන චිත්‍රාදේවී
එක්ටැම් ගේක දීඝගාමිණීට දාව උපදින
කුමරු මැරුමට මාමාවරුන් පැමිණ වැදුම් ගෙට බලන කළ කුමරියකි චිත්‍රා ළඟ කුමරු නොව
කුමාරයෙක් ලැබුණොත් චිත්‍රාවට
මාරක අපලයි මාමාවරු දස දෙන හට
දසසේන පිරිවරාගෙන පැමිණ මරපු
පුංචි කොලු පැටව් දිය කෙළින
කුමරු ගස් බෙනයක සැඟව නරඹ
නිහඬව හඬමින් මිතුරු ලෙය දෑතට ගෙන සිතමින්
මව්බිම මම සුරකිමි
මව්බිමේ උරුමයට කැප වෙමි
සුරකින අසිපත දරාගෙන අදිටන ගෙන ගියේ
සිහනද පතුරවමින් හෙළ ජය ගනිමින්


අසිපතේ තැවරුණේ ප්‍රේමයයි
උන්මාදිනියේ මා ළයේ
වැගිරුණේ ස්නේහයයි

දොරමඬල ගිනිබත් වී
එගිණි කඳ හදපත්වී
ආදරේ උරුමයද මට දුන්නු ස්වර්ණපාලියේ

ස්වර්ණපාලියේ .....

ස්වර්ණපාලියේ
ස්වර්ණපාලියේ
(ආ... ආ ආ.. ආ ආඅආ...)

(අබර දබේ..)
(හතර වටේ..)

ආදරේ උරුමයද මට දුන්නු ස්වර්ණපාලියේ

ගායනය - සජිත අනුත්තර
පද - ජැක්සන් ඇන්තනී
සංගීතය හා තනුව - සනුක වික්‍රමසිංහ
(රැප් ඇමුණුම)

Friday, December 30, 2016

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //

මා‍ළු න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
යා‍ළු න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා ...//

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //

පණ දෙන්නට කියා ඇවිත් හුස්ම ඩිංග හිර කරතී
වළකින් ගොඩලන්න කියා ගල් ගෙඩියක් දමා යතී

හවුලට ඇවිදින් ළංවී රැවුලට ගිණි තියා යතී
උණු හින්ඳා බොන්න බැරී කිරි හින්ඳා හලණු බැරී

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //

ඉස්සරහින් යන්න එපා පිටිපස්සෙන් ඇවිත් අනී
පිටිපස්සෙන් යන්න එපා බොරු වළකට දමා පනී

අත්වැල් බැඳ යන්න එපා විපතක් දුටු මතින් පනී
ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයියො දනී කුමක් වැනී

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //
මා‍ළු න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
යා‍ළු න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා ...//

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //

ගායනය - ජැක්සන් ඇන්තනී
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය - විශාරද ගුණදාස කපුගේ
තාරාවෝ ඉගිලෙති නාට්‍ය යේ ගීයකි.