Showing posts with label සසංගී දිසානායක. Show all posts
Showing posts with label සසංගී දිසානායක. Show all posts

Tuesday, January 22, 2019

මේ මුදු ගහ කොළ


මේ මුදු ගහ කොළ
මේ නිල් ඇළ දොළ
කඳු යායම හැරදා
ආයෙත් දුරු රට යන්නට වෙනවා
නිවාඩුවට අත්තටු ලැබිලා

ඉර හිනැහෙන විට
සඳ පායන කොට
මගේ රටේ තුරු වියන මැදින්
කොතරම් ලස්සණද මගේ ගම් දොර
නිවාඩුවට නෑ තේරෙන්නේ

මේ මුදු ගහ කොළ
මේ නිල් ඇළ දොළ
කඳු යායම හැරදා
ආයෙත් දුරු රට යන්නට වෙනවා
නිවාඩුවට අත්තටු ලැබිලා

අත්තම්මාගේ රස බත් කටකට
නිදියන තුරු රස පුංචි කතන්දර
කොතරම් දුක් වෙනවද මගෙ පොඩි හිත
නිවාඩුවට නෑ තේරෙන්නේ

මේ මුදු ගහ කොළ
මේ නිල් ඇළ දොළ
කඳු යායම හැරදා
ආයෙත් දුරු රට යන්නට වෙනවා
නිවාඩුවට අත්තටු ලැබිලා

ගායනය - සසංගී දිසානායක,
පද රචනය - සමන් වෙලගෙදර
තනුව - සමන්ත පෙරේරා