Showing posts with label ලලිතා කුමාරි. Show all posts
Showing posts with label ලලිතා කුමාරි. Show all posts

Thursday, November 19, 2020

මගෙ ආදර ප්‍රීති පැලෑටිය

මගෙ ආදර ප්‍රීති පැලෑටිය නෑවේ
ප්‍රේමේ සඳපානේ

මගෙ ආදර ප්‍රීති පැලෑටිය නෑවේ (ආ... ආආආ ආ... .....
ප්‍රේමේ සඳපානේ

ඒ දිස්නේ කාන්ති කඩා හැළෙ ප්‍රේමිගෙ
මුහුණේ ළපටි මුහුණේ

නොපිරෙති සාගර ජලේනි ලෝකේ
එ ලෙස වේ අප ප්‍රේමේ

නොපිරෙති සාගර ජලේනි ලෝකේ (ආ... ආ... අඅඅ ආ...
එ ලෙස වේ අප ප්‍රේමේ (ආ... ආ... අඅඅ ආ...

නාමු ගිලීලා ප්‍රේම ජලාසේ
ස්ථිර ආලේ දිණුවේ ඔබගේ
දිළිඳු නූගත් ප්‍රේමා
සඳේ ඇන්ද සා ලප සේමා

අපගෙ ජීවිත ගැඹුරු මුහුදේ //
පදිමු ප්‍රේමේ යාත්‍රා යාත්‍රා
පදිමු ප්‍රේමේ යාත්‍රා
ප්‍රේමේ සඳපානේ

අකුණු වරුශා ගල් කඳු හමුවේ
අඳුරු සුළඟේ යාත්‍රා
යාවිදෝ ගිලී සාගරයේ

රුවලකී අප සාදර ප්‍රේමේ
නාවිකෙක් ඉන් නොගිලේ
වැලිතල සේ සුන්දර වෙරළේ

අමරණීය විනෝද විනෝදේ
විඳිමු ලෞකික ප්‍රේමේ
ප්‍රේම සඳපානේ
මගෙ ආදර ප්‍රීති පැලෑටිය නෑවේ
ප්‍රේමේ සඳපානේ

ගායනය - ලලිතා කුමාරි සමග ක්‍රිස්ටි ද මෙල්
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව - කමල් දාස් ගුප්ත
සංගීතය - සංගීත අධ්‍යක්ෂණය – සී. එන්. පාණ්ඩුරංගන් / බී. ඇස්. පෙරේරා

1948 දී තිරගතවූ "වැරදුණු කුරුමාණම" චිත්‍රපටියේ ගීයකි.

මේ ගීයට තනුව උපුටා ගත්තේ කමල් දාස් ගුප්ත සහ ජුතිකා රෝයි ගැයූ "Meri Prem Ki Naiya" යන ගීයෙනි.



කමල් දාස් ගුප්ත සහ ජුතිකා රෝයි ගැයූ ගීය